Monday, December 10, 2012

Posted by Unknown |

ලංකාවට වඩා සුදුසු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ද?
ඒකාධිපති පාලනයක් ද?

ප්‍රජාතන්ත්‍රවාදය හොඳයි ඇමරිකාව වගේ ඉතිහාසයක් සංස්කෘතියක් නැතිව කෘතිමව බිහි උන රටවල ට. 
බොහෝ දෙනෙක් මුලින්ම ආදර්ශයට ගන්නෙ ඇමරිකාවනෙ. ඇමරිකාවෙ එහෙමයි ඇමරිකාවෙ මෙහෙමයි කිය කිය. ඒ උනාට ඇමරිකාව කියන්නෙ ඉතිහාසයක් නැති රටක්. ඒ රටට ගැලපෙන ක්‍රම අපිට ගැලපෙන්නෙ නැහැ කොහෙත්ම. මොකද අපි වසර දහස් ගණනක සිට රාජාණ්ඩු පාලනයක‍ ජීවත් උන මිනිස්සු. අපේ ඇට මස් ලේ නහර වලට ඒක කාවැදිලා තියෙන්නෙ. ඒකයි තවමත් "මහ රජාණනි" කියලා කියනකොට මිනිස්සු තුල භක්තියක් ලෙංගතු කමක් නොදැනුවත්ව ම ඇති වෙන්නෙ. (ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා විය හැකියි නමුත් සත්‍යය එයයි) 

අපේ රටේ ඇති කරපු කලවම් මැල්ලුම් ප්‍රජාතන්ත්‍රවාදෙ,
එහෙම නැත්තන් මේ හයිබ්‍රිඩ් ආර්ථික ක්‍රමය කොහෙත් ම අපිට ගැලපෙන එකක් නෙමෙයි. මේ ක්‍ර‍මෙන් අපි වැනි රටවල් දියුණු කරන්න බැහැ කියන එකට හොඳම සාක්ෂිය අපිමයි. 

ප්‍රජාතන්ත්‍රවාදී කොළඹ නගර සභාවට අවුරුදු ගාණක් බැරි වෙලා තිබ්බ අපද්‍රව්‍ය කලමනාකරණය කරන වැඩේ මාස කිහිපයකින් (සමහරු කියන විදිහට) මරා ගේ ඒකාධිපති පාලනයෙන් ඉවත් කරනවා. මරා ඒක කරලා පෙන්නනවා. කලක් ජීවත් වීමට නුසුදුසු නගර අතරට එකතු උන කොළඹ නගරය අද හාත්පසින්ම වෙනස් කරලා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී විදිහට කරන්න ගියා නම් මොකද වෙන්නෙ? ඔබම හිතලා බලන්නකො. 

අද අධිකරණයක් අල්ලගෙන. අද විපක්ෂයේ ප්‍රධාන කාර්ය වෙලා තියෙන්නෙ ගැටලු නිර්මාණය කිරීම හා ඒවා තමන්ට වාසි දායක ලෙස භාවිත කිරීම විනා රටට වාසි දායක ලෙස ක්‍රියාත්මක වීම නොවේ. 

අධිකරණ සේවා කොමිසමේ සභාපති කම දරණ අධිකරණයේ ඉහළම තනතුරකට දෝෂාභියෝගයක් ගේනකොට ඒක විමර්ශණය කරන්න අධිකරණයට ම පවරන එක හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්නෙ. ඒක හරියට රනිල් වික්‍රමසිංහට එරෙහි දෝෂාභියෝගයක් විමර්ශණයට එතුමා විසින් පත් කරන එතුමා යටතේ ඉන්න කෘත්‍යාධිකාරී මණ්ඩලයට බාර දෙනවා ව‍ගේ. මේකට ද අපක්ෂපාතී කියන්නෙ?

අද මේ රටේ ඇත්තටම සිද්ධ වෙන්නෙ තමුන් තමුන්ගෙ රාජකාරී නොකර අනුන්ගේ මඟුල් සෙවීමයි. 
ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය අද කරන්නෙ රට පාලනය කිරීම පැත්තකින් තියලා එකිනෙකාගේ වැරදි සොයන එකයි. කවුද වඩා උසස් යන්න සොයන එකයි. 

අධිකරණයට ව්‍යවස්ථාදායක‍ය මඟින් ගන්නා තීරණ ප්‍රශ්ණ කිරීමට, එරෙහි වීමට, විමර්ශණය ට අයිතියක් තියෙනවා නම් මොන කෙහෙල් මලකට ද ව්‍යවස්ථාදායකයක් තියෙන්නෙ? නීති හදන ටිකත් අධිකරණයෙන්ම ‍කරගත්තා නම් ඉවරනෙ. 

"අවස්ථාවාදී කුහක මිනිසුන් සිටින රාජ්‍යයක් වේ ද, 
ඊට වඩාත් සුදුසු වන්නේ ඒකාධිපති පාලනයක්ම ය."


1 comment:

  1. I am agreed with you.you said real true.keep up your good writing

    ReplyDelete