Wednesday, May 23, 2012



මල් පැකේජ් හොයන්න රට වටේම ගිහිල්ලා
අන්තිමට හට්ච් හෙඩ් ඔපීසියටම යන්න උනා
ඔන්න ඉතින් දොර ඇරගෙන ඇතුළට යද්දි රිසෙප්ෂන් එකේ ඉන්නවා අක්කා කෙනෙක්
ලස්සනට හෙඩ් පෝන් එකක් එහෙම ගහලා ඉන්නවා
මම ඉස්සරහින් ගිහින් හිටගත්තා...

"එක්ස්කියුස්මී.... " කිවුවම ඒකි "චුට්ටක් ඉන්න සර්" කියලා ආයෙ කෝල් එකේ
මොකද්දෝ හුටපටයක් ගැන කියෝනවා
ඒ අස්සෙ බිස්කට් එකක් කනවා
මටත් හිටන් ඉඳලා බැරිම තැන ටිකක් එහාට ගියා

යද්දි ටොකන් ඉශු කරන තැනක් තිබුණ නිසා එතන්ට යද්දිම එකෙක් ආව ළඟට මං ඇහුවා
"කපල් පැකේජ් එකක් ගන්න පුලුවන්ද" කියලා
"ආහ් ඔව් සර් ඔතනින් වාඩි වෙලා ඉන්න"

ටෝකන් එ‍කේ වාරෙ එනකන් ඉඳල ගියාම කියපි
 " මෙතනින් නම් කපල් පැකේජ් ඉශූ කරන්නෙ නෑ සර් කියලා"

" ඇයි එහෙනම් ටෝකන් එක දෙන‍කොට කිවුවෙ දෙනවා කියලා"
"ටිකක් ඉන්න සර් ... ආහ් මේ නම්බර් එකට කෝල් එකක් දීලා මෙයාගෙන් ඉල්ලගන්න"
මම යන්න හදද්දි කියපි
" ආහ් ඔය ඉන්නෙ සර් එයා තමයි"

මම ඉතින් ඊට පස්සෙ පොර පස්සෙ ගිහින් කොහොමහරි වැ‍ඩේ නම් කරගත්තා හැබැයි දැනගත්තා හට්ච් ආයතනයක් විදිහට පසුබහින්න හේතුව. ඩයලොග් ආකේඩ් එකකට ගියහම තියෙන ප්‍රතිචාර කොහොමද ඒවා එක්ක හට්ච් කැලේ. බොරුවක් තමයි හැබැයි පාරිබෝගිකයා ගණන් ගන්නෙ නැත්තන් ඉතින් බලාගෙන ඉද්දි ආයතන කඩන් වැටෙන්නෙ. දුක නෑ ලංකාවෙ ආයතනයක් නෙමෙයි නිසා.

3 comments:

  1. කපල් පෑකේජ් එකක් ගත්තා වගේ නෙමෙයි,ඉස්සරහට දුක් විදින්න වෙන්නේ උඹටම තමයි,කපල් පෑකේජ් එකත් එක්ක උඹේ නිදහසනම් සීමා වෙයි සෑහෙන්න,

    ReplyDelete
  2. කපල් පැකේජ් දෙන්න නීතීයෙන් අවසරයක් නෑ මන් හිතන්නෙ.ඒ නිසා තමයි හච් කට්ටිය පොඩ්ඩක් පසු බහින්නෙ.Customer care call කරාමත් එයාල කපල් පැකේජ් ගැන කිය්න්නෙ නෑ.

    ReplyDelete
  3. 0785000823-shashika hutch packages onam call karana

    ReplyDelete