Thursday, June 7, 2012



පරම්පරා දෙකක් ගැටෙනවා,
එදා සංස්කෘතිය සහ අද සංස්කෘතිය ගැන,
එදා ආදරය සහ අද ආදරය ගැන,
එදා සංගීතය සහ අද සංගීතය ගැන,
එදා චිත්‍රපට සහ අද චිත්‍රපට ගැන,
එදා කලාකරුවො සහ අද කලාකරුවො ගැන,
එදා ළමයි සහ අද ළමයි ගැන,

එදා හැමදේම එදා සිටියවුන්ට ගැලපෙන ලෙස,
එදා සිටියවුන්ගේ සිතුම් පැතුම් වලට සරිලන පරිදි,
එදා සිටියවුන්ට හැකි පමණින්,
එදා සිටියවුන්ගේ මන දොල සපුරන ලෙස,
එදා සිටියවුන් විසින්ම නිර්මාණය කරගන්නා ලදි.

එද හැමදේම අද ඉන්නාවුන්ට ගැලෙපෙන ලෙස,
අද සිටිනවුන්ගේ සිතුම්පැතුම් වලට සරිලන පරිදි,
අද සිටිනවුන්ට හැකි පමණින්,
අද සිටිනවුන්ගේ මනදොල සපුරන ලෙස,
අද සිටිනවුන් විසින්ම නිර්මාණය කරගනු ලබයි.

කලා නිර්මාණයක් ඔබ‍ගේ යුගයේ පාට කණ්නාඩියෙන් බලා
විවේචනය කිරීම කොතරම් උචිත දැයි ඔබම සිතා බලන්න
එකකුට හෝ රස විඳිය හැකි නම් එය කලා නිර්මාණයකි.
ඒ රස විඳින්නා විවේචනය කිරීමට හෝ
නිර්මාණ කරුවා විවේචනයට ඔබට ඇති අයිතිය කුමක්ද?

ඔබ එදා කණ්නාඩි පළඳින්නෙක් නම් එදා දේ රසවිඳ පසෙකට වී සිටින්න
අද තරුණයෙක් යම් දෙයක් රස විඳී නම් එයට බාධා කිරීමට හෝ
නිර්මාණ විවේචනයට ඔබට අදාළ නොවන වගද මතක තබාගන්න
වර්තමානයේ තරුණයෙක් නම් ඔබ කැමති දේ රසවිඳ
අතීතය විවේචනය කිරීමෙන් ද වලකින්න.

කලා නිර්මාණ කියන්නෙ අද වෙළඳ සැලක භාණ්ඩ වගේ
ඔබට කැමති සන්නාමයෙන් මිළදී ගන්න පුළුවන්.
ඔබට අවශ්‍ය දේ ඔබ අරගන්න
අනිත් නිශ්පාද්‍කයන්ට වත් පාරිභෝගිකයන්ට වත්
ඔවුන්ගේ රසවිඳීමේ මට්ටම ගැන හොයනන් අවශ්‍ය නැහැ.

නිර්මාණ විවේචනය කරමින් කවුරුහරි පොරක් වෙන්න හදනවා නම්
කියන්නෙ එකයි

"ඔබත් තනියම නිර්මාණයක් කරන්න"

0 අදහස්:

Post a Comment