Thursday, May 31, 2012

Posted by Unknown | File under : ,
මේ කියන්න හදන්නෙ ඔබට බොහෝවිට අත් විඳීමට සිදුව ඇති එහෙත් එයින් ඔබේ ජීවිතය බිඳ වැටීමක් සිදු වූවා විනා එයින් ප්‍රයෝජනයක් ලබා ගැනීමට හැකි නොවූ සිදුවීමක් ගැනයි.


''මට හැම දේම නැති උනා මචන්, මට දැන් ඉඳලා වැඩක් නෑ
මං මොකටද බන් දැන් ජීවත් වෙන්නෙ"
ඉහතින් තියෙන්නෙ ඔබට අනිවාර්යයෙන්ම හොඳට හුරුපුරුදු වචන කිහිපයක්. ඔබ හිතාගෙන හිටපු ගොඩක් දේවල් ඒ හිතපු විදිහට නොවීම නිසා බොහෝ දෙනෙක්ගෙ මුවින් පිටවෙන්නේ ඔය වචන ටික තමයි.

මේ කියන දේ බොහෝ විට ඔබේ ජීවිතයට වගේම ඔබේ යාලුවෙකුගේ ජීවිතයක් ගොඩ දාන්නත් උපකාරි වෙයි.

අපි හිතමු දැන් මට කෙල්ල මට බූට් එක තියනවා
මගේ ගෙදරින් මාව එළවනවා
මම විභාගෙ අසමත් වෙනවා

ඔය හැම දේකින්ම කියවෙන්නෙ මට යම් යම් දේවල් නැති වෙලා.
ඔබ දුක් වෙනවා කියන්නෙ නැති උන දේ ගැන ඔබ තවමත් සිතනවා.
ඔබ සිතනවා කියන්නෙ නැති උන දේ නැවත නැවත සිතින් නැති කරගනිමින් දුක් වෙනවා.

ඔය හැමදේම අතරෙ අපිට සතුටු වෙන්න පුලුවන් කියලා කිවුවොත් ඔබ පුදුම වෙයි.

සැබැවින්ම ඔබ තුළ අති විශාල ශක්තියක් පිහිටනවා
ඒ ශක්තිය අති මහත් ශක්තියක්.
ඒ ශක්තිය වචනෙකින් කිවුවොත් "ස්වාධීන" බව කියන ශක්තියයි.
හරියටම අර නිවුටන්ගේ නියම වල කියවෙන භාහිර බල නැතිව නිශ්චලව පවතින වස්තුවක් වගේ.

නමුත් ඒ ශක්තිය ඔබ ටිකෙන් ටික ඔබ සමහර අය අතරේ බෙදනවා
ඔබ තුළ තියෙන ශක්තිය වටේ ඉන්න අයට දෙනවා.
පහත රූපයෙන් වඩාත් පැහැදිලි වේවි


දැන් ඔබට පේනවා නේද? ඔබ තුළ ඇති ශක්තිය දැන් සැබැවින්ම තියෙන්නෙ වෙනත් දේවල් මතයි. ඒ කියන්නෙ ඔබ ඔබේ ශක්තිය එක එක්කේනාට දීලා.ඒ ශක්තිය ලබාගත්තු අය ඔබෙන් ඈත් උනොත් ඔබ විශාල වශයෙන් කඩාගෙන වැටෙනවා.

දැන් ඔබම නේද වැඩේ වරද්ද ගත්තෙ?
ඔබේ ශක්තිය ඔබ වටේ ඉන්න අයට බෙදලා. ඊට පස්සෙ ඔබම දුක් වෙනවා.
ඒ කියන්නෙ ඔබ ඔබේ සල්ලි වෙන කෙනෙක් ළඟ තැන්පත් කරලා ඔබ ඒකට පොලියක් අරගන්නවා වගේ වැඩක්. බැංකුව වහලා දැ‍ම්මොත් ඔ‍බේ මුදල් ලැබීම හීන වෙනවා වගේම තැන්ලත් මුදලත් නැති වෙනවා ඉතින් ඔබේ අවසානය එයයි. 

හරි අපි දැන් ආයෙත් මුලට එමු
මට දැන් දෙයක් නැති වෙලා ඉන්නෙ. ඔබට පේනවා ඇතිනෙ මොන මොනවගේ දේවල් වලටද මගෙ ශක්තිය දීලා තියෙන්නෙ කියලා. (මෙහි ඔබ කියන දේට ඔබේ ඇතුළාන්ත ආධ්‍යාත්මය මිසක් රූපය අයත් වෙන්නෙ නෑ) හරි අපි හිතමු අපිට මුලින්‍ කොම්පියුටරේ කැඩෙනවා. ඔන්න ඉතින් මුණු පොතත් නෑ අන්තර්ජාලෙත් නෑ සිංදු අහන්නත් නෑ ගේම් ගහන්නත් නෑ දුකේ බෑ නේද?

ඔබ කොම්පියුටරේට ඔබේ ශක්තියෙන් දීලා තිබුණ කොටසත් අරන් එයා මාරු වෙලා.
දැන් වෙන එකක් ගේනකන් ඉවසිල්ලක් නෑ. 

මම මෙහෙම හිතනවා 
හරි මට නැති උනේ කොම්පියුටරේනෙ, මට අනිත් හැමදේම තියෙනවනෙ
කොටින්ම මට මගේ කෙල්ල ඉන්නවනෙ. ඒ ඇතිනෙ. එහෙම නැත්ත්න අම්මා ඉන්නවනෙ. 

ඔය විදිහට ඔබ වටා තියෙන දේවල් වලට ඔබේ හිතේ තියෙන ආශාව එහෙමත් නැත්නම් බැඳීම කුඩු කරලා විනාස කරලා දාන්න.

මට කොම්පියුටරේ තිබ්බා නම් හොඳයි. ගේම් එකක් ගහන්න පුලුවන්.
නැත්තන් ඒත් හොඳයි. මට වෙලාව ඉතුරු වෙනවානෙ පාඩම් කරන්න.

බලන්න කොච්චර සරලද.

මට කෙල්ල ඉන්නවා නම් හොඳයි. මගේ හැමදේටම හොඳ සහකරුවෙක් වෙයි.
නැත්නම් ඊටත් හොඳයි. දවසක මේ බැඳීම නැති වෙනවා. එදාට මට දුක්වෙන්න වෙනවා. කෙල්ල නැත්නම් ඉතින් දැන් මට දුක් වෙන්න හේතුවකුත් නැති උනා.

ඔබෙන් ගිලිහෙන බැඳීමක් බැඳීමක් ගානෙ ඒ දෙයට දීලා තිබුණ ශක්තිය වහාම ඔබ තුළට ගන්න. ඒක අපතේ යන්න දීලා ඔබ මානසිකව ඇද වැටෙන්න එපා. එවිට නැතිවෙන හැම දේකින්ම ඔබට ශක්තියක් ලැබේවී. ඔබේ ජීවිතේ නැති වෙන හැම වෙලාවකම ඔබ දස ගුණයක් ශක්තිමත් වේවි.

අවසාන වශයෙන් අර සංකල්පය හොඳට හිතන්න
සැබැවින්ම ඔබට තනිව ඉන්න පුලුවන්ද?
බැහැ නේද? දහසකුත් එකක් දේවලට ඔබේ ශක්තිය පූජ කරලා.
ඔබ නිකන් අසරණ වෙනවා.
ඔබ දුක් වෙන්නෙ ඔබ නිසා නම් කමක් නෑ
නමුත් ඔබ සෑම විටම දුක් වෙන්නෙ ඔබට නැති උන භාහිර දෙයක් නිසයි.

Wednesday, May 30, 2012

Posted by Unknown | File under : ,


"රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව"
"අමාරුවෙන් ගත්තෙ වද්දන්න එපා"
"සුදු මුහුණයි හුරතලයයි හරි අවදානම්"
"මේ වෑයම රජ වෙන්නට නොවේ"
"හුරතලේට දඟ කලාට එපා රවන්න"
"පිඹගෙන එන්නේ ඉඹගෙන යන්නද?"
"අතේ තිබ්බ සල්ලිත් නෑ ළඟින් හිටිය කෙල්ලත් නෑ"
"රත්තරන් අම්මා"

ඔය මම උඩින් කිවුවෙ අද වෙනකොට ත්‍රී රෝද රථ වල ගහලා තියෙන "නව රුවන් වැකි" ගණයට අයත් වෙන වාක්‍ය කිහිපයක්. මේක දැක්කම හිතෙනවා ලංකාවේ දාර්ශනිකයො ගොඩක් කරන්නෙ ත්‍රී වීල් එලවන එක එහෙම නැත්තන් ත්‍රී වීල් එලවනකොට දාර්ශණිකයෙක් වෙනවා කියන එක.

හරි අපි ඒ කතාව පැත්තකින් තියමුකො. අපි පාරේ වාහන වල ගහලා තියෙන වාක්‍ය කියෙව්වොත් ගොඩක් වාක්‍ය ඍණාත්මක අදහසක් තමයි කියවෙන්නෙ. "නෑ, බෑ'' වගේ ඒවා තමයි වැඩි පුර කියන්නෙ. ඒක දකින ඔබට හැම වෙලේම ඇති වෙන්නෙ ඍණාත්මක අදහසක්.

ඔබ දන්නවනෙ ගෙදර දොරේ "බුදු සරණයි" කියලා ගහන්නෙ ඒක දකින වාරයක් වාරයක් පාසා අපි තුළ ඇති වෙනවා අපිට බුදු සරණ තියෙනවා කියන ධනාත්මක හැඟීම. නමුත් අර කිවුවා වගේ ඍණාත්මක වදන් ඔබ නිතර දකිනවා කියන්නෙ ඔබ ඔබේ වාහනයේම ඔබට වස් කවියක් ලියා ගැනීමක්.

අනිත් දේ තමයි ත්‍රී වීල් වල වගේම බස් වලත් සිංදු දානවා....

ඒ සිංදු ඔක්කොම එක වගේ මට නම් ඇහෙන්නෙ එකම දෙයයි
"බිස්කට් කුඩු - බිස්කට් කුඩු - බිස්කට් කුඩු - බිස්කටු කුඩු"

ඇත්තටම දාන්නෙ බස් ඩ්‍රයිවර්ට ඕන එයා කැමති සිංදුව. එතකොට බස් එකේ යන උන් ඒක අහන්න ඕනෙ. ඒකත් මෙලෝ රහක් නැති තුට්ටු දෙකේ ටකරං සංගීතයක් තමයි බස් වල දාන්නෙම. ත්‍රී වීල් වලත් ට්‍රෙන්ඩ් එක තමයි වටේටම කෑලි ගහලා රෑට දැක්කම තොට ළඟ තොරණ වගේ. දාගන්නවා සංගීත සංදර්ශනයක් නැත්තන් බයිලා කැසට් එකක් සීඩී එකක්. ඉතින් ඕක කොයි වෙලෙත් කන පැලෙන්න දාගෙන ඉන්නෙ. ජංගම සංගීත සංදර්ශණ. ත්‍රී රෝද රථ රියදුරන් අතරේ ඔබ පොරක් වෙන්න පුලුවන් එහෙම කළාම. හැබැයි බහුතර ජනතාව ඉදිරියේ ඔබ "පුහු මෝඩයෙක්" . ඔය ලයිට් කෑලි එල්ලන එකේ තව ත්‍රී වීල් එකක් අරගන්න ප්ලෑන් කරා නම් ඒක අරන් හයර් යන්න තව එකෙක්ට දුන්න නම් සල්ලි නේද?

Tuesday, May 29, 2012



මාදුලුවාවේ සෝභිත හිමියනි,
ඔබ වහන්සේ මහා නායකයෙකි.
ඔබ වහන්සේ රටේ වීරයෙකි.
ඔබ වහන්සේ ජන නායකයෙකි.
නමුත් ඔබ වහන්සේ බුද්ධ ශ්‍රාවක සංඝ රත්නයට අයිති නොවේ.
ඔබ වහන්සේගේ විලි වසාගන්න,
බුදුන් දේශනා කල ධර්මය අමු අමුවේ අද මරා දමනවා.

“මහණෙනි ,බොහෝ දෙනාගේ දියුණුව පිණිස ,යහපත පිණිස ගම්නියම් ගම් සැරිසරන්න.
දෙනමක් එක මඟ නොවඩින්න. මුල , මැද , අගයහපත් වූ ධර්මය දේශනා කරන්න”.
- බුද්ධ වචනය

සෝභිත හිමියන් මේක අද දෙරණ අරුණෙන් අහන ප්‍රශ්නෙකින් ගැලවෙන්න හරි අපූරුවට පාවිච්චි කරනවා. දෙරණ නිවේදකයා අහනවා ඔබ වහන්සේ ඇත්තටම භික්ෂුවගේ කාර්ය භාරය ඉටු කරනවද කියලා. එ‍තකොට උන්වහන්සේ කියනවා 

“මහණෙනි ,බොහෝ දෙනාගේ දියුණුව පිණිස ,යහපත පිණිස හැසි‍රෙන්න" මේක තමයි බුද්ධ වචනය මම ඒකයි මේ කරන්නෙ කියලා. එතකොට ඉතුරු ටික කෝ? ඒ ටික හැලුනෙ කොහොමද?
ඔබත් ධර්මය අධ්‍යනය නොකොට ඔබ ආධ්‍යාත්මික සුවයක් හොයන්න උත්සහා නොකොට බල කාමය පසුපස යන මිනිස්සුන්ට කත් අදින ඔබ වහන්සේ කොහොම ද ධර්මය දේශනා කරන්නෙ.

ඔබ වහන්සේට අදට වසර 70ක්
කෝ ඔබ වහන්සේ  ලැබූ ආධ්‍යාත්මීය දියුණුව?
කෝ බුදුන් කියු මඟ ඔබ ගියාද?
කෝ බුදුන් දේශනා කල මාර්ග ඵල ගැන ඔබ සොයාගත්තාද?
අඩුම තරමින් උත්සාහා කරනවද?

බුදුන් කොහෙදිද දේශනා කලේ භික්ෂූ දේශපාලනයක් ගැන?
හොඳම උදාහරණය බුදුන් වහන්සේ. එහෙනම් උන්වහන්සේට තිබුණනෙ ලැබෙන්න නියමිත සක්විති රජ කමත් අරගෙන ධාර්මිකව රට මෙහෙයවන්න. නැහැ බුදුන් දැක්ක ඒක නෙමෙයි සත්‍ය. ඒක නෙමෙයි නියම සුවය කියලා. ඒත් මේ සෝභිත හිමියන් දුවන්නේ මිත්‍යාවක් පසුපස නේද?

දැන් කවුද බුද්ධ වචනය අමු අමුවේ කෙලසලා දා‍න්නෙ?

සෝභිත හිමියනි ඔබ ජන නායකයෙ‍ක් වෙන්න භාවිත කරන්නේ කල්ප ගණනක් බුදුන් පෙරුම් පුරලා සොයා ගත්තු සත්‍ය බෙදාහරින්න සිටින උත්තරීතර සංඝ රත්නයේ චීවරයයි. ඔය පාපය අත්හරින්න. සිවුර පසෙක දාලා ඔබ දේශපාලනය කරන්න අපේ කිසිම තරහක් නෑ. හැබැයි ඔය උත්තරීතර සිවුර බලා කාමයෙන් පෙළන්නන්ට කත් අදින්න පාවිච්චි කරන්න එපා!

තීරණය ඔබටම භාරයි.... 

Saturday, May 26, 2012

Posted by Unknown | File under : ,
ඔබ ප්‍රේම කරලා තියෙනව ද?
අනිවාර්යයෙන්ම ඔබ "ඔව්" කියයි.

ඔබේ ආදරේ නැති වෙලා තියෙනව ද?
99% ක් දෙනෙක් "ඔව්" කියයි.



ඔබ තාමත් ඒකෙන් විඳවනව ද?
5% "ඔව්" කියයි.

අද ආදරේ නැති උනා නම් තවත් වසරක් යනකොට ඔබේ හිත වෙන කවුරුමහරි හොරකන් කරනවාමයි ඔබටත් හොරෙන්. එවිට ඔබ හිතන්නෙ " කලින් කෙනා නෙමෙයි මෙයා තමයි මට ගැලපෙනම කෙනා" කියලා.

ආදරේ දාල යන්නෙ නෑ කවදාවත්.
මොකද ආදරයක් නම් දාලා යන්න කිසිම හේතුවක් නෑ.
මොකද ආදරේ කලා නම් කිසිම හේතුවක් දාලා යන්න තරම් ප්‍රභල වෙන්නෙ නෑ.

මම කියන්නෙ මේ දිගු දෑස වගේ සුරංගනා කතා ගැන නෙමෙයි හැබෑ ලෝකෙ ජීවත් වෙන හැබෑ මිනිස්සු ගැන. ඔබ බොහෝ දෙනෙක්ට දෙදෙ‍නෙක් තිදෙනෙක් ආශ්‍රය කරලා තමයි හරි කෙනා හම්බෙන්නෙ. සමහරවිට ඔබ බඳින්න තීරණය කරන කෙනා උනත් වැරදි කෙනෙක් වෙන්න පුලුවන්.

ඔබව දාලා යන පෙම්වතියට හෝ පෙම්වතාට ඔබේ දුක කියලා
හැර යන ආදරේ ලබා ගන්න උත්සහ කරනවා නම්?
සිංදුවක් කියලා ඇයට හෝ ඔහුට ඒ බව තේරුම් කරන්න උත්සහ කරනවා නම්?
ඔබ කොයිතරම් මෝඩද.

ආදරය කලේ ඔබට පමණක් නම් කිසිම දාක ඔබ ජීවත්ව සිටියදී හැරයන්නෙ නෑනෙ.
ඉතින් ගියා කියන්නෙ ඔබට (පමණක්) නෙමෙයි ඔබ සතු යම් ‍දේකටයි ආදරේ කරලා තියෙන්නෙ.

දුමාල් වර්ණකුලසූරිය ළඟදි සිංදුවක් කියනවා
"හමු වුන හැම දේටම වඩා හමු උනේ ඔබමය,
නැති උන හැම දේකටම වඩා නැති උනේ ඔබමය"
අතිශය දීර්ඝ සිංදුවක්... ඒක කියන්නෙ හැර යන ආදරේට තමන්ගෙ දුක කියන්නලු
අතිශය දුක්ඛිතයි. හඬා වැලපෙනවා.
හරි කෙල්ල ගියා කියමු ඒ කෙල්ල ගියේ එක පාරයි.
ඒත් මේ මනුස්සයා දවසට 10 පාරක් ඒ වේදනාව මෙනෙහි කරනවා.
බලන්න කොයිතරම් මෝඩද කියලා.
ඒ මදිවට ඒක රූපවාහිනියෙත් ඇවිත් කියනවා.

ඒත් කියන්න තිබුණෙ එකම දෙයයි
ඒ ශිහාන් කියන දේ
ඔබ ගියා නම් යන්න... ඔබ ගියා කියලා මට බලපෑමක් වෙන්නෙ නෑ
ඔබ ගියොත් මගේ තවත් එක් දුක් වෙන්නට  තිබුණු දෙයක් නැති උන නිසා සතුටු වෙනවා.
ඔබ අද අමාරුවෙක් රඳවගත්තත් හෙට තවත් හේතුවක දි ඔබ යනවා.

" අද තනියෙන් මා - හඬන්නෙ නෑ මා
මා දමා ඈ ගියා.. කියා.... මා දමා...
සිත දුක් දෙන්නෑ. අද මට තනි නෑ
ඔබ නෑ කියා...."

Friday, May 25, 2012

Posted by Unknown | File under : ,
ඔබ අනිවාර්යයෙන්ම මේ ගැටලුවට මුහුණ පාලා ඇති.
හදිස්සි අවස්ථාවක හැමෝම එකම සයිට් එකකට ට්‍රයි කරනකොට,
(ලංකාවෙ නම් වෙනවා ටිකක් අඩුයි)
සර්වර් එක මදි උනාම බොහෝ විට සයිට් එක ඩවුන් වෙනවා,
ඒ වෙලාවට ඉතින් රටේ නැති ඒවා මතක් වෙනවා,
(වෙබ් මාසටර්ගෙ පවුලත් එක්කම)

ඉතින් ඕක තරහගන්න දෙයක් නෙමෙයි
කරන්න තියෙන්නෙ පුංචි දෙයක්,


මේ තමයි ඒක... 
වෙබ් ලිපිනය - www.coralcdn.org

මෙන්න මෙතනට අවශ්‍ය‍ වෙබ් ලිපිනය ඇතුල් කරලා
GO කරන්න විතරයි තියෙන්නෙ.



ඊට පස්සෙ ඉතින් කිරි ගහට මෝල් ගහෙන් ගැහුවා වගේ බඩු වැඩ.



හැබැයි එක එන්නෙ මෙන්න මේ වගේ. 






Thursday, May 24, 2012

Posted by Unknown | File under : ,
සුනාමි කිවුවම දැන් නම් ඒ තරම් උණුසුමක් නැති උනාට 
මේ කියන්න යන දේ නම් කවද හරි දවසක වැදගත් වෙයි
ඒ වගේම කවද හරි දවසක ඔබට අහිමි විය හැකි ගොඩක් දේවල් රැක ගන්න අවශ්‍ය වෙයි

මේ කියන්නෙ සුනාමි පෙර අනතුරු ඇඟවීම් පද්ධතියක් ගැන
මේක සංවිධානයක් 



නම - CWARN 
වෙබ් අඩවිය - www.cwarn.org

මුලින්ම තියෙන්නෙ මේකෙ ලියාපදිංචි වෙන්න



මෙන්න මේක පුරවන්න විතරයි තියෙන්නෙ.

ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි නමුත්
ලංකාවේ මේ පද්ධතියට සහය දක්වන්නෙ ඩයලොග් මොබිටෙල් හා එටිසලාට් විතරයි

ඔබට ඔබ සිටින ප්‍රදේශයේ භූමි කම්පාවක් හෝ සුනාමි අවධානමක් ඇත්නම් එසැනින් ඔබගේ ජංගම දුරකථනයට කෙටි පණිඩිඩයන් එනවා.

මෙන්න මේ ව‍‍ගේ

WARNING - A earthquake of magnitude 8.7 has occurred in your area. There is the possibility of a widespread tsunami effecting your area - Cwarn.org                            

Wednesday, May 23, 2012

ඕ ලෙවල් ඉවර වෙලා නිකාන් ගෙදර ඉන්න එකනෙ
කරන්නෙ ඉතින් කනවා ටීවි බලනවා නිදාගන්නවා මූණු පොතේ ඉන්නවා
මාරුවෙන් මාරුවට ඔය චක්කරේ තමයි
මූණු පොතේ චැටක් දාන්න මට හිටපු සෙට් එකේ ගොඩක් අය අක්කලා නැත්තන් නංගිලා
එක්කෙනෙක් පිස්සුම කේස් එකක්
ඒ අතරෙ මගෙ වයසෙ කෙල්ලෙකුත් හිටියා
(ඉන්නවා නම පස්සෙ කියන්නම්)

ඔහොම ඉතින් චැට දාගෙනමයි ඉන්නෙ
මම සාමාන්‍යයෙන් උදේ ගැගිටින්නෙම කොම්පියුටරෙයි රවුටරෙයි ඔන් කරගෙනමයි
(ඔව් ඔව් දත් මදින්නත් කලින් තමයි)
පංති යන්නත් පටන් අරන් තිබුනෙ නැති නිසා
කන්නෙ බොන්නෙ ඔක්කොම කොම්පියුටරේ ඉස්සරහ ඉඳන් තමයි.
රෑටත් ගෙදර කස්ටිය නිදාගෙන
නිදාගන්නෙ නැද්ද කියලා හැට පාරක් අහනකන්ම ඒ පුටුව උඩමයි
(බලන්න කොච්චර හැදිච්ච ළමයෙක්ද නේ?)

කරන්නෙම චැට තමා
නිතර නිතර සෙට් උන නිසා අර උඩදි කියපු කෙල්ල මට හොඳට සෙට් වෙලා හිටියෙ
ඒ උනාට පොටෝ කෑල්ලක් වත් දැකලා නම් තිබුණෙ නෑ.
හැබැයි විස්තර ටික නම් දැනගෙන හිටියා අග ඉඳලා මුලට කට පාඩමින්.

ඔය අතරෙම කොහොමහරි
මගෙ තව පුරුද්දක් තමයි කොටන එක
(පිටි නෙමෙයි බොල එස් එම් එස්)
මනමාල කමටත් නෙමෙයි ෆන් එකට තමා
ලෝකෙ නැති වල්පල් කොටන්නෙ 


අර උඩින් කියපු කෙල්ලගෙ නම්බර් ‍‍පෝන් බුක් එකට ආවය කියමුකො
(කොහොමද අහන්නෙපො බිම වැටිලා නම්බර් හම්බෙන්නෙ නෑනෙ 
මාර ගේමක් දීලා  නම්බර් එක ඉල්ලගත්තෙ)




වෙලාව කියන්නෙ අපි දෙන්නම් මොබිටෙල්
ඒ කිවුවෙ "වී කෙයාර් ඕල් වේස්"
ඉතින් ඒකත් ජයසිරි මංගලම් කියලා
කාලයක් කොට කොට හිටියා.....


ඔය අතරෙ තමයි "රුවන් මාලිගා" කතාව සිරසෙ පටන්ගත්තෙ
අපි ඉතින් අනිවා කතාව බලන ගමන් මූණු පොතේ චැටට සෙට් වෙනවා






දෙන්නම කතාව බලන ගමන් විස්තර විචාරත් දෙනවා
ඒවත් මේ නිකන් ඒවා නෙමෙයි පවුල් ජීවිතෙ ගැන ගැඹූරු කාරණා තමයි සාකච්චා වෙන්නෙ
(හරි හරි ‍බොල එහෙම තමයි පොඩි උනාට අපි අනාගතේ ගැන හිතනවා)


අපි දෙන්නා ඉතින් කතාව බලන ගමන් ෆන් එකට වගේ මම පහන් උනා එයා පොඩ්ඩි උනා

ඕකෙ ඔය ඉන්නෙ පහන් ඔඩ්ඩියා ඔන්න ඕකා දවසක් පොඩ්ඩි නගාට ආදරෙයි කියනවා


මගෙත් කට හොඳ නෑනෙ මාත් කිවුවා
"මං ඔයාට ආදරෙයි පොඩ්ඩියේ...."
කියලා
එයා කිවුවා
" හා හා ඒවා පස්සෙ බලමු" කියලා

දෙයියෝ සාක්කි!
මම දාපු මුට්ටියටම දෑත බදලා ගැහුවා නේද.

ඒත් මට ඊට පස්සෙ නම් මගේ ලොවට ඔබ සුළඟ වගේ එනවා කියලා තේරුණා.
ටික දවසක් යනකන් කෑමක් කන්න හිතෙන්නෙ නෑ
නින්ද යන්නෙ නෑ. මහා පාලුවක් දැනෙනවා. මොකද්ද මොකද්ද එකක්
හිතුවෙවත් නැති දවසක හිතන්නැතුවම හම්බෙච්ච මේ පොඩ්ඩි මගෙ ලෝකෙ හොල්ලලා
රිච්ට පරිමාණ 9 විතර භූමි කම්පාවක් වගේ

දවසක් මහ රෑ 12ත් පහු වෙලා

අපි ආයෙත් අපි ගැන කතා කරන්න ගත්තා
කෙලින්ම සබ්ජෙක්ට් එකට නාවට වටෙන් වටෙන් දෙන්නම කැරකුනේ පොල් පැලේ කන්න තමා.
කොහොමහරි දෙන්නම් එක පාරට සබ්ජෙක්ට් එකට ආවා.

හැබැයි ලැබුණෙ දුක හිතෙන උත්තරයක්
"මට ටිකක් කල්පනා කරන්න ඕනෙ. මම පස්සෙ කියන්නම්"

මට මාර දුකයි මං හිතුවෙ පැනලා කැමැත්ත දෙයි කියලා

කොහොමහරි මට නින්ද ගියා.....

උදේ නැගිටිද්දි...

යූ හෑව් අ ටෙක්ස්ට් මැසේජ්

"මං ඔයා කියපු දේ ගැන හිතුවා. මාත් කැමතියි ඒකට"
මගේ ඔලුවට 2කේ 4 පොල්ලකින් තඩි බෑවා වගේ.

එදා තමයි මගේ ජීවිතේ යූ ටර්න් එකක් ගහලා අනිත් පැත්ත හරවපු දවස...
ඒ දවස අපිට ලැබුණෙ "රුවන් මාලිගා" නිසා.
අදටත් ඒ සිද්දි අපි එක්ක අපි දෙන්නා වටේ ඒ විදිහටම සිදු උනා කිවුවොත් හරි.
පොඩ්ඩි අඬපු දවස්වල මගෙ පොඩ්ඩිත් අඬපු වාර අනන්තයි.
හිනාවත් සතුටත් එහෙමමයි.

ඉතින් මේ සතියෙන් ඒකත් ඉවරයි.

ඒ උනාට අපෙ ආදර කතාව නම් සදහටම රැ‍‍‍ඳෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා




රටේ මිනිස්සු ගොඩක් ඉන්නවා
රටේ තීරණ ගන්න අමාරුයි
රට නියෝජනය කරන්න කිහිප දෙනෙක් අවශ්‍යයි
ප්‍රසිද්ධ ඡන්දයක් තියනවා
කිහිප දෙනෙක් තොරගන්නවා රට නියෝජනය කරන්න 
ඒ වගේම රටේ ප්‍රශ්ණ විසඳන්න

අද මොකද කරනෙ
‍ඒ බලයෙන් ඔලු විකාර වෙලා
ආපු වැඩේ අමතක වෙලා
නියෝජිතයො අයිතිනාරයො වෙලා
වගකීම් පැත්තක තියලා මැරකමට බැහැලා
පරම්පරා ගානකට මුදල් පොදි ගහනවා
පාතාලයට වැට බැඳලා
ඒත් රාජ්‍ය තුලින් පාතාලය නැවත ගොඩනැගිලා
නිලය බලය අනවශ්‍ය දේට යොදාගෙන

නියෝජිතයො කෑලි කෑලි වලට බෙදිලා
කඳ බඩ මහත් වෙච්ච එහෙයියො ටිකක් වෙලා
උන් මුන්ට බනිනවා 
මුන් උන්ට බනිනවා
තමන්ගෙ කාඩ් එක හොඳ කරගන්න
ළකුණු දාගන්න නම් ඕන දෙයක් කරනවා

දැන් එකතු වෙන්න වෙලාව
ඔබේ අත්දැකීම් රටට අත්‍යාවශ්‍යයි
ඔබේ හැකියාව රටට අවශ්‍යයි
පහර ගහන කුහක දේශපාලනයෙන් 
ආවේගශීලී දේශපාලනයෙන් මිදිලා 
එක අරමුණක් වෙනුවෙන් එකතු වෙන්න ඕනෙ
හෙට රට තවත් රටක බිල්ලක් නොවන්නටත්
හෙට රට අනෙක් රටකින් හිඟාකනරටක් නොවන්නටත් 
රටේ ජනතාව දියුණු කරන්නත් රටේ හර පද්ධතිය රකින්නත්
තමාගේ දියුණුව නොව ර‍ටේ දියුණුව වෙනුවෙන් එකතු වෙමු!
නැත්තන් රට තව තවත් ආපස්සට යනවා මිස ඉදිරියක් නෑ

එකතු වෙන්නම බැරි නම්
ජනතාව තීරණය කළ යුතුයි
නැවත නැවතත්
පරම්පාරා දේශපාලනය පසුපස දුවනවද
නැත්තන් ඔලුව උඩ තියෙන කුණු පැත්තකින් තියලා
රට හදන්න පුලුවන් මිනිස්සු ටිකක් 
නියෝජිතයො අතරට ගේනවද කියලා




මල් පැකේජ් හොයන්න රට වටේම ගිහිල්ලා
අන්තිමට හට්ච් හෙඩ් ඔපීසියටම යන්න උනා
ඔන්න ඉතින් දොර ඇරගෙන ඇතුළට යද්දි රිසෙප්ෂන් එකේ ඉන්නවා අක්කා කෙනෙක්
ලස්සනට හෙඩ් පෝන් එකක් එහෙම ගහලා ඉන්නවා
මම ඉස්සරහින් ගිහින් හිටගත්තා...

"එක්ස්කියුස්මී.... " කිවුවම ඒකි "චුට්ටක් ඉන්න සර්" කියලා ආයෙ කෝල් එකේ
මොකද්දෝ හුටපටයක් ගැන කියෝනවා
ඒ අස්සෙ බිස්කට් එකක් කනවා
මටත් හිටන් ඉඳලා බැරිම තැන ටිකක් එහාට ගියා

යද්දි ටොකන් ඉශු කරන තැනක් තිබුණ නිසා එතන්ට යද්දිම එකෙක් ආව ළඟට මං ඇහුවා
"කපල් පැකේජ් එකක් ගන්න පුලුවන්ද" කියලා
"ආහ් ඔව් සර් ඔතනින් වාඩි වෙලා ඉන්න"

ටෝකන් එ‍කේ වාරෙ එනකන් ඉඳල ගියාම කියපි
 " මෙතනින් නම් කපල් පැකේජ් ඉශූ කරන්නෙ නෑ සර් කියලා"

" ඇයි එහෙනම් ටෝකන් එක දෙන‍කොට කිවුවෙ දෙනවා කියලා"
"ටිකක් ඉන්න සර් ... ආහ් මේ නම්බර් එකට කෝල් එකක් දීලා මෙයාගෙන් ඉල්ලගන්න"
මම යන්න හදද්දි කියපි
" ආහ් ඔය ඉන්නෙ සර් එයා තමයි"

මම ඉතින් ඊට පස්සෙ පොර පස්සෙ ගිහින් කොහොමහරි වැ‍ඩේ නම් කරගත්තා හැබැයි දැනගත්තා හට්ච් ආයතනයක් විදිහට පසුබහින්න හේතුව. ඩයලොග් ආකේඩ් එකකට ගියහම තියෙන ප්‍රතිචාර කොහොමද ඒවා එක්ක හට්ච් කැලේ. බොරුවක් තමයි හැබැයි පාරිබෝගිකයා ගණන් ගන්නෙ නැත්තන් ඉතින් බලාගෙන ඉද්දි ආයතන කඩන් වැටෙන්නෙ. දුක නෑ ලංකාවෙ ආයතනයක් නෙමෙයි නිසා.

Monday, May 21, 2012

Posted by Unknown | File under : ,
හොඳයි අපි කල්පනා කරලාම බලමුකො
30 වසරක යුද්දයක් දිනවන්න සැබෑම ශක්තිමත් නායකත්වයක් අවශ්‍යයි
හරි අපි යුද්දෙ දින්නනෙ,
ඒ කියන්නෙ ඔය යුද්දෙ මෙහෙයවපු අය අතරෙ ඉතා ශක්තිමත් නායකත්වයක් තිබිය යුතුමයි.
ඒ ජෙනරාල් ම ද?
අපේ රටේ යුද්දෙ ප්‍රධාන මෙහෙයවන්නා වෙන්නෙ මහින්ද රාජපක්ෂ
හරි ඒ උනාට එයාට යුද්ධයක් මෙහෙයවන්න බෑ මොකද ඒයා දේශපාලකයෙක්
එයාට පුලුවන් දේශපාලන බලවේග මැඩගෙන ඉන්න විතරයි.
ඒ නිසයි ඒකට පලපුරුදු ගෝඨා කරලියට එන්නෙ ආරක්ෂක ලේකම් හැටියට.
ඉන් පස්සෙ හමුදාවෙ නිල තල ගොඩක් වෙනස් වෙනවා.
යුධ හමුදාව,
ගුවන් හමුදාව,
නාවික හමුදාව,

කියන මේ අංශ තුනෙන් යුද්ධය දිනන්න ලොකු ජවයක් දුන්නෙ ගුවන් හමුදාව.
ඊට පස්සෙ ත්‍රස්තවාදයට පිටින් එන උපකාර වගේම නායකයන්ට පැන ගන්න නොදී
රට වටේ මුර කළේ නාවික හමුදාව.
ඒ මහා ශක්තිය මැද්දෙන් ඇතුලෙ ගේම ගැහුවෙ යුධ හමුදාව.
ඇත්ත හැබෑම ගේමක හිටියෙ යුධ හමුදාවයි.
ඒත් ඒ හිටගත්තු යුධ බටයගෙ කකුල් දෙක උනේ ගුවන් හා නාවික බටයන්.

ඒ කියන්නෙ ජෙනරාල් තුමා වීරයෙක්
ඒත් මුලු යුද්ධයම දිනෙව්වෙ එතුමා කියන එක වැරදියි.

ඊට පස්සෙ දේශපා‍ලුවට දේශපාලනේටත් ආවය කියමුකො.
ජනාධිපති පන්නන්න හොටල් ඇතුලෙ පැනල ගියපු හමුදා සෙබලු තියන් ගේම් ගැහුවා කියමුකො.
ඒත් අර මහා යුධ නායකයට බැරි උනානෙ ඒ ගේම හරියට ගහගන්න.
නිකන් මාට්ටු වෙලා චාටර් උනානෙ.

අඩුම ගානෙ ඡන්ද සටනෙත් මහා කයිවාරු පක්ෂ දෙකක්ම අත් දෙකෙන් අරන් ඇවිල්ලත් ඒක දිනාගන්න මෙහෙයවගන්න අසමත් උනානෙ.
එතකොට මොකද්ද මේ නායකත්වයේ තියෙන වැදගත් කම?
ඒ කියන්නෙ යුද්ධෙ මෙහෙයවලා තියෙන්නෙත් ජෙනරාල්ම නෙමෙයි
එහෙම උනා නම් අද රට කොටි අතේ තියෙන්න තිබුණා.

" අපි දන්න නායකත්වය නම් සිංහයෙක් වගේ එඩිතරයි, නරියෙක් වගේ කපටියි"

කපටි වෙන්න අවශ්‍ය වෙලාවට බොරු සිංහ කම් පෙන්නලා තවත් මඩ වලේ එරෙන්න තරම් කල්පනා ශක්තිය දුර්වල පුද්ගලයෙක් තනිව යුද්ධයක් මෙහෙයවූව නම් මොනා වෙයිද?

සොරි (ඩොට්) කොම් තමා.

Sunday, May 20, 2012

Posted by Unknown |

සුභ පැතුම්..
සතුටුයි...
තැටි දාවන යන්ත්‍ර ගන්න,
අත්තිවාරම දාලා බිත්ති බඳින්න...
ලක්ෂපති ආපු අය අතරින්
උතුම් බලා පොරොත්තුවක් ඇතුව ආපු ඔබ ජය ගැනීම ගැන.
කිවුවා වගේම තාත්ත සනීප කරන් ඉතුරු සල්ලි පන්සලට දුන්න නම් තවත් හොඳයි.

Friday, May 18, 2012

කතා කරන්නෙ නම් ලොකු සංවාදයක් ඇති විය යුතු දෙයක් පිළිබඳව.
අපි මේක හිතුවද කලින්? ඔබ මේ ගැන සිතුවාද බලන්න...

බුද්ධ කාලයේ හිමි වරු කලේ මොනාද
භික්ෂූන් කලේ මොනාද

රට හැදුවද
ගම දියුණු කලාද
පෙරහැර කලාද
රජ කම ගන්න හැදුවද
පවුල් උපදේශනය කලාද
පවුල් ආරවුල් විසඳුවද

බුද්ධ වචනයට අනුව ඔවුන් කලේ,
ඔය උඩින් කියපු ඔක්කොටම මූලික වෙච්ච මිනිස්සුන්ගේ හිත හදපු එක...

අද මොනාද මේ වෙන්නෙ?
හාමුදුරු‍වො කියලා දෙනවා කෙල්ලෙක් තෝරගන්න හැටි, කසාද බඳින හැටි, ළමයි හදන හැටි වගේ එක එක විකාර. 
නැත්තන් ලස්සන තාලයක් දාලා හදාගන්නවා කවි ටිකක්
හැම තැනම කවි බණ කිය කිය යනවා. කවි බණ නම් කමක් නෑ කියමු මේ කියන්නෙ ගුණ ගායනා විතරමයි. නැත්තන් ජාතක කතාවක්. බුදු ධහම බුද්ධ වචනය අද සීනි බෝල කියලා තමයි පෙන්නන්නෙ.
බුදු ගුණ ගායනා කිරීමෙන් මහා පිනක් අත් වෙනවා. ඒත් බුදු හාමුදුරුවො කොහෙද කියල තියෙන්නෙ ‍මගෙ ගුණ ගායනා කර කර විතරක් ඉන්න කියලා. ඒ උනාට කරන්නෙ ඒකමයි. 

බුදුවරුන්ගේ චීවරය දරාගෙන, බුද්ධ වචනයට පිටු පෑම, බුදුවරුන්ටත් අපහාසයක් නොවේද?

ඒ වගේම ලොකුම අවුලක් තමයි මේ ශිෂ්‍ය දේශපාලනය කරන හාමුදුරුවරු
මේ අය තමයි ශාසනේට වල කපන්නෙ. නොලැබුණ දේ වෙනුවෙන් උනත් උද්ගෝෂණ කරන්න කියලා කොයි දේශනාවෙද කියලා තියෙන්නේ? මේ වටිනා චීවරේ අස්සෙ හැංගිලා තියෙන්නේ තණ්හාව ආශාව. කෝ අඩුම තරමෙ බුද්ධ දේශනාවෙ මූලික හරය "අත් හැරීම" වත් ජීවිතයට අදාල කරගෙන නෑනෙ. මෙහෙම අයද අපිට බණ කියන්නෙ? ශාසන ශෝධනයක් විය යුතුයි. නැත්තන් මෙහෙම ගිහින් බුද්ධ වචනය හැර අනිත් ඔක්කොම ඉතුරු වෙයි. 

එදා පල්ලියෙ දූෂණයට එරෙහිව මිනිස්සු නැගී සිටියා වගේ 
හෙට පන්සලේ බූදලය රැස් කිරීමට එරෙහිව නැගී සිටීවි

භික්ෂූණ්ට බුද්ධ පරම්පරාවෙන් ලැබුණ චීවරය හුදෙක් ඔබේ විලි වසා ගන්නවත් නැත්නම් අනිත් අයගෙන් වැඳුම් පිදුම් උපස්තාන ලබන්නවත් පූජක කම් කරන්න වත් ලැබුණ එකක් නෙමෙයි. ඔබ උතුම් විය යුතුයි. ඔබ උතුම් වන්නේ බුදුන් දේශනා කළ මාර්ගයේ යන්නෙක් නම් පමණයි.

ඔබ බුද්ධ වචනයට පිටු පාලා ඔබගේ කම් සැප විඳීමට පමණක් චීවරය භාවිතා කරන්න ගියොත් ඔබ ඉදිරියේ දණ නමට දායක වරු ඔබට සාප කරාවි. 

අද අනිත් ආගම් වගේම භික්ෂුවත් අතර මැදි කාර්යක් කරන පූජා පවත්වන පූජකයෙක් බවට පත්වෙලා.

අපි වෙනස් වෙමු. වෙනස්ව හිතමු.  බුද්ධ වචනය අනුගමනය කරමු.


Posted by Unknown | File under : ,
දිනෙක සියලු ශ්‍රී ලාංකිකයන්ගේ වීරයෙක් වූ ඔබ,
නොබෝ දිනකින්,
ජවිපෙ ඇතුලු විපක්ෂය විසින්,
සුරංගනා ලෝක පෙන්නලා,
මඩ ගොහුරට ඇදලා දාලා,
තමුන්ගේ ජාමෙ බේරගත්තා....

රාජ්‍ය බලය‍ට එරෙහිව
ඔබ මුට්ටියක් කරගත්තා...
විධායක උතුමා
ඔබව හිර කූඩුවට ඇද දැම්මා

ඔබේ ගෙල ළඟින් සිර වුවත්
ඔබේ වදන් නොසැලී තිබුණා
එවදන්ම ඔබ තවත් සිර කෙරුවා
ඔබේ බිරිඳත් මාන්නයෙන් ඔලුව උදුම්මවාගෙන
ඔබ තවත් සිර කරනු ලැබුවා

නුදුරේ ඔබ නිදහස් බව
විධායක උතුමා කීවා...
නැත.
එයද තවත් ලනු කැරැල්ලකි.
ඔබට අද ඇප බඳින්නට සිදුව ඇත.
කෙසේ හෝ ඔබ නිදහස්ව ඇත.

නමුත්,
ජනතාව නිහඬයි.
වීරයා මරලා....

ජනරාල් උතුමාණනි.
නැවත ඔබ මඩ ගොහුරට නොබසිනු මැනවි.


Sunday, May 13, 2012

Posted by Unknown |

අති ගරු මාමා වෙත
මාමේ ඔහේගේ අපල වලට බාර වෙනව නම්,
 ඔහේගෙ බූද‍ලේම දේවාල වලට පන්සල් වලට පූජා කරනවා කියලා බාර වෙන්න.
මේ රටේ අනාදිමත් කාලයක් තිබුණු නිධන් වස්තු,
පුරා වස්තු , අලි ඇතුන් පූජ කරන්න බාර වෙන්නෙපා.
මේවා මාමාගෙ දේපල නෙමෙයි.
මේවා රටේ උරුමය.
මාමා රටේ සේවකයෙක් මිස අයිති කාරයා නෙමෙයි.
ඕං අපි නොකිවුවය කියන්න එපා හරිය?

Saturday, May 12, 2012

Posted by Unknown | File under : , ,

මේ දවස්වල ටීවි බලනවා නම් දැකලා ඇති එළවලු, කිරි එහෙම තරඟට බිම හලනවා කුණු ගොඩට දමනවා.
අනේ ඉතින් මේ ගොවියො හිතාගෙන ඉන්නෙ ටීවි එක ඉස්සරහා පොරවල් වගේ ඵළදාව පොළොවෙ ගැහුවම අපි තමයි නියම වැඩ්ඩො කියලා.
ඒ උනාට ඔලුවක් තියෙන මිනිස්සුන්ට තේරෙනවා මුන් තමා ඉන්න ලොකුම රට හරක් කියලා
එළවලු වලින් නිසි මිලක් ලැබෙන්නේ නෑලු.
ඒ නිසා විසි කරන එක හොඳයිලු.
ඇයි රට හරකුනේ?
ලංකාවෙ අනාත නිවාස, වැඩිහිටි නිවාස ළමා නිවාස...
ඔය වගේ කොයි තරම් ආයතන තියෙනවද ?
ඔය ආයතන වල හිමි කරුවො කොයිතරම් වෙහෙස වෙනවද ඒ අයට කන්න බොන්න දෙන්න.
අප‍‍තේ අරින එළවලු , කිරි වගේ දේවල් ඒ වගේ ආයතනයක් සම්බන්ධ කරගෙන
ඒවට ලබා දෙන්න බැරි ඇයි? එහෙනම් අහින්සක දරු පැටව් කීයක් බඩ පුරවගන්නවද?
එහෙනම් ඇත්තටම උඹලා පොරවල් වෙනවා නේද?


සතකුගෙන් ලබා ගත්ත කිරි 
මෙහෙම බිම හලලා 
ඒ සතාටත් කරන්නෙ අපහාසයක් නෙමෙයිද?

Sunday, May 6, 2012

Posted by Unknown | File under :

ඔබට දුක හිතිලා/කේන්ති ගිහිල්ලා‍ තියෙනවද?
අනිවාර්යයෙන්ම ඕන තරම් හිතිලා ඇති නේද
ඒ හැම වෙලාවක්ම මතක් කරලා බලන්න එකින් එක
හැම දුක් උන/ කේන්ති ගිය අවස්ථාවකටම එකම පොදු හේතුවක් ඇති ඒ

''ඔබ මෙසේ සිදුවේවි යැයි සිතූ දෙයක් එසේ නොවීම''

උදාහරණ කිහිපයක් බලමු

ඔබේ මිතුරකු ඔබ ගැන තැන තැන වැරදි ආරන්චි පතුරවනවා
ඔබ දුක් වෙනවා කේන්ති ගන්නවා

"එකට හිටපු මූ මට මෙහෙම කලානේ, මූට වටිනවද මෙච්චර4 කරපු මට මෙහෙම කරන්න" කියලා.

ඔබ හිතන් ඉන්නවා ඔබේ මිතුරා
- සෑම විටම වෙනස් නොවිය යුතුයි
- සෑම විටම ඔබට පක්ෂපාතී විය යුතුයි
- සෑම විටම ඔ‍බේ ගුණ පමණක් වර්ණනා කළ යුතුයි
ආදි වශයෙන් එක එක විදිහෙ බලාපොරොත්තු ගොඩක් පොදි ගහගෙන ඉන්නවා මෙයා මෙහෙම විය යුතුයි මෙයා මේ දේවල් කළ යුතුයි කියලා

මිතුරෙක් වෙන්නේ කවුද
තවත් එක මිනිහෙක් , වෙනස් වෙන ලෝක ස්වභාවයේම කොටසක්.
ඔහුගේ සිතුම් පැතුම් ගැන අපිට කොහෙන්ද අයිතියක්
ඔබ කොහොමද කියන්නේ ඔහු මෙහෙම නොකළ යුතුයි කියලා
අත්හරින්න හිතින් ඔහුව
ඔහුගෙන මට වැඩක් නෑ
ඔහුත් තවත් එක් මනුෂ්‍යයෙක්
මට වැදගත් මම විතරයි
මම කරන දේ හොඳ නම් වෙන කාගෙවත් ගුණ ගායනා මට වැඩක් නෑ
පිටස්තර පුද්ගලයෙක් ගැන විශ්වාසය තියන්නේ කොහොමද මේ වෙනස් වෙන ලෝකේ රෑට නිදාගන්න මමවත් හෙට උදේ නැගිටියිද කියලා හරියටම කියන්න බැරි එකේ

වෙනස්ව හිතන්න , වෙනස් වෙන්න
ඔබේ පාලනය පිටස්තර පරිසරයෙන් මුදවාගන්න
ඔබේ පාලනය ඔබේ අතට ගන්න.....

නැවත ඉදිරි ලිපියකින් හමුවෙමු....

තෙරුවන් සරණයි

Friday, May 4, 2012


 

බුදු ධහම ආහ් නෑ නෑ බුද්ධ දර්ශණය ...

එකක්වත් නෙමෙයි, 
බුදුන් දේශනාකල ධර්මය කියන්නේ ස්වභාවධර්මය. තේරෙන බාසාවෙන් කියනවා නම් මේ ලෝකෙ සැඟවිලා තියෙන සත්‍ය.

අද වෙනකොට බුදු ධහමට වසර 2500කටත් වඩා වෙනවා.
ඒත් බුදු රජාණන් වහන්සේ දේශනාකළ යාන්ත්‍රණය කොයිතරම් දුරට ක්‍රියාත්මක වෙලාද...
අපි හිතා බැලිය යුතුමයි.

එන්න ඇති කරමු සමාජ කතිකාවතක්.

මූලිකවම බුදුවරු කියන්නෙ ඉපදි ඉපදී මැරෙන මේ චක්‍රය නවත්තලා තවත් කට්ටියකට් ඒක නවත්තන්න පාර කියලා දෙන ලෝකයේ පහළවෙන ශ්‍රේෂ්ඨතම පිරිසක්
ඒකත් හරි කියමුකො දැන් අපි ඒ කාලාන්තරයකට වරක් පහළ වන අවස්ථාවෙන් ලබාගත්තු දේවල් මොනාද?
 ඔබ මේ ගැන හිතලා තියෙනවද බලන්න


උදාහරණයක්,

බුදුන් දේශනා කළ සසර්‍රින් එතෙර වීමේ ක්‍රමවේදය
ඒ ක්‍රමවේදය හොයාගත්තු දවස සමරන්න අද අපි කරන්නෙ මොනාද?
ඒ ක්‍රමවේදයේ නිර්මාතෘවරයාට පූජා පවත්වනවා
දාන මාන ආදිය දෙනවා
ඒ නමින් කූඩු හදනවා
ලයිට් වැල් දානවා කොඩි එල්ලනවා
නිර්මාතෘ ගැන තොරන් හදනවා
බුදුන් දේශනා නොකල සිල් රකිනවා
මල් ලක්ෂ ගණනින් මහා පූජා පවත්වනවා
දන්සල් දෙනවා ඒවගේ රෑට බයිලා දාගෙන නටනවා
වෙස් මූණු දාගෙන කෙල්ලො බය කරනවා
වෙසක් බලන්න ට්‍රිප් යනවා

ළඟදි ටීවි එකෙත් කිවුවා හැමෝම ගෙදර වාහනේ කොඩියක් දාන්න කියලා
එතකොට බුදු ධහම රැකෙනවලුනෙ
බුදුන් දේශනා කල ධර්මය යනු ආභරණයක් නොවේ 
ඒය පැළඳිමෙන් පමණක් පලක් වෙන්නෙ නෑ
ඒ ධර්මය පිළිපදින්න

පිළිවෙතින් පෙළ ගැහෙන්න
(ඒකෙත් කලේ බෝඩ් ගැහුව මිසක් කවුරුත් පෙළගැහුනෙ නම් නෑ)

ඇත්ත ඉහත සමහරක් යහපත් පූජා කරද්දි ඔබට යම් සහනයක් ලැබෙයි සැපසම්පත් ලැබෙයි ඒත් ඒ බුදුන් වදාළ මාර්ගය නෙමෙයි ලැබෙනව නම් ලැබෙන්නේ මේ ලෝකි එතෙක් මෙතෙක් පහළ උන ශ්‍රේෂ්ඨතමයාගේ තියෙන කරුණා ගුණයට කරන පූජාවක් නිසයි

මදක් හිතන්න
ඔබ එගොඩට යන්න තියෙන පාලම දිහා බලාගෙන
ඒකට මල් තියලා වඳිනවා පහන් පත්තු කරනවා
පාලමේ කූඩු එල්ලනවා ලයිට් දානවා

ඔබ කවදාවත් ඒ පාලමේ යන්න හිතුවේ නෑ නේද?





ගොඩනගමු සමාජ කතිකාවතක්
පාලමට වැඳිමෙන් පාලමෙන් එගොඩවිය නොහැක
අපි දැන්වත් පාලමෙන් ගොඩවෙන්නට පටන් ගනිමු!


කිච්ඡෝ මනුස්ස පටිලාභෝ
කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධංම්ම සවණං
කිච්ඡෝ බුද්ධානං උප්පාදො


මිනිසත් බව ලැබීම දුෂ්කරය.
මිනිසුන්ගේ දිවි පැවැත්ම අපහසු ය.
බණ ඇසීම දුර්ලභ ය.
බුදුවරයන්ගේ ඉපදීම දුර්ලභ ය



Tuesday, May 1, 2012




හිතන්න ජීවිතය කියන්නේ බෝල 5ක් අහසට විසි කරමින් ඒවා යලිත් අල්ලා ගනිමින් කරන ක්‍රීඩාවක් බවට .ඒවායේ නම් රැකියාව, පවුල,සෞඛ්‍ය,මිතුරන් සහ විනෝදාංශයි. ක්‍රීඩාවට අනූව ඔබ මේ සෑම බෝලයක්ම බිම වැටෙන්නට නොදී තියා ගැනීම අවශ්‍යයි.

ඔබ ඉතා ඉක්මනින් හෝ පසු වී හෝ වටහා ගනීවි රැකියාව යනු රබර් බෝලයක් බවට,එය බිමට වැටුනොත් නැවතත් ඔබ වෙත පැමිනෙනවා .
නමුත් අනෙක් බෝල හතර,එනම් පවුල,සෞඛ්‍ය,මිතුරන් සහ විනෝදාංශ හැදිලා තියෙන්නේ වීදුරු වලින්,ඒවා එක්වරක් බිම වැටුනොත් යලිත් පිලිසකර කල නොහැකි ආකාරයෙන් පලුදු වේවි.යලිත් කිසිම දිනක ඒවා පෙර පරිදි නොවේවි.
එම නිසා ජීවිතය නැමති ක්‍රීඩාවේදී මෙම වීදුරු බෝල හතර බිම වැටෙන්නට නොදී තබා ගැනීමට ඔබ සෑම උත්සාහයක්ම ගත යුතුයි.

කාර්යාල වේලාව තුල ඔබ ගන්නා වැටුපට සරිලන ලෙස කාර්යක්‍ෂමව සේවය කරන්න . නියමිත වේලාවට කාර්යාලයෙන් පිට වී ඔබේ පවුලට සහ ඔබේ මිතුරන්ට අවශ්‍ය කාලය ලබා දෙන්න . ඔබේ සිරුරට අවශ්‍ය විවේකය ලබා දී ඔබේ විනෝදාංශ වල යෙදීමටද අමතක නොකරන්න.

-bryan dyson 


(බ්‍රයන් ඩයිසන් යනු Coca Cola සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිළධාරියෙකි. 
මේ ඔහු විසින් තත්පර 30කදී කරන ලද කෙටි දේශනයකි)