Saturday, October 5, 2013

Posted by Unknown |
අපි ඉන්නෙ අත හෙල්ලුවොත් කට හොල්ලන්න පුලුවන් ආර්ථික රටාවක. කාටවත් නිකන් උඩ බලාගෙන ඉන්න බැහැ. ඒ උනත් හදිස්සියෙ අත හොල්ලන්න බැරි තත්වයක් උදා උනොත්, එතකොට කාගෙන් හෝ යැපෙන්න සිද්ධ වෙනවා. ඔබෙන් මෙතෙක් යැපුන බිරිඳට දරුවන්ටත් කාගෙන් හෝ යැපෙන්න වෙනවා. සමහරවිට ඒ ඔබගේ ඥාතියෙක් විය හැකියි. නමුත් හිතලා බලන්න ඥාතියෙක්ගෙන් හැමදාමත් යැපෙන්න පුලුවන්ද? ඥාතීත් හැමදාම එක වගේ සලකයි ද?

මේකට හොඳම විසඳුම තමයි අත හොල්ලන්න පුලුවන් කාලේ හොඳ ඉතිරියක් කරලා තියන එක. බුදු රජානත් වහන්සේ පවා දේශනා කරලා තියෙනවා තරුණකාලයේ ධනය රැස් නොකලවුන් වයස් ගත වූ විට තැවෙමින් ජීවත් වෙනවා කියලා. ඔබ තරුණ කාලයේ ඉතිරි කළාය කියමු ඒත් ඔබ ඉතිරි කරන්න අවුරුදු 35දී පටන්ගත්තට හදිසියේ අවුරුදු 36 දී කරදරයක් උනොත් ඉදිරි ජීවිත කාලයට ඒ වසරක ඉතිරිය ප්‍රමාණවත් නැහැ. ඒ වගේම ඉතිරි කලාට සමහරවිට වෙනත් මූල්‍ය අවශ්‍යයතා මතු වෙනකොට ඔබ ඒ මුදල ගන්න පෙළඹෙනවා.

ඔය සියල්ලටම විසඳුමක් ලෙස ජීවිත රක්ෂණයක් හඳුන්වන්න පුලුවන්. ඔබ ඉතිරි කරන මුල්ම දිනයේ සිටම ඔබේ රක්ෂණයට අදාල සම්පූර්ණ මුදලින්ම ඔබව ආරක්ෂිත වෙනවා. ඔබේ වෙනත් මූල්‍ය අවශ්‍යයතා මතු උනත් රක්ෂණ මුදල් ලබාගැනීමේ හැකියාවක් නැති නිසා එය අනිවාර්යෙන්ම ඉතිරි වෙනවා. ඔබ මිය ගියොත් හෝ සදාකාලික අකර්මන්‍ය තත්වයකට පත් උනොත් හෝ වෙනත් රෝගී තත්ව වලදී ඔබට හා ඔබෙන් යැපෙන්නන්ට මුළු රක්ෂණ වටිනාකම හෝ වියදම් ආවරණයක් ලැබෙනවා. රක්ෂිත කාලය අවසාන‍ වන තුරු ඔබට එසේ රක්ෂිත මුදල ගැනීමේ අවශ්‍යයතාවයක් මතු නොවුනහොත් ඔබට එම කාලය අවසානයේ ඔබ ගෙවූ මුදල් නැවත ප්‍රසාද දීමනා ද සහිතව ලබාගන්න පුලුවන්. ඔබේ ජීවිතයේ විශ්‍රාම අවධියට ඒ මුදල සැබැවින්ම හොඳ ශක්තියක් වේවි.


ඔබ නැතත් එතෙක් ඔබෙන් යැපුන ජීවත් වන්නන් ගැන සිතන්න!



3 comments:

  1. ගොඩක් රටවල් වල ඉන්ශුවරන්ස් අනිවාර්යයි ඒ මිනිස්සුන්ට වැදගත් හින්දයි එහෙම කරලා තියෙන්නෙ ඔය කොච්චර කිවුවත් ඉන්ශුවරන්ස් ගැන මි‍‍නිස්සුන්ගෙ තියෙන්නෙ හොඳ ආකල්පයක් නෙමෙයි

    ReplyDelete
    Replies
    1. :) ඇත්ත රක්ෂණ උපදේශකවරු ගෙයින් ගෙට යන සේල්ස්මන්ලා ගානයි හිතන්නෙ

      Delete
  2. හෑ උඹත් ආර්පිකෝ ඉන්ෂුවරන්ස් එකේද? ;)

    ReplyDelete