Wednesday, May 23, 2012

ඕ ලෙවල් ඉවර වෙලා නිකාන් ගෙදර ඉන්න එකනෙ
කරන්නෙ ඉතින් කනවා ටීවි බලනවා නිදාගන්නවා මූණු පොතේ ඉන්නවා
මාරුවෙන් මාරුවට ඔය චක්කරේ තමයි
මූණු පොතේ චැටක් දාන්න මට හිටපු සෙට් එකේ ගොඩක් අය අක්කලා නැත්තන් නංගිලා
එක්කෙනෙක් පිස්සුම කේස් එකක්
ඒ අතරෙ මගෙ වයසෙ කෙල්ලෙකුත් හිටියා
(ඉන්නවා නම පස්සෙ කියන්නම්)

ඔහොම ඉතින් චැට දාගෙනමයි ඉන්නෙ
මම සාමාන්‍යයෙන් උදේ ගැගිටින්නෙම කොම්පියුටරෙයි රවුටරෙයි ඔන් කරගෙනමයි
(ඔව් ඔව් දත් මදින්නත් කලින් තමයි)
පංති යන්නත් පටන් අරන් තිබුනෙ නැති නිසා
කන්නෙ බොන්නෙ ඔක්කොම කොම්පියුටරේ ඉස්සරහ ඉඳන් තමයි.
රෑටත් ගෙදර කස්ටිය නිදාගෙන
නිදාගන්නෙ නැද්ද කියලා හැට පාරක් අහනකන්ම ඒ පුටුව උඩමයි
(බලන්න කොච්චර හැදිච්ච ළමයෙක්ද නේ?)

කරන්නෙම චැට තමා
නිතර නිතර සෙට් උන නිසා අර උඩදි කියපු කෙල්ල මට හොඳට සෙට් වෙලා හිටියෙ
ඒ උනාට පොටෝ කෑල්ලක් වත් දැකලා නම් තිබුණෙ නෑ.
හැබැයි විස්තර ටික නම් දැනගෙන හිටියා අග ඉඳලා මුලට කට පාඩමින්.

ඔය අතරෙම කොහොමහරි
මගෙ තව පුරුද්දක් තමයි කොටන එක
(පිටි නෙමෙයි බොල එස් එම් එස්)
මනමාල කමටත් නෙමෙයි ෆන් එකට තමා
ලෝකෙ නැති වල්පල් කොටන්නෙ 


අර උඩින් කියපු කෙල්ලගෙ නම්බර් ‍‍පෝන් බුක් එකට ආවය කියමුකො
(කොහොමද අහන්නෙපො බිම වැටිලා නම්බර් හම්බෙන්නෙ නෑනෙ 
මාර ගේමක් දීලා  නම්බර් එක ඉල්ලගත්තෙ)




වෙලාව කියන්නෙ අපි දෙන්නම් මොබිටෙල්
ඒ කිවුවෙ "වී කෙයාර් ඕල් වේස්"
ඉතින් ඒකත් ජයසිරි මංගලම් කියලා
කාලයක් කොට කොට හිටියා.....


ඔය අතරෙ තමයි "රුවන් මාලිගා" කතාව සිරසෙ පටන්ගත්තෙ
අපි ඉතින් අනිවා කතාව බලන ගමන් මූණු පොතේ චැටට සෙට් වෙනවා






දෙන්නම කතාව බලන ගමන් විස්තර විචාරත් දෙනවා
ඒවත් මේ නිකන් ඒවා නෙමෙයි පවුල් ජීවිතෙ ගැන ගැඹූරු කාරණා තමයි සාකච්චා වෙන්නෙ
(හරි හරි ‍බොල එහෙම තමයි පොඩි උනාට අපි අනාගතේ ගැන හිතනවා)


අපි දෙන්නා ඉතින් කතාව බලන ගමන් ෆන් එකට වගේ මම පහන් උනා එයා පොඩ්ඩි උනා

ඕකෙ ඔය ඉන්නෙ පහන් ඔඩ්ඩියා ඔන්න ඕකා දවසක් පොඩ්ඩි නගාට ආදරෙයි කියනවා


මගෙත් කට හොඳ නෑනෙ මාත් කිවුවා
"මං ඔයාට ආදරෙයි පොඩ්ඩියේ...."
කියලා
එයා කිවුවා
" හා හා ඒවා පස්සෙ බලමු" කියලා

දෙයියෝ සාක්කි!
මම දාපු මුට්ටියටම දෑත බදලා ගැහුවා නේද.

ඒත් මට ඊට පස්සෙ නම් මගේ ලොවට ඔබ සුළඟ වගේ එනවා කියලා තේරුණා.
ටික දවසක් යනකන් කෑමක් කන්න හිතෙන්නෙ නෑ
නින්ද යන්නෙ නෑ. මහා පාලුවක් දැනෙනවා. මොකද්ද මොකද්ද එකක්
හිතුවෙවත් නැති දවසක හිතන්නැතුවම හම්බෙච්ච මේ පොඩ්ඩි මගෙ ලෝකෙ හොල්ලලා
රිච්ට පරිමාණ 9 විතර භූමි කම්පාවක් වගේ

දවසක් මහ රෑ 12ත් පහු වෙලා

අපි ආයෙත් අපි ගැන කතා කරන්න ගත්තා
කෙලින්ම සබ්ජෙක්ට් එකට නාවට වටෙන් වටෙන් දෙන්නම කැරකුනේ පොල් පැලේ කන්න තමා.
කොහොමහරි දෙන්නම් එක පාරට සබ්ජෙක්ට් එකට ආවා.

හැබැයි ලැබුණෙ දුක හිතෙන උත්තරයක්
"මට ටිකක් කල්පනා කරන්න ඕනෙ. මම පස්සෙ කියන්නම්"

මට මාර දුකයි මං හිතුවෙ පැනලා කැමැත්ත දෙයි කියලා

කොහොමහරි මට නින්ද ගියා.....

උදේ නැගිටිද්දි...

යූ හෑව් අ ටෙක්ස්ට් මැසේජ්

"මං ඔයා කියපු දේ ගැන හිතුවා. මාත් කැමතියි ඒකට"
මගේ ඔලුවට 2කේ 4 පොල්ලකින් තඩි බෑවා වගේ.

එදා තමයි මගේ ජීවිතේ යූ ටර්න් එකක් ගහලා අනිත් පැත්ත හරවපු දවස...
ඒ දවස අපිට ලැබුණෙ "රුවන් මාලිගා" නිසා.
අදටත් ඒ සිද්දි අපි එක්ක අපි දෙන්නා වටේ ඒ විදිහටම සිදු උනා කිවුවොත් හරි.
පොඩ්ඩි අඬපු දවස්වල මගෙ පොඩ්ඩිත් අඬපු වාර අනන්තයි.
හිනාවත් සතුටත් එහෙමමයි.

ඉතින් මේ සතියෙන් ඒකත් ඉවරයි.

ඒ උනාට අපෙ ආදර කතාව නම් සදහටම රැ‍‍‍ඳෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා


6 comments:

  1. Wishing forever love and happiness...!!

    ReplyDelete
  2. ඒ ප්‍රාර්ථනාව එහෙමම ඉටුවෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  3. පොඩි මල්ලිMay 23, 2012 at 10:21 PM

    ඒනත් ජයසිරි මංගලම්

    ReplyDelete
  4. ඔහොම තමයි
    වටින ආදර කතා පටන් ගන්නෙ හරි අමුතු විදිහට
    ඒවා ගලාගෙන යද්දි තේරෙනවා වෙනස් කියන එක

    ReplyDelete
  5. ‍ෙහාදයි හැබැයි අවවාදයක් දෙන්නම් ව්ස්තර දැනගත්තු පලියට තමන්ගෙ කාලය කන්නත් එපා

    ReplyDelete