Tuesday, December 18, 2012



සම්පත් අත්තටගේ,
බොහෝ දෙනා දන්නා පරිදි එතරම් දක්ෂ ගුරුවරයෙක් නොවෙයි.
නමුත් මෙවර සාමාන්‍යපෙළ විභහගයේ බහුවරණ 18ක් එලෙසම අනුමාන කරනවා. 
පුදුමයි. ඒත් ඇත්තයි. පැහැදිලිවම විය නොහැක්කක්. නිවැරදි පිළිතුරු හා ප්‍රශ්ණ අනුමාන කරන්න පුලුවන්, නමුත් වැරදි වරණයන් අනුමාන කරන්නෙ කොහොම ද? වරදක් වෙලා තියෙනවා. නමුත් දැන් ඇත්තටම අපි කල යුත්තේ කුමක් ද? මේ වරද පස්සෙ අල්ලන් ගිහින් මේ ගුරුවරයාට දඬුවම් කරනවා ද, එහෙමත් නැත්නම් මීට මුල් වූ හේතු සාධකය සොයා ඉවත් කරනවාද?

සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග ප්‍රශ්ණ සමහරක් සෑම වසරකම කලින් පිට වෙනවා.
ඒක දන්න අයගෙ හදවත් හොඳින් දන්නවා. ඒවා ලබාගන්නෙත් දිවයිනේ ඉහලම නම් දරණ ටියුෂන් ගුරුවරු. අමුතුවෙන් ඒ ගැන කියන්න දෙයක් නැහැ. නමුත් ඔවුන් මේක සෑම වසරකම කලත් ඒක මේ වගේ  අදූරදර්ශී විදිහට ඔක්කොම එක පේපර් එකට දාලා හිනා මූණු දාලා පීචං කරගත්තෙ නැහැ. ඔවුන්ට ප්‍රශ්ණ ලැබුණා නම් ඒවා වෙන වෙනම ප්‍රශ්ණපත්‍රවල ක්‍රමාණුකූලව තමන්ගෙ ‍දරුවන්ට ලබා දෙනවා. හැමෝම දන්නවනෙ ඉතින් බත් මුල් අරන් හුලු අතු පත්තු කරන් කුකුල්ලු අතේ අරන් ගිහින් අත පය හොල්ලන්න බැරුව හරි ඒ පංති වල ගිහින් ඉන්නෙ අවසාන‍යේ එන ප්‍රතිඵලය නිසා බව. 

(දැන් ඉතින් මාව සුදු වෑන් එකකින් උස්සන් යයිද දන්නෑ)

මෙතන දැන් ගැටලුව වෙලා තියෙන්නෙ හැමදාම උන දේ මෙවර ප්‍රශ්ණ පත්‍රය මැට්ටෙකුගේ අතට පත්වීම නිසා සියලු ගුරුවරු අවදානමකට ලක් වීමයි. ඒ වගේම මේ පංතියට ගිය දක්ෂ දරුවන්ගේ පවා හැකියාව මේ නිසා හෑල්ලුවට ලක් වෙනවා ප්‍රසිද්ධියේ. ඒක ගියපු දරුවන්ට තේරෙයි ළඟදිම. ඒ අයට ඒ සාමාර්ථයක් තිබුණත් "ආහ් එයාලට නම් ඉතින් කලින් පේපර් එක ලැබුණනෙ" කියලා හෑල්ලුවට ලක්වෙන්නම වෙනවා. ඒ වගේම මේ ගුරුවරයාගේ පංති නොයන දරුවන්ගේ මානසිකත්වය මොනවගේ වේවිද? විභාගය අවලංගුවීමක් සිදුවිය හැකිද? මේ වගේ ප්‍රශ්ණ ගොඩක්, ජීවිතයේ කඩඉම් කාලයක් පහු කරන මෙවර සාමාන්‍ය පෙළ ලියන සිසුන්ගේ හිතට එනවා. කවුද ඒවට වගකියන්නෙ?

එතකොට ගෞරවාන්විතව වුවත් ප්‍රශ්ණ පිටකිරීම සුදුසු ද?

නැහැ කොහෙත්ම නැහැ. නමුත් වසර ගණනාවක ඉඳලා මේක උනත් ඒ තරම් ලොකු බලපෑමක් වෙලා නැහැ මෙතුවක් කාලයට. ඉතින් ඒක ලොකු ගැටලුවක් වෙන්නෙ නැහැ. නමුත් මේක ප්‍රසිද්ධ වීමත් සමඟ ජනතාව තුල විභාග පිළිබඳ ඇති විශ්වාසය බිඳ වැටීම නම් සෝචනීයයි. නමුත් දෙමවුපියන් මීට කිසිදු ලෙසකින් ඇඟිලි ගැසිය යුතු නැහැ. මොකද ඒ අය මේ ක්ෂේත්‍රයේ ස්වභාවය දන්නෙ නැහැ.  මේක වලක්වන්නත් බැහැ. කළ යුත්තේ පාලනය කිරීමයි. මොකද මේ තිබෙන ආර්ථික රටාවත් එක්ක සල්ලි ඉදිරියේ ස්වාධීන වෙන්න පුලුවන් පිරිස ඉතාම සුලුතරයයි මේ රටේ ඉන්නෙ. ඒවා 100%ක් හදනවා නම් ඒවත් හදන්න වේවි. 

7 comments:

  1. අපටත් ඔය වගේ එනවා එනවා කියලා කිවුවට ආවෙ නම් නැහැ

    ReplyDelete
  2. sahathika aththa banda hama parama paper pannanne, sannath ehemane sanna giyapara tikath deela thibune

    ReplyDelete
  3. හැම අවුරුද්දෙම වෙනවයි කියලා වැරදි දෙයක් කවදාවත් හරි වෙන්නෙ නෑ. අනික පාලනය කරන්නෙ මොකටද? මේ වගේ දේවල් සහමුලින්ම නැති කරන්න ඕනෙ. ඒ වගේම තමන්ගෙ දරුවන්ගෙ අධ්‍යාපනය ගැන හොයා බලන්න දෙමවිපියන්ට සම්පූර්ණ අයිතිය තියෙනවා. මේ වගේ හොර වැඩ හින්දා තමයි ලංකාවට කෙළවෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සහමුලින්ම නැවැත්විය නොහැකි නිසයි පාලනය කිරීම වඩාත් සුදුසු යැයී කියන්නෙ
      මේ තියෙන ආර්ථික තත්වෙත් එක්ක ඔබට සහතික වෙන්න පුලුවන් ද රාජ්‍ය සේවකයෙක් මුදල් ඉදිරියේ අසරණ නොවෙන බවට?

      Delete
  4. තමන් හරි ගුරුවරයෙක් නම් ප්‍රශ්ණ පත්‍රය තමන්ට ලැබුනත් ළමුන්ට නොදී ඉන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. එහෙම වෙනවා නම් කොච්චර හොඳද. නමුත් මේ තරඟකාරී ලෝකයේ කොහොමද එහෙම සුජාත මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ :(

      Delete