Tuesday, September 20, 2011

තෝමස් අල්වා එඩිසන්... නම කිවුව ගමන් මතක් වෙනවා
අර ලයිට් කාරයා... ඔව් මිනිහා තමයි
මේ මනුස්සයා ලයිට් එක හොයාගත්තෙ නැති වෙලා තිබිලා එහෙම නෙමෙයි
මෙයා තමයි මුලින්ම බල්බ් එකක් හැදුවෙ
මෙයා බල්බ් එකේ සූත්‍රීකාවට දන්න හැම කෙඳි කෑල්ලම , දන්න හැම ලෝහයම
කොටින්ම කියනවා නම් හැම මඟුලක්ම ට්‍රයි කලා
හරි යන්නෙ නෑ.. සිය වතාවක් වැරදුනත්
කවුරුවත් කියනවද මෙයා කාලකන්නියෙක්, 
ජීවිතේ පරාජිතයෙක් කියලා..?

නෑ.. ඔහු නියම ජයග්‍රාහකයෙක්
ඔහුට සිය වතාවක් වැරදුනා නෙමෙයි
ඔහු බල්බ් එක පත්තු නොවෙන ජාති 100ක් හොයාගත්තා
ඒක නිසා නෙමෙයිද ඔහු එතනින් එහාට හිතන්න පටන් ගන්නෙ

ඔබට බැරි දෙයක් නෑ, අලුත් දේවල් කරපු , ලෝකෙ වෙනස් කරපු රැඩිකල් මිනිස්සු
90%ක් ඉස්කෝලෙන් පන්නපු අය, අන්තිම දුප්පත් අය
ඒ හැම කෙනෙක්ම දිනුවෙ උත්සහයෙන්
ඔයාට බැරි දෙයක් නෑ 
හිත ඇත්නම් පත කුඩාද කියනවනෙ

ඔබ ඔබ ගැන අවතක්සේරුවෙන් හිතන්න එපා
ඔබත් වෙනස් පුද්ගලයෙක් වෙන්න
කවදාවත් ගඟ දිගේ ගලාගෙන යන්න එපා
ජීවිතේට ඕන විදිහට ඔයා නෙමෙයි ඔයාට ඕන විදිහට ජීවිතෙ ගෙවන්න
හරවන්න ජීවිතේ අනිත් පැත්තට
එන්න අපි උඩුගම් බලා පීනමු
මුදුනටම... 

5 comments:

  1. මුලින් කට්ටිය ඔයාට හිනා වේවි.පස්සෙ වරද්දන්න එක එක ඒව කරාවි.ඊට පස්සෙ මූණටම බනීවි.
    ඒත් ඉස්සරහටම යන්න.අන්තිමට අර බැනපු අයම ඔයාලට හොඳ කියාවි
    -මහත්මා ගාන්ධි-

    ලස්සන අදහසක් සහෝ.....!!!!

    ReplyDelete
  2. ඔහු නියම ජයග්‍රාහකයෙක්
    ඔහුට සිය වතාවක් වැරදුනා නෙමෙයි
    ඔහු බල්බ් එක පත්තු නොවෙන ජාති 100ක් හොයාගත්තා

    එයයි ඔහුගේ සාර්ථකත්වයේ රහස!

    ReplyDelete
  3. 100 waraya 1000 a lesa niwaradi wiya yuthuya.

    ReplyDelete