Wednesday, September 12, 2012

Posted by Unknown | File under : ,
"ඉර හඳ පායන ලෝකේ ආලෝකය අතරේ සැප දුක සමබර වේ"

සැප විඳිනකන් අපිට කිසිම ගානක් නැහැ. කොයිතරම් සැප වින්දත් මේ ඇති කියල හිතන්නෙත් නෑ. කොයිතරම් දේ ලැබුණත් සෑහීමකට පත්වෙන්නෙත් නෑ. 

ඒත් දුකක් ආපු වෙලාවට අපි එහෙම ද? දුකක් ආපු ගමන් කියන්න ගන්නවා අ‍නේ මොන කරුම ජීවිතයක් ද මං මේ ගෙවන්නෙ. මීට හොඳයි මැරිලා ගියා නම් කියලා. 

දුක සැප හැමෝටම ජීවිතේ එක එක කාල වලදි අඩු වැඩි විදිහට විඳින්න වෙනවා. සමහරු හිතනවා අනේ අර මිනිස්සුන්ට නම් උතුරන්න සල්ලි ඉතින් මොන දුකක් ද කියලා. හැබැයි එහෙම හිතන අය දන්නෙ නැහැ ඒ අයට සල්ලි තිබෙන නිසාම කොයිතරම් ප්‍රශ්ණ ගොඩකට මුහුණ දෙන්න වෙලා ද කියලා. 

කලු ජාතිකයෙක් වෙච්ච බැරැක් ඔබාමා එදා හිතුව නම් මොන කරුම ජීවිතයක් ද මේ මම මැරෙනවා කියලා අද ඔහු ඉන්න තත්වෙට එහෙමත් නැත්නම් ඔහුව පාගපු සුදු ජාතිකයන්ගේ රටේ ජනාධිපති වරයා වෙන්න ලැබෙන්නෙ නැහැ. 

කවදාවත් හිතන්න එපා ඔබ අද ඉන්න තත්වෙන් හැමදාම ඉන්න වේවි කියලා. නමුත් ඔබ "දේව වරයකින්" නිධානයක් පහළ වෙලා පොහොසත් වෙනකන් වත්, ලොතරැයි දිනුමක් ලැබෙනකන් වත් මුව අයාගෙන හිටියට ඒ දේ ලැබෙන්නෙ නැහැ. ඔබට දෙයක් ලැබෙන්න ඔබ දෙයක් කැප කරන්නම ඕනෙ! ඔබේ කාලය ඔබේ ශ්‍රමය ඔබ කැප කරන්න, පරිත්‍යාග කරන්න හෙට ඔබට ලැබෙන දෙය වෙනුවෙන්. 

වරක් දෙවරක් තෙවරක් සිව් වරත් පස් වරක් වරදීවී... නමුත් ඔබේ වාරය එන තුරු විමසිල්ලෙන් ඉන්න. 
ඔබේ ඉරණම දවසකින් මාසෙකින් වසරකින් වෙනස්කරන්න බැරි වෙන්න පුලුවන්. ජීවිතේ දිනපු මිනිස්සු කවදාවත් වසරෙන් දෙකෙන් පොහොසත් උනේ නැහැ. ඒ අය වසර 10, 15 එක දිගට වෙහෙසිලා තමුන්ගෙ ජීවිතේම ඒ වෙනුවෙන් කැප කරලා ඒ තත්වෙට ආපු මිනිස්සු. ඒ අය වගේ වෙන්න පෙරුම් පිරුවට, බාර හාර වෙලා දෙවියන්ගෙන් ඉල්ලුවට ඒ තත්වෙට එන්න බැහැ. ඒකට ඔබ යමක් කරන්නම ඕනෙ. ඔබ වපුරපු  දෙයින් ඔබට අස්වැන්න ලැබේවි! 

ඔබේ ඉරණම ඔබම තීරණය කරන්න. ඔබේ ජීවිත කතාව ඔබම ලියාගන්න! 


1 comment:

  1. එක පාර උඩ යන අය එක පාරම බිම වැටෙනවා
    හෙමිහිට උඩ ගියපු අය හැමදාම එතන රැ‍ඳෙනවා

    ReplyDelete