Tuesday, May 21, 2013



"පුතේ හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරන්න"
"හොඳට ඉගෙනගෙන ඉන්ජිනේරුවෙක් දොස්තර කෙනෙක් වෙන්න"

අපේ අම්මලා වැඩිහිටියෝ අති බහුතරයක් දෙන අවවාදයක්. හැබැයි මොන අම්මද වැඩිහිටිය ද කියන්නෙ පුතේ ඔයා ලොකු වෙලා අලුත් දෙයක් කරන්න. අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න. මිනිස්සුන්ට අවශ්‍යය වේවි කියලා හිතෙන දෙයක් අලුතෙන් හදන්න කියලා? පුංචි කාලේ ඉඳලම දරුවන්ගෙ ඔලුගෙඩි පුරවන්නෙ ඉගෙනගනින් අනුන් මත යැපියන් කියන පරාධීන ආකල්පයක්. කවදාවත් ඒ තුල තමන් විසින් යමක් කරන ස්වාධීන මිනිස්සු හදන්න බැහැ.

හොඳට ඉගෙනගෙන ඉන්ජිනේරුවො වෙනවා, දොස්තරලා වෙනවා, බැංකු නිලධාරීන් වෙනවා, ලොකු ලොකු රස්සාවල් කරනවා වගේම ලොකු පඩියකුත් ගන්නවා. හැබැයි හොඳට හිතලා බැලුවොත් පෞද්ගලික අංශයේ ලොකු ලොකු රස්සාවල් කරන අය වැඩ කරන්නෙ වර්ථමානයේ ක්‍රියාත්මක රටට නොගැලපෙන අධ්‍යාපන ක්‍රමයෙන් අසාර්ථක උන ආයතන හිමිකරුවන් යටතේයි. රටේ ආර්ථිකය රඳා පවතින්නේ ඔය ඉහතින් කියන හොඳට ඉගෙනගෙන හොඳ රස්සා කරන අය මත නෙමෙයි. කෙටියෙන්ම කියනවා නම් ඔබ කරන ලොකු රස්සාවේ වැටුප මේ මාසයේ ලැබෙනවාද ඔබේ රස්සාව ස්තීර ද යන්න තීරණය වෙන්නෙ ඉහතින් කියපු අධ්‍යාපන ක්‍රමයෙන් පිලි ‍නොගන්නා ලද ව්‍යාපාර හිමිකරුවකුගේ තීරණය මතයි.

ආට් ඩිග්‍රි එකක් අතේ තියාගෙන පාරවල් ගානෙ උද්ගොෂණ කරලා ආණ්ඩුවෙ රස්සාවක් බලහත්කාරයෙන්  ලබාගෙන ඉන්න ඔබ සත්‍ය වශයෙන්ම රටට බරක්. ඔබට පුංචි කාලේ ඉඳලම වියදම් කලේ රජය. ඔබ උපාධිය ගන්නෙත් රජයේ මුදලින්. හැමදේම රජයෙන් කරගෙන බලහත්කාරයෙන් රජයෙන්ම රැකියාවක් ලබාගන්නා ඔබ ඉහත තත්වයට පත් වෙන්නෙ ඔබේ ස්වකීය වැරදි හේතුවෙන්මයි.

ව්‍යාපාරිකයෙක් යන්නේ නිතැතින් ම අවධානම් දැරීම ඇතුලත් වෙලා තියෙනවා. අවධානම් දැරීමෙන් තොරව කිසිදු සාර්ථක යමක් බිහි වෙන්නෙ නැහැ. ඔබ තවත් එක් රජයේ සේවකයෙක් වෙනවද ‍එහෙමත් නැත්තන් ස්වකීය උත්සාහයෙන් ව්‍යාපාර අවස්ථාවක් හඳුනාගෙන ඒ සඳහා වෙහෙස වී වැඩ කරලා තමන්ගේ අනාගතය සුභදායක කරගන්නවා ද කියන තීරණය ඔබ සතුයි.

අවසානයේ ඔබම හිතන්න ලොකු රස්සාව ද හොඳ දිනෙක ලොකු රස්සාවල් සිය ගණනක් බිහි කළ හැකි පොඩි බිස්නස් එක ද හොඳ කියලා. ලංකාව දියුණු නොවෙන්න ප්‍රභලතම හේතුවක් තමයි අපේ මුල් බැසගත්  පරාධීන චින්තනය. රට දියුණු වෙන්න නම් මුලින්ම චින්තන විප්ලවයක් ගොඩනගමු.


6 comments:

  1. එලම පොස්ට් එකක්... හරියටම හරි ....

    ReplyDelete
  2. සත්‍යවශයෙන්ම. මේන්න මේ පරාධීන ආකල්පය තුල දරුවන් අවධානමක් දැරීමට බිය කිරීම, තැති ගැන්වීම තුල අලුත් යමක් බිහිවන්නට අලුත් ව්‍යාපාරිකයෙක් බිහිවන්නට තියන ඉඩ කඩ වහල දාල තියනවා... අපි මෙය වෙනස් කල යුතුයි. රටට බරක් නොවී රටට වැඩදායී අයකු විය යුතුයි!!

    ඔබේ අදහස ඉතාම වටිනවා!

    ReplyDelete
  3. සත්‍යවශයෙන්ම. මේන්න මේ පරාධීන ආකල්පය තුල දරුවන් අවධානමක් දැරීමට බිය කිරීම, තැති ගැන්වීම තුල අලුත් යමක් බිහිවන්නට අලුත් ව්‍යාපාරිකයෙක් බිහිවන්නට තියන ඉඩ කඩ වහල දාල තියනවා... අපි මෙය වෙනස් කල යුතුයි. රටට බරක් නොවී රටට වැඩදායී අයකු විය යුතුයි!!

    ඔබේ අදහස ඉතාම වටිනවා!

    ReplyDelete
  4. සහතික ඇත්ත. මමත් කාලයක් කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ඉගැන්නුවනෙ. අයි.ටී. ඉංග්‍රීසි ඉගෙන ගන්න කිසිම වුවමනාවක් නෑ. ඒ කාලෙ අයි.ටී ඔප්ෂනල්. 600+ ඉන්න බැච් එකෙන් කෝස් එකට රෙජිස්ටර් වුනේ 200යි... උනුත් දේශන එන්නෙ ලාහට ගෙම්බො අල්ලන්න වගේ. සමහර දවසට 4යි.පහයි. ඒ වුනාට කාලකන්නි යුනියන් කාරයොන්ගෙ ගොන් කතා අහන්නන යන්න නම් ඕන තරම්. මම අහගෙන එයින් එකෙක් කියනවා "කථිකාචාර්යවරු කියන්නෙ ධනපතියො. උන් හෙළා දකින්න් ඕන." මාත් එක්ක හිටපු අනිත් ආධුනික කථිකාචාර්යවරයට මුන් ගැහුවනෙ දවසක් රැග් කරනවා බලන් හිටිය කියල. කැන්ටිමට කොයි වෙලාවෙ ගියත් සංඝයියො කෙල්ලොත් එක්ක එකට වාඩි වෙලා මුකුළු කරනවා.
    එහෙම විනයක් හැදියාවක් නැති, කිසිම වෘත්තීය පුහුණුවකුත් නැති, එහෙම එකක් ඉගෙනගන්න වුවමනාවකුත් නැති, නොමිළේම ඉගෙන ගන්න තියෙන අවස්ථා වුවමනාවෙන්ම මගහරිද්දි අයට පෞද්ගලික අංශයේ රැකියාවක් කරන්න පුළුවන්ද...? කරන්න පුළුවන් එකම දේ විශ්‍රාම වැටුපක් තියෙන ආණ්ඩුවෙ අයිස් ජොබකට පැන ගන්න එක විතරයි.

    ReplyDelete
  5. ඇත්තටම මටත් උවමනා මේ වගේ පොඩියට හරි බිස්නස් 1ක් පටන් ගන්නයි...
    මන් ආසයි .... ඒත් තවම එකට අවස්ථාවක් ලැබුනේ නෑ...

    ReplyDelete