Tuesday, May 29, 2012



මාදුලුවාවේ සෝභිත හිමියනි,
ඔබ වහන්සේ මහා නායකයෙකි.
ඔබ වහන්සේ රටේ වීරයෙකි.
ඔබ වහන්සේ ජන නායකයෙකි.
නමුත් ඔබ වහන්සේ බුද්ධ ශ්‍රාවක සංඝ රත්නයට අයිති නොවේ.
ඔබ වහන්සේගේ විලි වසාගන්න,
බුදුන් දේශනා කල ධර්මය අමු අමුවේ අද මරා දමනවා.

“මහණෙනි ,බොහෝ දෙනාගේ දියුණුව පිණිස ,යහපත පිණිස ගම්නියම් ගම් සැරිසරන්න.
දෙනමක් එක මඟ නොවඩින්න. මුල , මැද , අගයහපත් වූ ධර්මය දේශනා කරන්න”.
- බුද්ධ වචනය

සෝභිත හිමියන් මේක අද දෙරණ අරුණෙන් අහන ප්‍රශ්නෙකින් ගැලවෙන්න හරි අපූරුවට පාවිච්චි කරනවා. දෙරණ නිවේදකයා අහනවා ඔබ වහන්සේ ඇත්තටම භික්ෂුවගේ කාර්ය භාරය ඉටු කරනවද කියලා. එ‍තකොට උන්වහන්සේ කියනවා 

“මහණෙනි ,බොහෝ දෙනාගේ දියුණුව පිණිස ,යහපත පිණිස හැසි‍රෙන්න" මේක තමයි බුද්ධ වචනය මම ඒකයි මේ කරන්නෙ කියලා. එතකොට ඉතුරු ටික කෝ? ඒ ටික හැලුනෙ කොහොමද?
ඔබත් ධර්මය අධ්‍යනය නොකොට ඔබ ආධ්‍යාත්මික සුවයක් හොයන්න උත්සහා නොකොට බල කාමය පසුපස යන මිනිස්සුන්ට කත් අදින ඔබ වහන්සේ කොහොම ද ධර්මය දේශනා කරන්නෙ.

ඔබ වහන්සේට අදට වසර 70ක්
කෝ ඔබ වහන්සේ  ලැබූ ආධ්‍යාත්මීය දියුණුව?
කෝ බුදුන් කියු මඟ ඔබ ගියාද?
කෝ බුදුන් දේශනා කල මාර්ග ඵල ගැන ඔබ සොයාගත්තාද?
අඩුම තරමින් උත්සාහා කරනවද?

බුදුන් කොහෙදිද දේශනා කලේ භික්ෂූ දේශපාලනයක් ගැන?
හොඳම උදාහරණය බුදුන් වහන්සේ. එහෙනම් උන්වහන්සේට තිබුණනෙ ලැබෙන්න නියමිත සක්විති රජ කමත් අරගෙන ධාර්මිකව රට මෙහෙයවන්න. නැහැ බුදුන් දැක්ක ඒක නෙමෙයි සත්‍ය. ඒක නෙමෙයි නියම සුවය කියලා. ඒත් මේ සෝභිත හිමියන් දුවන්නේ මිත්‍යාවක් පසුපස නේද?

දැන් කවුද බුද්ධ වචනය අමු අමුවේ කෙලසලා දා‍න්නෙ?

සෝභිත හිමියනි ඔබ ජන නායකයෙ‍ක් වෙන්න භාවිත කරන්නේ කල්ප ගණනක් බුදුන් පෙරුම් පුරලා සොයා ගත්තු සත්‍ය බෙදාහරින්න සිටින උත්තරීතර සංඝ රත්නයේ චීවරයයි. ඔය පාපය අත්හරින්න. සිවුර පසෙක දාලා ඔබ දේශපාලනය කරන්න අපේ කිසිම තරහක් නෑ. හැබැයි ඔය උත්තරීතර සිවුර බලා කාමයෙන් පෙළන්නන්ට කත් අදින්න පාවිච්චි කරන්න එපා!

තීරණය ඔබටම භාරයි.... 

8 comments:

  1. සහතික ඇත්ත කතාව

    ReplyDelete
  2. Oyata ehema kiyannna aithiyak naha. onama kenekta deshapalanaya karanna aithiyak thiyenawa me rate.

    ReplyDelete
  3. ඕනම කෙනෙකුට දේශපාලනය කරන්න අයිතියක් තියනවා කියුවට ඇත්තටම තියද???

    අනික ප්‍රත්ය්‍ය බලාපොරොත්තුවෙන් සිවුරේ රෑදීසිටිම තුලින් ඔවුන් ගිහිගෙය හෑරදමා පෑමිනීමේන් බලාපොරොත්තු වන දෙය ඇත්තටම ඉටුවනාවාද?
    කෙසේ නමුත් වර්තමාන ස්බාවය අනුව අප තනිවම දර්ම මාර්ගයේ යෑම යහපත් යෑයි මට හෑගේ මක් නිසාදයත් මෙවන් දේ ගෑන ක්‍රෝද සිත් ඇතිකරගෑනීමෙන් ඔවුන් මෙන්ම අපද දුගතී ගාමී වන නිසාය,සෑමට තෙරුවන් සරනයි...!!!

    ReplyDelete
  4. ME HAMUDURUWO DESAPALANAYAK KARANNE NEHE. KARATH EKE ATHI WEREDDAKUTH NEHE.

    ReplyDelete
  5. Purawidya chakrawarthi kiyaganna ayawa pen nethda meka liyana ekata? aanduwata kath adin nethuwa liyanawa nam hema kena genama liyanna. aanduwe pedayek wen nethuwa

    ReplyDelete
  6. @ඇනෝ
    ඔබ ධර්මය දන්නෙත් නැති පාටයි

    ReplyDelete
  7. @අන්තිම ඇනෝ... ඇත්ත කතාව
    හැමෝටම තමා මේ කියන්නෙ

    ReplyDelete
  8. Meka Ape Sobitha Garu Hamuduruvanta vitharak neme, hela urumaya kiyala genapu,"Helaye Karumaya" namathi pakshaya genapu eun saha sudu adagena Dasasil ganna pattapal horu nisa buddhagamata kochchara avadak siduwela thiyenavada? Sobtha Ape Hamuduruvange wada danne Chandrika Madam misak vena kauwda?

    ReplyDelete