Monday, September 9, 2013

Posted by Unknown |


බොහෝ දෙනෙක්ගෙ මුවින් මේ දවස් වල පිට වෙන දෙයක් තමයි ජීවත් වෙන්න හරි අමාරුයි කියන එක. ඇත්ත බඩු මිල ගොඩක් ඉහල ගිහින්. එක්කෙනෙක්ට රැකියාවක් කරලා පවුලක් නඩත්තු කරන්න බැහැ. බොහෝ විට විවාහක නම් දෙන්නාටම රැකියා කරන්න වෙලා. ඉස්සර නම් කියන්නෙ ගෑණු ළමයි නම් ඉගෙන ගත්තෙ නැතත් කමක් නෑ කාට හරි දෙන්න පුලුවන්නෙ කියලා. ඒ නිසා ඒ කාලේ බො‍හෝ විට කාන්තාවන් රැකියාවක යෙදුනා අඩුයි. යෙදුනත් ඒ ගුරු වෘත්තියේ.

කාලයත් එක්ක ඇති උන ආර්ථීක අපහසුතා නිසා පවුලේ දෙදෙනාම රැකියාවක් කිරීමේ අවශ්‍යයතාවය මතු වෙනවා. අන්න ඒ නිසා අද පිරිමින් හා උරෙන් උර ගැටිලා අධ්‍යාපනය ලබලා රැකියා වෙළඳපොළට තරඟ කරනවා. අද රැකියා වෙළඳපොළ තරඟකාරී වෙලා. ඒ කාලෙ ගෙවල් වලට වෙලා අස්සයා පිට කුමාරයෙක් එනකල් බලන් හිටපු අය අද රැකියා පෝලිම් වල ඉන්නවා.

වතුරේ හරි පැත්තට පාවෙලා යන බෝට්ටුවක ඉන්න අය හබල් ගහන්න උනන්දු වෙන්නෙ නෑ. හැබැයි වැරදි පැත්තට ගහගෙන යනවා කියලා දැනුනම තමයි කට්ටියට හබල් මතක් වෙන්නෙ. ගෙදර තාත්තගෙ වැටුප හොඳටම ප්‍රමාණවත් නම් කීයට වත් අම්මා රස්සාවකට යන්නෙත් නෑ ළමයි රස්සාවකට උනන්දු වෙන්නෙත් නෑ. අන්න ඒ වගේ ආර්ථික අපහසුතා ඇති නොවුනා නම් රටේ සේවා නියුක්තිය ඉහල නංවන්න බැහැ. ඇති උන ආර්ථික අපහසුතා නොවෙන්න අද විදේශ රැකියා වලින් ලැබෙන ආදායමත් (රටේ ලොකුම තනි ආදායම) ඉතාමත් අඩු වෙන්න තිබුණා.

1 comment:

  1. //ගෙදර තාත්තගෙ වැටුප හොඳටම ප්‍රමාණවත් නම් කීයට වත් අම්මා රස්සාවකට යන්නෙත් නෑ ළමයි රස්සාවකට උනන්දු වෙන්නෙත් නෑ. අන්න ඒ වගේ ආර්ථික අපහසුතා ඇති නොවුනා නම් රටේ සේවා නියුක්තිය ඉහල නංවන්න බැහැ.//

    සම්පූර්ණයෙන්ම එකගයි. ආර්ථික තත්වය පහල තියෙන පවුලක් අනිවාර්යෙන් පවුලම එකතු වෙලා ගොඩයන්න බලන්නේ, තාත්තගෙන් කකා බබී ඉන්න තරම් වත්කමක් නැති නිසා.

    ReplyDelete