Friday, May 18, 2012

කතා කරන්නෙ නම් ලොකු සංවාදයක් ඇති විය යුතු දෙයක් පිළිබඳව.
අපි මේක හිතුවද කලින්? ඔබ මේ ගැන සිතුවාද බලන්න...

බුද්ධ කාලයේ හිමි වරු කලේ මොනාද
භික්ෂූන් කලේ මොනාද

රට හැදුවද
ගම දියුණු කලාද
පෙරහැර කලාද
රජ කම ගන්න හැදුවද
පවුල් උපදේශනය කලාද
පවුල් ආරවුල් විසඳුවද

බුද්ධ වචනයට අනුව ඔවුන් කලේ,
ඔය උඩින් කියපු ඔක්කොටම මූලික වෙච්ච මිනිස්සුන්ගේ හිත හදපු එක...

අද මොනාද මේ වෙන්නෙ?
හාමුදුරු‍වො කියලා දෙනවා කෙල්ලෙක් තෝරගන්න හැටි, කසාද බඳින හැටි, ළමයි හදන හැටි වගේ එක එක විකාර. 
නැත්තන් ලස්සන තාලයක් දාලා හදාගන්නවා කවි ටිකක්
හැම තැනම කවි බණ කිය කිය යනවා. කවි බණ නම් කමක් නෑ කියමු මේ කියන්නෙ ගුණ ගායනා විතරමයි. නැත්තන් ජාතක කතාවක්. බුදු ධහම බුද්ධ වචනය අද සීනි බෝල කියලා තමයි පෙන්නන්නෙ.
බුදු ගුණ ගායනා කිරීමෙන් මහා පිනක් අත් වෙනවා. ඒත් බුදු හාමුදුරුවො කොහෙද කියල තියෙන්නෙ ‍මගෙ ගුණ ගායනා කර කර විතරක් ඉන්න කියලා. ඒ උනාට කරන්නෙ ඒකමයි. 

බුදුවරුන්ගේ චීවරය දරාගෙන, බුද්ධ වචනයට පිටු පෑම, බුදුවරුන්ටත් අපහාසයක් නොවේද?

ඒ වගේම ලොකුම අවුලක් තමයි මේ ශිෂ්‍ය දේශපාලනය කරන හාමුදුරුවරු
මේ අය තමයි ශාසනේට වල කපන්නෙ. නොලැබුණ දේ වෙනුවෙන් උනත් උද්ගෝෂණ කරන්න කියලා කොයි දේශනාවෙද කියලා තියෙන්නේ? මේ වටිනා චීවරේ අස්සෙ හැංගිලා තියෙන්නේ තණ්හාව ආශාව. කෝ අඩුම තරමෙ බුද්ධ දේශනාවෙ මූලික හරය "අත් හැරීම" වත් ජීවිතයට අදාල කරගෙන නෑනෙ. මෙහෙම අයද අපිට බණ කියන්නෙ? ශාසන ශෝධනයක් විය යුතුයි. නැත්තන් මෙහෙම ගිහින් බුද්ධ වචනය හැර අනිත් ඔක්කොම ඉතුරු වෙයි. 

එදා පල්ලියෙ දූෂණයට එරෙහිව මිනිස්සු නැගී සිටියා වගේ 
හෙට පන්සලේ බූදලය රැස් කිරීමට එරෙහිව නැගී සිටීවි

භික්ෂූණ්ට බුද්ධ පරම්පරාවෙන් ලැබුණ චීවරය හුදෙක් ඔබේ විලි වසා ගන්නවත් නැත්නම් අනිත් අයගෙන් වැඳුම් පිදුම් උපස්තාන ලබන්නවත් පූජක කම් කරන්න වත් ලැබුණ එකක් නෙමෙයි. ඔබ උතුම් විය යුතුයි. ඔබ උතුම් වන්නේ බුදුන් දේශනා කළ මාර්ගයේ යන්නෙක් නම් පමණයි.

ඔබ බුද්ධ වචනයට පිටු පාලා ඔබගේ කම් සැප විඳීමට පමණක් චීවරය භාවිතා කරන්න ගියොත් ඔබ ඉදිරියේ දණ නමට දායක වරු ඔබට සාප කරාවි. 

අද අනිත් ආගම් වගේම භික්ෂුවත් අතර මැදි කාර්යක් කරන පූජා පවත්වන පූජකයෙක් බවට පත්වෙලා.

අපි වෙනස් වෙමු. වෙනස්ව හිතමු.  බුද්ධ වචනය අනුගමනය කරමු.


1 comment:

  1. මේ කතාවටනම් සපුර්නයෙන් එකගයි,බුදුදහම විකුර්ති කරන සමහර චිවර දාරීන් දෑක්කාම පුදුම කලකිරීමක් ඇති වෙන්නේ

    ReplyDelete