Wednesday, May 30, 2012

Posted by Unknown | File under : ,


"රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව"
"අමාරුවෙන් ගත්තෙ වද්දන්න එපා"
"සුදු මුහුණයි හුරතලයයි හරි අවදානම්"
"මේ වෑයම රජ වෙන්නට නොවේ"
"හුරතලේට දඟ කලාට එපා රවන්න"
"පිඹගෙන එන්නේ ඉඹගෙන යන්නද?"
"අතේ තිබ්බ සල්ලිත් නෑ ළඟින් හිටිය කෙල්ලත් නෑ"
"රත්තරන් අම්මා"

ඔය මම උඩින් කිවුවෙ අද වෙනකොට ත්‍රී රෝද රථ වල ගහලා තියෙන "නව රුවන් වැකි" ගණයට අයත් වෙන වාක්‍ය කිහිපයක්. මේක දැක්කම හිතෙනවා ලංකාවේ දාර්ශනිකයො ගොඩක් කරන්නෙ ත්‍රී වීල් එලවන එක එහෙම නැත්තන් ත්‍රී වීල් එලවනකොට දාර්ශණිකයෙක් වෙනවා කියන එක.

හරි අපි ඒ කතාව පැත්තකින් තියමුකො. අපි පාරේ වාහන වල ගහලා තියෙන වාක්‍ය කියෙව්වොත් ගොඩක් වාක්‍ය ඍණාත්මක අදහසක් තමයි කියවෙන්නෙ. "නෑ, බෑ'' වගේ ඒවා තමයි වැඩි පුර කියන්නෙ. ඒක දකින ඔබට හැම වෙලේම ඇති වෙන්නෙ ඍණාත්මක අදහසක්.

ඔබ දන්නවනෙ ගෙදර දොරේ "බුදු සරණයි" කියලා ගහන්නෙ ඒක දකින වාරයක් වාරයක් පාසා අපි තුළ ඇති වෙනවා අපිට බුදු සරණ තියෙනවා කියන ධනාත්මක හැඟීම. නමුත් අර කිවුවා වගේ ඍණාත්මක වදන් ඔබ නිතර දකිනවා කියන්නෙ ඔබ ඔබේ වාහනයේම ඔබට වස් කවියක් ලියා ගැනීමක්.

අනිත් දේ තමයි ත්‍රී වීල් වල වගේම බස් වලත් සිංදු දානවා....

ඒ සිංදු ඔක්කොම එක වගේ මට නම් ඇහෙන්නෙ එකම දෙයයි
"බිස්කට් කුඩු - බිස්කට් කුඩු - බිස්කට් කුඩු - බිස්කටු කුඩු"

ඇත්තටම දාන්නෙ බස් ඩ්‍රයිවර්ට ඕන එයා කැමති සිංදුව. එතකොට බස් එකේ යන උන් ඒක අහන්න ඕනෙ. ඒකත් මෙලෝ රහක් නැති තුට්ටු දෙකේ ටකරං සංගීතයක් තමයි බස් වල දාන්නෙම. ත්‍රී වීල් වලත් ට්‍රෙන්ඩ් එක තමයි වටේටම කෑලි ගහලා රෑට දැක්කම තොට ළඟ තොරණ වගේ. දාගන්නවා සංගීත සංදර්ශනයක් නැත්තන් බයිලා කැසට් එකක් සීඩී එකක්. ඉතින් ඕක කොයි වෙලෙත් කන පැලෙන්න දාගෙන ඉන්නෙ. ජංගම සංගීත සංදර්ශණ. ත්‍රී රෝද රථ රියදුරන් අතරේ ඔබ පොරක් වෙන්න පුලුවන් එහෙම කළාම. හැබැයි බහුතර ජනතාව ඉදිරියේ ඔබ "පුහු මෝඩයෙක්" . ඔය ලයිට් කෑලි එල්ලන එකේ තව ත්‍රී වීල් එකක් අරගන්න ප්ලෑන් කරා නම් ඒක අරන් හයර් යන්න තව එකෙක්ට දුන්න නම් සල්ලි නේද?

5 comments:

  1. "බිස්කට් කුඩු - බිස්කට් කුඩු - බිස්කට් කුඩු - බිස්කටු කුඩු"
    Lolz

    ReplyDelete
  2. කථාවනම් පට්ට ඇත්ත.. ඒත් අදාල කස්ටිය බ්ලොග් කියවනවද මන්දා

    ReplyDelete
  3. ඔක තමයි මි ගොඩය කියන්නෙ අදි මනය කියලා
    උඩම පිතුරය බලපන්
    එතකොට තෙරෙයි මෙඅතරෙ කොච්චර උගතුන් ඉන්නවාද කියල

    රටෙ විරෙකියව නිස උන් 3 විල් එලවනවා

    ReplyDelete
  4. "මලින් පිරි විලක් වුවද කලක් යන විට වැඩක් නැති මඩ වලක් වේ" මම දැකපු රුවන් වැකියක් ;)

    ReplyDelete
  5. නන්දසේන රත්නපාල මහත්තය හිටියනං ත්‍රීවීල් සංස්කෘතිය ගැන පොතක්ම ලියන්න තිබුණා. කොහොමටත් ඔය ත්‍රීවීල් රියදුරන් අතර වෙනම සංස්කෘතියක් වගේ එකක් හැදිල තියෙනවනේ අපට පේන්නම. ලංකාවෙ එක එක මානසික මට්ටම් නියෝජනය වෙන විධියෙ සාම්පල් එකක් වගේ තමයි ඔය ත්‍රීවීල් රියදුරෝ...

    ReplyDelete