Monday, June 11, 2012

Posted by Unknown | File under : ,

අමරනාත් බටගොඩ
පුංචි ගම් පළාතක ඉපදුනු, පුංචි පවුලක දරුවෙක්.
2000 වසරෙන් ඇරඹි ඔහුගේ ගුරු දිවියට අදට වසර 12ක් පමණ වේ.
නව සම්ප්‍රදායකට ආර්ථික විද්‍යාව උගන්නපු ඔහු
කෙටි කාලයක් තුළ සිසුන්ගේ ප්‍රසාදය දිනාගන්නවා
ඒකට ඔහු තුළ තියෙන ලොකුම හැකියාව බලපානවා
ඒ තමයි කොච්චර ගැඹුරු දෙයක් උනත් 
ඉතාම සරලව කියලා දෙන්න පුලුවන් එක
කොටින්ම කිවුවොත් මොලේ උඩ ඉඳගන්න ජාතියෙ එකෙක්ට උනත් 
හොඳට තේරෙන්න කියලා දෙනවා.
පංති ගාස්තුවට සාපේක්ෂව ඔහු ඊට දෙගුණයක් වටින දැනුමක් දරුවට ලබා දෙනවා
ඔහු ඔය මහා ගුරුවරු කියාගන්න සන්නස්ගල වගේ කුණුහරප කතා කියලා 
ළමයි පංති ගෙන්න ගන්නෙ නෑ.
ඔහු කියන්නෙ එනවා නම් එන්න, ඇවිත් ඉගෙනගන්න. බැරි නම් යන්න. 
ළමයි තියාගන්න ඔහු කළ එකම දේ උපරිමයෙන් උගන්නපු එකයි.

අද වන විට ඔහු ඔහු‍ගේ දෙවන විවාහයට පා තබලා තියෙනවා.
ඒක ඔහුගේ තීරණයක් ඒකෙන් අපිට කිසිම වැඩක් නෑ. 
අපිට අදාළ වෙන්නෙ ඔහු කොයිතරම් දෙයක් ළමයින් වෙනුවෙන් කලාද කියන එකයි. 
ඒක මොනවගේ විවාහයක් උනත් අපිට කිසිම වැඩක් නැහැ. 
ඒ ඔහු‍ගේ ‍පුද්ගලික ජීවිතය. 

ඒත් ළඟදි ගොසිප් 9 අඩවිය මහා සොයාගැනීමක් කරලා
ඒ තමයි අමරනාත් බටගොඩ දෙවන විවාහය කරගෙන කියලා

ඔබ දන්නේ ඔහුගේ මතුපිට සිදුවීමක් පමණයි.
ඔහුට සාපේක්ෂව ගොසිප් 9 මේ රටට කරපු දශමයක දෙයක් තියෙනව ද?
"අර කෙල්ලගෙ සුදු ගලයි, මේ නිලිය නිරුවත් වෙච්ච එකයි
අරකිගෙ හොර මිනිහයි" ඔය වගේ තුට්ටු දෙකේ නිවුස් දාලා 
25000, 50000 ඇඩ් වලින් හම්බකරනවා මිසක් රටට කරපු වින මිසක් හොඳක් නම් නෑ.

අද වෙනකොට ලොකුම ට්‍රෙන්ඩ් එක තමයි ගොසිප් සයිට් එකක් දාගන්න එක.
ලංකාවෙ මිනිස්සු ඕපා දූප සේවයට උපන් හපන්නුනෙ.
ඒක පේනවනෙ ගොසිප් අඩවියක්ම ඉහලින්ම වැජඹෙනකොට.

මිනිස්සුන්ගෙ චරිත ඝාතනය කරන්න කලින් දෙපාරක් හිතනවා නම් හොඳයි
එක ඇඟිල්ලක් දික් කරද්දි ඇඟිලි 4 තමුන්ට හැරෙනවා කියලා.






Sunday, June 10, 2012

Posted by Unknown |
මුළු සිරුරම ගිනි දැල් වලින් වසාගෙන හමාරය
ගිනි දළු තව තවත් ගතම දවාගෙන යයි
වේදනාව තවත් වැඩිය
මන්ද යත් මේ ගිනි දළු මාතින්ම දැල්වුණු බැවිනි.
නිසල සිරුර මතින් දැවෙන ගිනි දැල්
ඇතුළාන්තයේ වූ පරිපූර්ණත්වය දවාගෙන යයි.



ඉතිරිව ඇත්තේ හිස් බවක් පමණි....

නිසල සිරුර තුළ දැවෙන සසල සිත,
සියල්ල දැවී යද්දී...
මට ඉතිරිව ඇත්තේ ඔබ පමණක්මය.

ඔබද මුමුණන්නේ එකම දෙයයි...

ඒ ඇයගේම නමයි....

Thursday, June 7, 2012



පරම්පරා දෙකක් ගැටෙනවා,
එදා සංස්කෘතිය සහ අද සංස්කෘතිය ගැන,
එදා ආදරය සහ අද ආදරය ගැන,
එදා සංගීතය සහ අද සංගීතය ගැන,
එදා චිත්‍රපට සහ අද චිත්‍රපට ගැන,
එදා කලාකරුවො සහ අද කලාකරුවො ගැන,
එදා ළමයි සහ අද ළමයි ගැන,

එදා හැමදේම එදා සිටියවුන්ට ගැලපෙන ලෙස,
එදා සිටියවුන්ගේ සිතුම් පැතුම් වලට සරිලන පරිදි,
එදා සිටියවුන්ට හැකි පමණින්,
එදා සිටියවුන්ගේ මන දොල සපුරන ලෙස,
එදා සිටියවුන් විසින්ම නිර්මාණය කරගන්නා ලදි.

එද හැමදේම අද ඉන්නාවුන්ට ගැලෙපෙන ලෙස,
අද සිටිනවුන්ගේ සිතුම්පැතුම් වලට සරිලන පරිදි,
අද සිටිනවුන්ට හැකි පමණින්,
අද සිටිනවුන්ගේ මනදොල සපුරන ලෙස,
අද සිටිනවුන් විසින්ම නිර්මාණය කරගනු ලබයි.

කලා නිර්මාණයක් ඔබ‍ගේ යුගයේ පාට කණ්නාඩියෙන් බලා
විවේචනය කිරීම කොතරම් උචිත දැයි ඔබම සිතා බලන්න
එකකුට හෝ රස විඳිය හැකි නම් එය කලා නිර්මාණයකි.
ඒ රස විඳින්නා විවේචනය කිරීමට හෝ
නිර්මාණ කරුවා විවේචනයට ඔබට ඇති අයිතිය කුමක්ද?

ඔබ එදා කණ්නාඩි පළඳින්නෙක් නම් එදා දේ රසවිඳ පසෙකට වී සිටින්න
අද තරුණයෙක් යම් දෙයක් රස විඳී නම් එයට බාධා කිරීමට හෝ
නිර්මාණ විවේචනයට ඔබට අදාළ නොවන වගද මතක තබාගන්න
වර්තමානයේ තරුණයෙක් නම් ඔබ කැමති දේ රසවිඳ
අතීතය විවේචනය කිරීමෙන් ද වලකින්න.

කලා නිර්මාණ කියන්නෙ අද වෙළඳ සැලක භාණ්ඩ වගේ
ඔබට කැමති සන්නාමයෙන් මිළදී ගන්න පුළුවන්.
ඔබට අවශ්‍ය දේ ඔබ අරගන්න
අනිත් නිශ්පාද්‍කයන්ට වත් පාරිභෝගිකයන්ට වත්
ඔවුන්ගේ රසවිඳීමේ මට්ටම ගැන හොයනන් අවශ්‍ය නැහැ.

නිර්මාණ විවේචනය කරමින් කවුරුහරි පොරක් වෙන්න හදනවා නම්
කියන්නෙ එකයි

"ඔබත් තනියම නිර්මාණයක් කරන්න"

Saturday, June 2, 2012

Posted by Unknown | File under :
දැන් ඉතින් උසස් පෙළ උණූසුම වැඩි වේගෙන එන කාලෙන.
ඔන්න තියෙනවා විභාග කාල සටහන.
විභාගෙ පටන් ගන්නෙ අගෝස්තු 06 වෙනිදා.
අගෝස්තු 30 වෙනිදා තමයි ඉවර වෙන්නෙ.
(A/L Exam time table - New Syllabus)