Friday, May 18, 2012

Posted by Unknown | File under : ,
දිනෙක සියලු ශ්‍රී ලාංකිකයන්ගේ වීරයෙක් වූ ඔබ,
නොබෝ දිනකින්,
ජවිපෙ ඇතුලු විපක්ෂය විසින්,
සුරංගනා ලෝක පෙන්නලා,
මඩ ගොහුරට ඇදලා දාලා,
තමුන්ගේ ජාමෙ බේරගත්තා....

රාජ්‍ය බලය‍ට එරෙහිව
ඔබ මුට්ටියක් කරගත්තා...
විධායක උතුමා
ඔබව හිර කූඩුවට ඇද දැම්මා

ඔබේ ගෙල ළඟින් සිර වුවත්
ඔබේ වදන් නොසැලී තිබුණා
එවදන්ම ඔබ තවත් සිර කෙරුවා
ඔබේ බිරිඳත් මාන්නයෙන් ඔලුව උදුම්මවාගෙන
ඔබ තවත් සිර කරනු ලැබුවා

නුදුරේ ඔබ නිදහස් බව
විධායක උතුමා කීවා...
නැත.
එයද තවත් ලනු කැරැල්ලකි.
ඔබට අද ඇප බඳින්නට සිදුව ඇත.
කෙසේ හෝ ඔබ නිදහස්ව ඇත.

නමුත්,
ජනතාව නිහඬයි.
වීරයා මරලා....

ජනරාල් උතුමාණනි.
නැවත ඔබ මඩ ගොහුරට නොබසිනු මැනවි.


12 comments:

  1. //ජවිපෙ ඇතුලු විපක්ෂය විසින්,
    සුරංගනා ලෝක පෙන්නලා,
    මඩ ගොහුරට ඇදලා දාලා,//

    ඇදලා දාපු ගමන් වැටෙන්න පොඩි එකෙක් වෙන්න ඇති නේද ?

    ReplyDelete
  2. ඔවු ...
    ජනරාල්ගෙ හිතේ බලයට තණ්හාවක් ඇති කලා
    මහින්ද එක්ක හැප්පෙන්න බෑ කියන එක අමතක වෙන තරමට

    ReplyDelete
  3. ඔබතුමා එහෙම හිතනව නම් , ඔය කවියෙන් වීරයෙකු සේ සකලා ලියල තියන ජෙනරාල් තුමාට කරන බරපතල අපහාසයක් ඒක

    කෙනෙකුට දේශපාලනය කරන්න මහින්ද එක්ක හැප්පෙන්න පුලුවන්ද බැරිද කියන එක අදාල නෑ , කැමති නම් දේශපාලනයේ නිරත වෙලා මහින්ද එක්ක හැප්පිලා බලන එක පුර වැසියෙකුගේ අයිතියක් . හැප්පෙන්න පුලුවන් නම් එහෙමයි , බැරි නම් මහින්ද ආණ්ඩු කරත්දි විපක්ෂ දේශපාලනයක යෙදෙන්නයි හැකියාව තියනවා .

    ReplyDelete
  4. පොතේ තියෙන හැම දේම ප්‍රායෝගික නෑ
    එච්චරයි... පොතෙන් එළීයෙ යතාර්තය තේරුම්ගන්න

    ReplyDelete
  5. මොකක්ද ඔය කියන පොතේ කථාව , මම කියන්නේ ලංකාවේ මෙච්චර කල් වෙච්ච යථාර්තය . එජාපයේ ඉතා දරුණු පාලන කාලයේදි නිදහස් පක්ෂය හැප්පෙන්න බැ කියල අකුලං හිටියද?

    මැතිවරණ ක්‍රමයක් තියන රටක ඡන්දෙ ඉල්ලන එක පොතේ තියරියක් නෙවෙයි , අනික් උන්ට පුලුවන් ෆොන්සේකා කලාම වැරදියි වෙන්නේ ඇයි ?

    ReplyDelete
  6. Mage mathaya nam;yuddayakata ana dennek saha meheyawannek sitinawa,kese ho yuddaya nima una pasuwa ehi sampurna lakunu SF ganna uthsaha kala evita ana denna kupitha una.Ema mohothe elabena chandaya dinanna bari bawa diyaru vipakshaye siyalu dena danagana sitiya.Sf ema mohothe sitiye yuddaye siyalu lakunu thamata damagnimin nayakathwayata kadara kamin, meya danagath vipaksha wala THEMPARADU vechcha aya SF wa idiriyata genawa.SF ta thibune piliwalakata desapalanayata enna.SF kiyanne podi BABEK noveine?Min pauwa SF kese desapanayata piviseda???????????????mata sithagatha nohaka.SF pitupasa sitina ayawalun desa balu vita?

    ReplyDelete
  7. [පොතේ තියෙන හැම දේම ප්‍රායෝගික නෑ
    එච්චරයි... පොතෙන් එළීයෙ යතාර්තය තේරුම්ගන්න]

    ඵ් කියන්නේ මහලොකුවට පොතේ ඉහලින්ම කියන ප්‍රජාත්‍රන්ත්‍රවාදය කියන ඵක මේ පහපොලවේ යතාර්තයක් නෙවේ කියලදා ඔයා කියන්නේ????????
    පොදු ජනයා හෑමදාම ඵකම පාලක කන්ඩායමකට යටත්ව සුනඛයන් වගේද ඉන්න ඔනේ??????

    ReplyDelete
  8. sinhayek kawadaawath thankola kanne naha kiyana eka therum ganna mahaththayaa. General kiyanne sinhayek..eyaage birinda gana obe wadan bohoma apahaasaathmakayi..

    ReplyDelete
  9. ඔබ මොනවා කිවුවත් යතාර්ථය තේරුම්ගත යුතුමයි
    අද රටේ දේශපාලනය මඩ වලක්? ඔව්ද නැද්ද?
    රටේ හැමෝගෙම වීරයෙක් වෙලා හොඳින් ඉන්න හිටපු කෙනෙක් වෙන සරත් අද නිකාන් දුක් විඳින්නෙ ජවිපෙ එජාපෙ තමුන්ගෙ විලි වහගන්න කරපු වැඩේ නිසා. ඕව්ද නැද්ද?
    අද ජවිපෙත් කට වහගෙන එජාපෙත් එහෙමයි. ඕව් ද නැද්ද?
    අනෝමා මහින්ද හමු උනාට පස්සෙ ප්‍රශ්ණෙ විසඳුනා ඔව්ද නැද්ද?
    ඕක කලින් කරගන්න තිබුණ නේද? ඕව්ද නැද්ද?

    අද ඔබ කට ඇරියොත් හෙට ගේ ඉස්සරහා සුදු වෑන් එකක්
    ඔයාට වැඩිය හොඳට මම ඒක දන්නවා
    ඔබත් නොදන්නවා වගේ හිටියට දන්නවා කියලත් මන් දන්නවා
    ඒ නිසා ආයෙත් ඔය මනුස්සයා දේශපාලනේට ඇදලා දාලා
    ඒ මිනිහා මරාගෙන මහා වීරයෙක් කියලා උපහාර‍ තියලා වැඩක් නෑ

    නිදහසත් වවාගෙන කෑවා
    කවුරුත් නෙමෙයි අනෝමා... එච්චරයි

    ReplyDelete
  10. //අද රටේ දේශපාලනය මඩ වලක්? ඔව්ද නැද්ද?//

    දේශපාලනය කොහොමටත් එහෙමයි ලංකාවේ , ඒක අමුතු දෙයක් නෙවෙයි

    //ටේ හැමෝගෙම වීරයෙක් වෙලා හොඳින් ඉන්න හිටපු කෙනෙක් වෙන සරත් අද නිකාන් දුක් විඳින්නෙ ජවිපෙ එජාපෙ තමුන්ගෙ විලි වහගන්න කරපු වැඩේ නිසා. ඕව්ද නැද්ද?//

    අනුන්ගේ විලි වහන්න ජෙනරාල් ගියේ මොකටද , බලහත්කාරයෙන් ගෙනත් දැම්මා නෙවෙයිනේ , ෆොන්සේකා මහත්තයගේ අයිතියක් වෙච්ච ඡන්දෙ ඉල්ලන එකට සහය දීපු එවුන්ද , ඡන්දේ ඉල්ලුවා කියල උස්සගෙන ගිහින් හිරේ දාපු උන්ද වැරදි

    //අද ජවිපෙත් කට වහගෙන එජාපෙත් එහෙමයි. ඕව් ද නැද්ද?//

    අනෝමා ජවිපෙයි යූඇන්පියයි හලලා වෙනම ගේමකට ගියාම උන් මොනව කරන්නද

    //අනෝමා මහින්ද හමු උනාට පස්සෙ ප්‍රශ්ණෙ විසඳුනා ඔව්ද නැද්ද?//
    //ඕක කලින් කරගන්න තිබුණ නේද? ඕව්ද නැද්ද?//

    අනෝමා හමුවුනේ අන්තිමට , සාකච්ඡා කලේ ටිරාන් (ඒ සාකච්ඡා මොනවද කියල අපි තාම නොදන්න ) , අනෝමා හමුවෙච්ච ගමන් එලියට දාන්න හිතාගෙනද උස්සන් ගිහින් හිර කලේ

    //අද ඔබ කට ඇරියොත් හෙට ගේ ඉස්සරහා සුදු වෑන් එකක්//


    නෑ තාම රටේ තත්වය ඒ තරම් දරුණු නෑ,තත්වය ඒ තරම් දරුණුයි කියල ඔබම කියනව නම් ඒහෙම ඇති කරල තියන පාලනයට විරුද්ධව මොකක් හරි දේශපාලන බලවේගයක් ගොඩ නැගෙනවට ඔච්චර බය මොකෝ

    //ඒ නිසා ආයෙත් ඔය මනුස්සයා දේශපාලනේට ඇදලා දාලා //


    එක එකාට ඇදල දේශපාලනයට දාන්න උන්නැහේ පොඩි එකෙක්ද , ඔහුට කැමති නම් දේශපාලනය කරයි නැත්නම් නිකා ඉඳියි .

    ReplyDelete
  11. @බුවා
    මට ඔයත් එක්ක ලොකුවට ගැටෙන්න තරම් මතවාදයක් නෑ මම ඔබ කියන දේ යම්තාක් දුරකට පිලිගන්නවා.
    රටේ තත්වෙ ගැන නම් දන්නෙ නෑ වගෙයි පේන්නෙ
    ඉන්ටර්නෙට් එකේ කෑගහල වැඩක් නෑ එළීයට ගිහින් කෑ ගහල බලන්න
    මොකද වෙන්නෙ කියලා

    ReplyDelete
  12. //රටේ තත්වෙ ගැන නම් දන්නෙ නෑ වගෙයි පේන්නෙ
    ඉන්ටර්නෙට් එකේ කෑගහල වැඩක් නෑ එළීයට ගිහින් කෑ ගහල බලන්න
    මොකද වෙන්නෙ කියලා//

    රටේ තත්වය ගැන නොදන්නවා නෙවෙයි , නමුත් තාමත් රජයට විරුද්ධව පුරවැසියෙකුටවත් කටක් අරින්න බැරි තරම් (චීනය වගේ ) නරක නැහැය කියලයි මම හිතන්නේ

    ReplyDelete