Friday, September 9, 2011

රටට හා සිසුන්ට වාසි සහගත කරුණු
  • උසස්පෙළ සමත් වුවත් විශ්වවිද්‍යාලයට සුදුසුකම් නොලබන , අධ්‍යාපනයට ඉතා උනන්දුවක් දක්වන සිසුන්ට අධ්‍යාපනයට අවස්තාවක් ලැබීම.
  • විදෙස් රටකට නොගිහින් මෙහිදීම උපාධිය ලබාගැනීමට හැකිවීම
  • දකුණු ආසියාවෙ තවත් රට වල සිසුන් උසස් අධ්‍යාපනය සඳහා පැමිණීම නිසා රටට තවත් ආදායම් මාර්ගයක් එකතු වීම.
  • උපාධිය නිමකිරීමට ගතවන කාලය ඉතා අවම වීම
  • 20% සිසුන්ට නොමිලයේ ශිෂ්‍යත්වයක් ලබාදීම

සිසුන්ට අවාසිදායක කරුණු
  • උපාධිය සඳහා අධික මුදලක් වැය කිරීමට සිදුවීම
  • රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය සන්වර්ධනය නොවීම
  • උපාධියේ ප්‍රමිතිය පිළිබඳ යම් යම් ගැටලු පැවතීම

          ඔන්න ඔය වගේ වාසි අවාසි ගොඩක් තියෙනවා. මේ වන විට ලොකුම වැරැද්ද වෙලා තියෙන්නෙ රජය අධ්‍යාපනයට වෙන් කරන මුදල වසරෙන් වසර අඩු කරන එකයි. නමුත් මේ වගේ අධ්‍යාපනය තුලින් රටට මුදල් ගලා ඒමත් එක්ක රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියත් දියුණු කරනවා නම් ගොඩක් වටිනවා. මොකද නිදහස් මෙච්චර කල් තිබුන නිදහස් අධ්‍යාපනය මේකෙන් විනාස වෙන්න නොදී රැක ගන්න ඕනෙ නිසා. රාජ්‍ය විශ්වවිද්‍යාල වලට එන්න අපේ රටේ අහින්සක දුප්පත් අම්මා තාත්තගෙ දුප්පත් දරුවො ඒ අය මහන්සි වෙලා ගොඩ නගා ගන්න උපාධියේ වටිනාකම මුදලට යට නොවෙන්න වග බලාගන්නවා නම් ගොඩක් හොදයි. පෞද්ගලික විශ්වවිද්‍යාල අපේ රටට පිළිලයක් නොවෙන්න වග බලාගනීවි කියලා අපි හිතමු.


2 comments:

  1. කොහොමත් ඉස්සරහට උපාධියේ ප්‍රමිතිය රැකිය වෙළඳපොළ විසින් විමසන්නේ නැහැ. උපාධියේ ප්‍රමිතිය ගොඩක්ම බලපාන්නෙ වෛද්‍ය වෘත්තියට විතරයි මේ වෙනකොට සහ ඉස්සරහට. ඒක නිසා ඉදිරියට උපාධිය කියන්නෙ තමන් සතු දැනීමේ එක මිම්මක් වෙන කාලයක්ම තෝරා බලා පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ වීම හොඳ දෙයක්. කොහොම නමුත් රජයේ විශ්ව විද්‍යාල වල තත්වය නැති කරගත්ත එකට හිටපු රජයන් සහ විශ්ව විද්‍යාලය තමන්ගෙ බලකොටු කරගන්න උත්සාහ කරපු පක්ෂ 50% 50% වගකීම ගත යුතුයි. අද ලංකාවට වටින විශ්ව විද්‍යාලයක් කියල පේන්න තියෙන්නෙ මොරටුව සහ ඊට පස්සෙ කොළඹ විතරයි. සමරක් කලා විශ්ව විද්‍යාල වලට හරිහමන් ලාංඡනයක්වත් නැතුව කොහොම කලා උපාධි දෙනවාද කියල හිතාගන්න අමාරුයි.

    ReplyDelete
  2. මොර‍ටුව හා කොළඹ විශ්වවිද්‍යාල වල සංස්කෘතිය හා අනිත් විශ්වවිද්‍යාල වල සංස්කෘතියේ වෙනස බලන්න. මොර‍ටු කොළඹ සිසුන් දේශපාලන කරන්නේ තම තමන්ගේ පෞද්ගලික මට්ටමෙන්.. ඔවුන්ගේ නවක වදයත් අමානුශික නැහැ. නවක වදයේ උපරිම කාලය මාසයක් දෙකක් විතරයි. රටේ අනිත් රාජ්‍ය විශ්ව විද්‍යාල වලටත් මේ තත්වයට එන්න පුළුවන් නම් හොඳයි.

    පෞද්ගලික විශ්වවිද්‍යාල, අන්තර්ජාතික විශ්වවිද්‍යාල - අන්තර්ජාතික පාසැල් වගේ වේවි කියලයි මට හිතෙන්නේ... කොච්චර කලත් රජයේ ජනප්‍රිය පාසල් වලට තියෙන පිළිගැනීම ඉන්ටර්නැශනල් ස්කූල් වලට ලබාගන්න බැරි වුණා.. ඒ වෙනුවට ඒවා විකාරයක් වුණා.

    ReplyDelete