Friday, September 2, 2011

Posted by Unknown | File under : ,
අම්මා පැනඩෝල් දෙක අරන් ඇවිත් බොන්න කියලා කෑගහනකල්ම මට කල්පනාවක් තිබුනෙ නෑ. වෙන්න යන්නෙ මොනාද , ඊලඟට කරන්නෙ මොනාද කියලා.

පැනඩෝල් දෙක බොන්න කියලා අම්මා ගියපු ගමන් මට කෝල් එකක් ආවා. දෙයියනේ පොඩ්ඩිගෙ අම්මගෙ නම්බර් එක. 

"හෙලෝ, අයියේ වැඩි වෙලා කතා කරන්න බෑ අම්ම සාලේ, ඔයා කියපු දේ ගැන මම හිතුවා ගොඩක් අපිට අපි නැතුව බෑ අයියේ අපි ආයෙත් එෆෙයාර් එක පටන් අරගමු ඒත් කාටවත් දැනගන්න තියන්න එපා"

"පුතා , පැනඩෝල් 2 බිවුවද...? " අම්මා කුස්සියෙ ඉඳන් කෑගහනවා

"අයියේ ඔයාට මොකද උනේ සනීප නැද්ද මට හන්ගනවද දැන්? "
"අනේ නැහැ නන්ගියෙ උණ වගේ... 
ඔය ගත්තු තීරණේ හොඳයි මාත් කැමතියි අපි කාටවත් නොකියා ඉමු."

"අයියේ අම්මා එනවා මන් තියන්නම්"

ඔලුව උඩ තිබුන ලොකූ බරක් අඩු උනා වගේ දැනුනෙ මට නම්. නන්ගි ආයෙත් මගෙ. කියාගන්න බැරි තරම් සතුටුයි. ආහ් තා පොඩ්ඩෙන් පැනඩෝල් 2 අමතක වෙනවා. ඒක තාම අතේ. 

ආයෙත් මැසේජ් එකක් " අයියේ හෙට අපි හම්බෙමු, ක්ලාස් ඇරෙන වෙලාවට"

අම්මගෙ නම්බර් එකෙන් ආපු නිසා මම රිප්ලයි කරේ නෑ. හරි හෙට ගිහින් බලමුකො.
හිතට දැනුන සැහැල්ලුව නිසාමද කොහෙද කොට්ටෙ බදාගෙන ආයෙත් නින්දට වැටුනා.

ආහ් අයියෙ , අපි යමුද? 
හරි නන්ගියො අපි යමු, දෙන්නම පොඩ්ඩිගෙ ගෙවල් පැත්තට යන පාරේ යන්න හැරුනා. වැහි පොදකුත් වැටෙනවා. පොඩ්ඩිගෙ කුඩේ අරගෙන දාගත්තා. පුන්චි එකෙක් වගේ මගෙ අතට කුඩේ දීලා තුරුල් උනා.  මගෙ අතට හොඳටම උණුහුම දැනුනා පොඩ්ඩිගෙ.

"අයියේ .. අයියේ අපෙ අම්මා"
දෙයියනේ අම්මා ඉස්සරහට එනවා, අපි දෙන්නවම අඳුරගත්තා. ඇතුලේ තද වෙලා තිබුණු තරහා මූනෙන් මට හොඳට පෙනුනා. පොඩ්ඩිගෙ අත් දෙක වෙවුලනවා. පොඩ්ඩි මගෙ අතින් තද කරලා අල්ලගත්තා. "අනෙ අයියේ අම්මා මාව මරයි"

"උඹලා දෙන්නා පන්ති යනවා කියලා 
මහ වැස්සෙ කුඩේකුත් දාගෙන හුරතල් වෙනවා නේද?
හිටපන් උඹට මම අද........"


4 comments:

  1. අෆ්ෆා...සටන් ජවනිකාවක ආරම්භය වගේ!

    ReplyDelete
  2. කමෝන් ඇන්ටි දෙන්න ඕකුන් දෙන්නගෙ දත් හැලෙන්න

    ReplyDelete
  3. බිංදුව ලියන්නෙ X වලින් සහෝදරය.

    ReplyDelete
  4. පෝස්ට් දානකොට මම විජේසේකර කීබෝඩ් එක නෙමෙයි පාවිච්චි කරන්නෙ...
    ඉතින් අර බින්දුව රිප්ලේස් කර කර ඉන්න ටිකක් වෙලා යන නිසයි "න්" විදිහටම තියන්නෙ =)

    ReplyDelete