Wednesday, December 28, 2016

Posted by Admin |
එක්තරා ගැබ්බර වූ මුව දෙනක් තම පැටියා බිහි කරන්න විශාල ගඟක් අසල උන කැලෑවක් තෝරගත්තා.

පැටියා බිහිවෙන්න ආසන්න බව දැනුන මුවදෙන වේදනාව දරාගෙන කැලෑව ඇතුලට යන්න හදනකොට හදිසියෙම අහස කලු කරලා අකුණක් ගහලා කැලෑවෙ ගින්නක් ඇවිලෙනවා.

මුවදෙන වම් පැත්තට යනන් හදනකොට දකිනවා දඩයක්කාරයෙක් ඊතලයක් මානගෙන ඉන්නවා

දකුණු පැත්තට හැරිලා දුවන්න හදද්දි දකිනවා සිංහයෙක් තමාගේ දිහා බලාගෙන ඉන්නවා.

එක පැතත්ක ගිනි ගන්න කැලෑව අනික් පැත්තෙන් විශාල ගඟ වමින් දඩයක්කාරයෙක් දකුණින් බඩගිනි උන සිංහයෙක්



මුවදෙනට මොනවා වෙයි ද?
පැටියා බිහි කරයි ද?
පැටියා බේරෙයි ද?
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මුවදෙන කිසිවක් කරන්නේ නෑ තමන්ගේ දරුවා බිහි කිරීමට පමණක් අවධානය යොමු කරනවා.

කලු කරපු අහසින් මහ වැස්සක් ඇද වැටෙනවා දඩයක්කාරයගෙ ඇස් බොඳ වෙනවා ඊතලය වැරදිලා සිංහයට වදිනවා කැලෑ   වේ ගින්න වැස්සට නිමෙනවා. මුව දෙන සාර්තකව පැටියා බිහි කරනවා.

ජීවිතේ සමහර අවස්තා එනවා ගැලවෙන්න කිසිම ඉඩක් නොපෙනෙන ඒත් ඒ වෙලාවට ඉවසන්න කාලයට ඉඩ දෙන්න ඔබනොසිතු විදිහට අතිශය සතුටුදායක අවසානයක් ඔබේ කතාවටත් ලැබේවි.

1 comment: