Friday, August 23, 2013

Posted by Unknown | File under :


"ඔයාගේ ඇහි පිහාටුවෙ මොනාද තියෙනවා
ඉන්න මම අයින් කරන්නම්..."

‍"කෝ ඉන්නකො ඉතින් දඟලන්නෙ නැතුව"

*උණුසුම් හාදුවක්*

"ඔය ඉතින් ඕකනෙ බොරු කියලා ළඟට එනකොට මම හිතුව"

"පොඩ්ඩි නංගි ඔයා මගේමයි ‍නේද?"

"ඔවු පහන් අයියෙ මම ඔයාගෙම විතරයි"

*පපුවට තුරුල්ව හිඳී*

"නැගිටිනවා ළමයො දැන් වෙලාව කීයද ?
පස්සපැත්තට එළිය වැටෙනකල් හොඳට නිදි"

අයියෝ හීනයක්ද දැක්කෙ :(

කමක් නෑ හීනෙකින් හරි ළඟට ආවනෙ...

ආදරයක් අහිමි උනාම ඒ දුක දරාගන්න ගොඩක්ම අමාරු වෙන්නෙ ඒ ආදරේ කවදාවත් නැති නො‍වේවී කියලා හිතාගෙන ආදරේ කරපු කෙනාට. මොනවා කරන්නද "අවාසනාවට ඇත්ත කතාවක්" මාත් ඒ වගේ ආදරේ කලානෙ. ගෑණූ ළමයි රවට්ටනවා කියලා කියන ‍ගොඩක් පිරිමි ළමයි පලවෙනි ආදරේ එක හිතින්ම කරපු අය. ඒ අයට ඒ ආදරේ නැති උනාම ආයෙ එක හිතින් ආදරේ කරන්න බෑ. කවදාවත්ම. පුංචි හරි අඩුවක් වෙනසක් තියෙනවා.

ගොඩක් වෙලාවට ප්‍රථම ප්‍රේමය වෙන්නෙ පාසල් ප්‍රේමයක්නෙ. ඉතින් පාසල් කාලෙ ගෙදරින් යැපීගෙන කිසිම බරක් නැතුව ආදරේ කරනවා. හැබැයි පාසල් ජිවිතයෙන් පස්සෙ පටන් ගන්නවා අවුරුදු 3 ඉඳන් 6ක් විතර වෙන සංක්‍රාන්ති සමය. උසස් අධ්‍යාපන කාලය, රැකියා මාරුවෙමින් ස්ථාවර වෙන්න හදන කාලය. ඒ කාලෙ ජීවිත වල ලොකූ උස් පහත් වීම් වෙනවා. එහෙම උස්පහත්වීම් වෙලා තමයි ඊළඟට ජීවිතය ස්ථාවර වෙන්නෙ. ඔහේ ගලාගෙන ආපු පාසල් ජීවිතෙන් පස්සෙ එන සංක්‍රාන්ති සමය ගැන අව‍බෝධයෙන් නොහිටියොත් ඒ උස් පහත් වීම් දරාගන්න බැරුව බොහෝ ආදර කතා අවසන් වෙනවා.

කවුරු කොහොම කිවුවත් බොහෝ විට ප්‍රථම ප්‍රේමය තරම් විවාහයට සුදුසු තවත් සහකාරයෙක් ජීවිතේ හමු වෙන්නෙ නැහැ. සහකරු සමඟ සාපේක්ෂව වඩා හොඳ භෞතික සම්පත් ලැබේවී හැබැයි මානුෂීය  සබඳතාවක් විදිහට ප්‍රථම ප්‍රේමය තරම් මිනිස් හදවතේ කිඳා බහින සබඳතාවයක් නැවත ඇති වෙන්නෙ නැහැ.


3 comments:

  1. මේ අන්තිමට කියලා තියෙන එකට මම නම් එකඟ නෑ.ප්‍රථම ප්‍රේමයට වඩා සුදුසු අය මුණගැහෙන අවස්ථා ඕනි තරම් තියෙනව.

    ReplyDelete
    Replies
    1. සුදුසු කම් නිසාම ද ආදරයක් ඇති වෙන්නෙ :)
      ප්‍රථම ප්‍රේමයට වඩා සුදුසුකම් ගොඩක් වැඩි අය ඕනා තරම් ලැ‍බේවී ඒත් හදවතින්ම කල ප්‍රථම ප්‍රේමයට පසු එන කිසිම සබඳතාවයක් ප්‍රථම ප්‍රේමය තරමට හදවතේ කිඳා බහින්නෙ නෑ

      Delete
  2. ප්‍රථම ප්‍රේමයෙදි ගොඩක් දේවල් සොයා බැලීමකින් තොරවනේ ඇරඹෙන්නේ, එහෙම සොය සොයා කරන්න පුළුවන් දේකුත් නෙමෙයි ප්‍රථම ප්‍රේමය කියන්නේ. හැබැයි උපරිම විදියට හදවතට දැනෙන එකම ප්‍රේමයනම් එක බව ඇත්ත. ගොඩාක් වෙලාවට ප්‍රථම ප්‍රේමය බිඳවැටුනට පස්සේ අපිට හමුවෙන කෙනා ගොඩාක් පැතිවලින් පළමු කෙනාට වඩා හැම අතින්ම හොදයි වගේ (වගේ නෙමෙයි තමයි) වුනත් අර තරමටනම් හදවතට දැනෙන්නේ නැහැ ඉතින්. හැබැයි එහෙමයි කියල අපි ඒක ඒ කෙනාට දැනෙන්න ඉඩතියන්නෙත් නැහැ. එත් අපේ හිත දන්නවා ඇත්ත. දෙවෙනි ප්‍රේමය පළමු එකට වඩා ගොඩාක් ස්ථායි බවකින් ගෙනියන්න පුළුවන් වෙන්නේ අරතරමට අපි හැඟීම් වලින් හෙලවෙන්නේ නැති නිසයි. හැබැයි ප්‍රශ්නෙකදී පළමු කෙනා ඉදිරියේ උණු වුනු තරමටම සංවේදී වෙන්නේ නැහැ අපි දෙවෙනි කෙනා ඉදිරියේදී. එත් දෙවෙනි කෙනාට ඒ බව දැනෙන්නේ නැහැ මොකද පළමු කෙනා එක්ක අපි හිටිය විදිය එයා දන්නේ නැති නිසා. පළමු ප්‍රේමයනම් ඉතින් වාසනාව තියෙන්න ඕනි හරියන්න. එනිසාම ඒක හරිගියේ නැත්නම් හෝ හරියාගෙන ඇවිත් බිඳුනනම් ගෑනුන්ගෙන්නම් පලිගන්න හිතන්නවත් එපා. වටේ අය කියයි. එත් එපා. මාස ගානක් හරි කමක් නැහැ බොක්කෙන්ම දුක් වෙන්න පොරත්වය පැත්තකට දාල. කවුරු කරන්න එපා කිව්වත් මැරෙන්නම ඔනිමනම් අනිවා කියා කියා ඉන්නේ නැතුව මැරෙන්න යන්න, වහසි බස් දොඩලා මැරෙන්න යන අය මැරෙනවා අඩු බව සමාජේ දන්නා නිසයි. එනිසා සද්ද නැතුව මැරෙන්න ගිහින් හිතන්න අද බැහැ අද හරි නැහැ ඒ වැඩේට, එක්කෝ මෙතන හරි නැහැ ඒ වැඩේට, එනිසා ඔන්න ඔහේ හෙටම එනවා මැරෙන්න කියල. එක්කෝ තව පොඩ්ඩක් බලලම ඔන්න ඔහේ එනවා කියල කොහොමහරි කල් දම දමා යන්න. කාලය යවාගන්න කරන්න පුළුවන් හැමදේම කරන්න.. එවෙලාවේ සියදිවි නසාගත්තේ නැති එක ගැන පස්සේ ජිවිතේ ගැන අවබෝධය එද්දී තමන්ට තමන් ගැනම සතුටු හිතෙනවා සත්තයි..අම්මෝ ඇති ඇති මේ කමෙන්ට් එකක් ගිය දුරක්. ලොල්..

    ReplyDelete