Wednesday, September 21, 2011

වයස අවුරුදු 60 ඉක්මවපු යුවලක් එයාලගෙ 40 වෙනි විවාහා සන්වත්සරය සමරනවා.
ගොඩක් සතුටෙන් දෙන්නම ඉන්නෙ. මෙච්චර කාලයක් ගිහිල්ලත් කිසි වෙනසක් නෑ.

හදිසියෙම දිව්‍යාන්ගනාවක් මතු වෙනවා
ඔබ වගේ ආදරෙන් ඉන්න යුවලකට මම බොහොම කැමැත්තෙන් වරයක් දෙනවා

කාන්තාව දෙපාරක් නොහිතම කියනවා
"මට මුලු ලෝකෙ වටේම යන්න ඕනෙ, මගෙ හස්බන්ඩ් එක්කම" කියලා

දිව්‍යාන්ගනාව ඒ ප්‍රාර්තනාව ඉටුකරලා 
නෞකාවක ලෝකේ වටේම යන්න ටිකත් පත් දෙකක් මවලා දෙනවා

දැන් පිරිමි කෙනාගෙ වාරේ
ඔව් කියන්න මොනාද ඔබට ඕනෙ?

"මට වඩා අවුරුදු 30ක්වත් බාල බිරිඳක් හිටිය නම් මරු"

දිව්‍යාන්ගනාවට වගේම කාන්තාවටත් ගොඩක් දුක හිතුනා ඒ කතාවට
මොනවා කරන්නද ප්‍රාර්තනාව නම් ප්‍රාර්තනාවක්ම තමයි
දිව්‍යාන්ගනාව මැජික් යශ්ඨිය කරකවලා ඒක ඉටු කරනවා

මොකද උනේ? හස්බන්ඩ්ට අවුරුදු 90ක් වෙලා
ප්‍රාර්තනාව නම් ඉටු වෙලා කොහොමත් දැන් අවුරුදු 30ක් බාලයිනෙ

** ඔබත් මේ වගේද? හිතලා බලන්න

1 comment:

  1. ඇයි අවුරුදු 20ක් බාල කෙනෙක් උන්නා නම් කියපු එක 30කින්ම බාල කරලා තියෙන්නේ 10ක් බෝනස් ද???

    ReplyDelete