Sunday, September 4, 2011

අපි කලින් ලිපියෙන් කතා කලානෙ සහකරුවෙක් සහකාරියක් තෝරගන්න අවශ්‍යය වෙන දේවල්.

ලන්කාවෙ ගොඩක් දුරට විශ්වාස කරන දෙයක් තමයි මේ කෙන්දර. අපි ඒ ගැන මේ ලිපියෙන් කතා කරමු. කේන්දරයක් කියන්නෙ මොකද්ද කියලා බලමු මුලින්. කේන්දරයක් කියන්නෙ දරුවෙක් ඉපදෙනකොට ඒ උපන් වෙලාවට අහසෙ තියෙන තරු අනුව ඒ දරුවගෙ කර්ම ශක්තිය ජෝතිෂ්‍යට අනුව විග්‍රහ කරන පත්‍රයක්. විශේෂයෙන් කියන්න ඕනෙ මේකෙ විග්‍රහා වෙන්නෙ කර්ම ශක්තිය විතරයි. කර්මය කියන්නෙ හැම දේම නෙමෙයි. (බුද්ධ දර්මයේ නියාම ධර්ම වලදි විස්තර කරනවා නියාම ධර්ම හතරෙන් එකක් විතරයි කර්ම නියාම කියන්නෙ කියන එක) මේ කේන්දරෙන් එහෙම නැත්තන් ජන්ම පත්‍රයෙන් කියවන්නෙ ඒ දරුවගෙ ජීවිත කාලය තුළ ඒ දරුවාට කර්ම ශක්තිය ජීවිතේ යම් යම් වෙනස් කම් වලදී බපලාන හැටි.

ඉතින් මොකටද ඔය කෙහෙල් මල් වෙලාව මඟුලක් කොරන්න ගියාම බලන්නෙ?
මම නම් ඕවා විශ්වාස කරන්නෙ නෑ.

ඔය වගේ කතා ගොඩක් අපිට ඇහෙනවා. ඒ අතරෙ සින්දුවකුත් ඇහුනා ලඟදි
"හතර කේන්දරේ පාලු කියලා නුඹ ලඟදී දැනුනේ නෑ මට නම් පාළු"

ඔය සින්දුවත් එක්කම අපි බලමුකො මොකද්ද මේ හතර කේන්දරේ පාලු සීන් එක කියලා

කේන්දරේ කොටු 12ක් තියෙනවා. ඒකෙන් ඔය කොටු හතරකට තමයි කියන්නෙ හතර කේන්දරේ කියලා විවාහය මිල මුදල් නිවාස පවුල් ජීවිතය වගේ ලෞකික දේවල් ගැන කියවෙන කොටු හතරෙම කවුරුත් ග්‍රහයෙක් නැත්තන් තමයි කියන්නෙ හතර කේන්දරේ පාලුයි කියලා.ඒ කියන්නෙ ඒ ලෞකික සැප විඳින්න කර්ම ශක්තිය ඉඩ දීලා නෑ. එහෙම අය මහණ වෙන්න හොඳයි කියන්නෙ අර ලෞකික පැත්තෙන් ඈත් වෙන නිසයි.

ඒ ගැන වගේම අපි බලමු ඇයි පොරොන්දම් ගලපන්නෙ කියලා
පොරොන්දම් වලින් විතරක් නෙමෙයි මුලු කේන්දරෙන්ම කියවෙන්නෙ ජීවිතේ ගත වෙන විදිහ. ඒ කෙනාගෙ ගති ගුණ. මිල මුදල් ලැබීම් පවුල් ජීවිතේ, නිවාස, ආදරය, විවාහය, දූ දරුවො වගේ හැම දෙයක්ම මේකෙන් කියවෙනවා. එතකොට අපි මේ ගලපලා බලන්නෙ මොනවද?

දෙන්නෙක් විවාහා උනාම දෙන්නටම බොහෝවිට ලැබෙන්නෙ එකම දේ (යාන වාහන මිල මුදල් දූ දරුවො වගේ හැම දෙයක්ම) ඉතින් මේ දේවල් වල සමාන කමක් තියෙන්න ඕනෙ සාර්තක ජීවිතේකට.

උදාහරණයක් : බැරි වෙලාවත් එක්කෙනෙක්ට අනිත් කෙනාට ලැබෙන දේ විඳින්න කර්මය ඉඩ දීලා නැත්තන් ඒ කෙනාව එතනින් ඉවත් කරන්න පුලුවන් (මියයන්න) නැත්තන් ඔත්පල වෙන්න පුලුවන්. කර්මයත් එක්ක තමයි හැම දෙයක්ම බැඳිලා තියෙන්නෙ. දෙන්නගෙම ලැබීම සමාන නම් කිසිම ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ.

ඒ වගේම කේන්දරෙන් ගති ගුණ ගැනත් කියවෙනවා ගති ගුණ නම් සමාන වෙන්න ඕන නෑ. ගති ගුණ වෙනස් උනාට ප්‍රශ්ණයක් නෑ. ඒත් ගැලපෙන්න ඕනෙ. (සමානයි කියන්නෙ ගැලපෙනවා කියන එක නෙමෙයි : ඇණේකට හරියන නට් එක ඇණේට පොඩ්ඩක්වත් සමාන නෑනෙ)

ඔය විදිහට බැලුවම වෙලාව / කේන්දර බලන එකේ වැදගත් කමක් තියෙනවා. ඒක අන්ධ විශ්වාසයක් නෙමෙයි. ඔයාලා විශ්වාස කරන්නෙ නෑ කියන එක නිදහසට කාරණයක් වෙන්නෙ නෑ.

"ලෝක නීතිය නොදැනීම වරදට සමාව නොවේ"

ඉතින් අන්තිම තීරණේ කියවන ඔයාලටම බාරයි. ඊලඟ ලිපියෙන් සහකාරියක් සහකාරියෙක් තෝරගන්නකොට වැදගත් වෙන තවත් දේවල් ටිකක් බලමු. 

8 comments:

  1. කල්පනා කරන්න දෙයක් දීලා තියව්නා කියලා මට නම් හිතෙන්නේ,මොකද අපි දකින දේ පමනක් ඇත්තයි කියලා හිතන එක වෑරදි කියලා මටනම් හිතෙන්නේ

    ReplyDelete
  2. කියපු දේ පැහැදිලි නෑ සහෝ...

    ReplyDelete
  3. කර්මය වෙනස් කරන්න පුලුවන්. ඒක කියලා නෑනෙ ඔයා

    ReplyDelete
  4. ඒක තමයි ඇනෝ අර කිවුවෙ,
    "කර්මය කියන්නෙ හැම දේම නෙමෙයි.(බුද්ධ දර්මයේ නියාම ධර්ම වලදි විස්තර කරනවා නියාම ධර්ම හතරෙන් එකක් විතරයි කර්ම නියාම කියන්නෙ කියන එක)" කියලා.

    ReplyDelete
  5. මම නම් හිතට හරි යන කෙනා අහුවුනාම බඳිනව ඔය මොකුත් වෙලාවක් බලන්නෙ නැතුව , මොකද් මම දන්න අය ඕනි තරම් ඉන්නව කේන්දර බලල , පොරොන්දම් ගැලපිල බැඳලත් කෙල වුණු සහ. කේන්දර නොබල බැඳලත් ආතල් එකේ ඉන්න . එයිනුත් දෙන්නෙක් ඉන්නව කේන්දරේට අනුව පුරුෂයා ට අන්තිම අපලයි කියපු නිසා (තැන් දෙක තුනකින්ම ) කොල්ලගෙ ගෙදරින් ආපු විරෝධය නිසා පැනල ආපු .කෙල්ල නිසා අපල කෙසේ වෙතත් කොල්ලගෙ බීමත් අතැරිල කරගෙන හිටපු ව්‍යාපාරෙත් දියුණු වුනාය කියලයි තතු දත් ආරංචි මාර්ග පවසන්නේ

    ReplyDelete
  6. @බුවා - ඒක තමයි කිවුවෙ කර්මය කියන්නෙ හැමදේම නෙමෙයි කියලා.
    ඕක ගොඩක්ම වැදගත් වෙන්නෙ ප්‍රොපෝසල් වලින් බඳින අයට... දෙන්න තේරුම් අරගෙන නම් ඔය කලින් කියපු ප්‍රශ්න ගොඩක් එන්නෙ නෑ.

    ReplyDelete
  7. ලිපියනම් වටිනවා මචන්.එලකිරි ඊලග ටිකත් දන්නකෝ බලන්න..

    ReplyDelete
  8. භාග්‍යවතුන් වහන්සේ විසින් නැකැත්, කේන්දර ආදිය සලකන්නේ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයට අයිති දේවල් ලෙසයි. එසේම දවසේ ඕනෑම මොහොතක කයින්, වචනයෙන් හා මනසින් සුචරිතයේ හැසිරෙන්නේ නම් එම කාලය සුභ වේලාවක්, සුභ මුහුර්තියක්, සුභ නැකැතක් ලෙසින් බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ දේශනයන් හී දි දේශනා කොට තිබෙනවා. මේ සඳහා නිරවුල් දැනුමක් තවදුරටත් ලබාගැනීමට අවශ්‍ය නම් දීඝ නිකාය පළමුවෙනි පොත් වහන්සේ වන සීලස්ඛන්ධකයට අයත් පළමුවෙනි දේශනය වන ‘බ්‍රහ්මජාල සූත්‍රය‘ කියවීමෙන් ඔබට ලබාගත හැකියි. එම උතුම් දේශනය බුදු මුවින් වදාළ සදහම් දෙසුමක් නිසා වෙනත් කිසිදු මතවාදයන් ගෙන් තොරව එය කියවා, භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය කෙරෙහි තවදුරටත් පැහැදිය හැකියි.

    ReplyDelete