Thursday, December 20, 2012

Posted by Unknown | File under :



"බුද්ධිමත් බවේ මිනුම නම්‍යශීලී බවයි" - ඇල්බට් අයින්ස්ටයින්


නම්‍යශීලී යනු නිවට කමක්ද?
නම්‍යශීලී යනු දුර්වල කමක්ද?

ජීවිතයේ ඔබ මුහුණ දෙන ප්‍රශ්ණ ගැටලු හමුවේ ඔබ කොයි තරම් නම්‍යශීලී ද, ඔබට එන බාධක හමුවේ ඔබ කෙතරම් නම්‍යශීලී ද, ඒ තරමින් ඔබේ ජීවිතය බාධක වලින් ජයගන්න පුලුවන්.

සුළඟකින් මුලින්ම බිඳවැටෙන්නේ මහා දැවැන්ත නොසැලෙන ශක්තිමත් ගස්, නමුත් අවසානයේ ඉතුරු වන්නේ ඉතා කුඩා පොඩි සුළඟටත් නැමෙන පුංචි ගස්. ඒකයි ස්වභාවධර්මයේ වරණය. අපි නොදැනුවත්ව උනත් දිනෙන් දින සියලුම ජීවීන් වරණයකට ලක් වෙනවා. මොකද්ද මේ වරණය...?

ලෝකයේ තත්වය ටිකෙන් ටික වෙනස් වෙනවා ඒ වෙනස් කම් වලට සමහරක් ජීවීන් අනුගත වුනත් සමහරක් ජිවීන් නූතනයත් සමඟ වෙනස් නොවී සාම්ප්‍රදායීක ලෙසම සිටිනවා. එසේ අනුගත නොවන ජීවීන් ස්වභාවධර්මයා විසින්ම පරිසර පද්ධතියෙන් ඉවත් කරනවා.

ඉතින් ඔබ ජීවත් වන වටපිටාව තුලත් ප්‍රශ්ණ ගැටලු ඇති වෙන්න පුලුවන්. සමහරවිට නිවසේ ප්‍රශ්ණ සමහරවිට පාසලේ ප්‍රශ්ණ, සමහරවිට ව්‍යාපාරික ස්ථානයේ වැඩ කරන ස්ථානයේ ප්‍රශ්ණ. ඉතින් ‍එය මොන ප්‍රශ්ණයක් උනත් ඒවා එක්ක කෙලින්ම ගැටෙන්න ගිහින් ඒවා තවත් අවුල් කරගත්ත අවස්ථා ඔබට අනන්තවත් ඇති. ඕනෑම ගැටලුවක් විසඳගන්න අවම වශයෙන් ක්‍රම දෙකක් වත් තියෙනවා.

එකක් කෙලින්ම ප්‍රශ්ණයට මුහුණ දීලා ඒක විසඳගන්න එක.
අනිත් එක උපක්‍රමශීලීව හිතලා බලලා බුද්ධිමත්ව ඒකට මූණ දෙන එක.

ඔය දෙකම ප්‍රශ්ණෙකදි අවශ්‍යය වෙනවා. නමුත් බොහෝ විට කෙලින්ම මුහුණ‍‍ නොදී ප්‍රශ්ණය නිරාකරණය කරගන්න පුලුවන් නම් ගොඩක් වාසිදායක වෙයි.

ඒ වගේම කාලීනව සමාජයේ සිදු‍වෙන වෙනස්කම් වලටත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අනුගත වෙන්න වෙනවා. මොකද කලින් කිවුවා වගේම ඒක ස්වභාවධර්මයාගේ නීතියක්. එසේ අනුගත නොවුනු සියලු දේ පද්ධතියෙන් ඉවත් උනා විනා කිසිදවසක පද්ධතියේ තිරසාර වෙනසක් කරන්නට සමත් වෙලා නැහැ.මිනිසුන්ගේ අදහස් සිතුම් පැතුම් අවශ්‍යතා කා‍ලීනව අනිවාර්යෙන්ම වෙනස් වෙනවා අලුත් වෙනවා.

ඔබ සිටින්නේ කාලීනව අනුගත වෙන පිරිසේ ද
නැත්නම් එක් මතයකම එල්බගෙන නොවෙනස්ව සිටින පිරිසේද

වඩා සාර්ථක කවුරුන් ද?  සංවාදයට විවෘත්තයි

2 comments:

  1. ඇත්තෙන්ම වටිනවා මේක සංවාදාත්මකව ඉදිරිපත් කිරීමක් කරන්න. නම්‍යශීලී වීම මාත් දකින්නේ නෑ බියගුලුකමක් හෝ නිවට කමක් හෝ කපටි කමක් ලෙස. මේක හුඟාක් අය දකින විදිහ ඇත්හ්ටටම දුක්බරයි. රැකියාවක් කරන කොටත් වඩා වාසි දායක හෝ බලය තියෙන පැත්තට හිස නමන එක මං නම්‍යශීලීකියලා දකින්නේ නෑ. වටින ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.
      වරද තියෙන්නෙ මොන සංකල්පෙ කිවුවත් සමහරු ඒවා තමුන්ගෙ වාසියට හරවගන්න එකයි. බලය ඇති පැත්තට නැමීම නම්‍යශීලී කීමත් ඒ වගේ එකක්.
      "කන්න ඕන උනාම කබරගොයත් තලගොයා කරගන්නවලුනෙ"

      Delete