Monday, September 5, 2011

Posted by Unknown | File under :
සතියක විතර ඉඳලා තිබුන කොන්දෙ අමාරුවක් නිසා ඔන්න ඉතින් අද උදේම අම්මා කොම්පියුටරේට මූණ ඔබාගෙන දවසෙම වාඩි වෙලා ඉන්නවා කියලා බැන බැන කලුබෝවිල ඉස්පිරිතාලෙට ඇදගෙන ගියා. ගේට්ටුව ලඟට යනකොටත් මට ඇස්දෙක පියවෙන්න නිදිමතයි. බොරු කියන ඕනෙ නෑනෙ ඔය ඉතින් බේත් ගන්න කියලා මන් (රජයේ) ඉස්පිරිතාලෙකට ගියාමයි.

"බාහිර රෝගී අන්ශය" ඇතුලට යනකොටම දැක්කෙ එහෙට මෙහෙට කැරකිලා ඇඹෑරිලා ගියපු පෝලිමක්. අම්මා ගියා තුන්ඩුවක් අරන් එන්න ඕනෙ කියලා. අරගෙන ඇවිත් අම්මා පෝලිමට වෙලා හිටියා. (මට ඉතින් ඔය පෝලින් ගානෙ ඉඳලා පුරුදු නෑනෙ මෙයා අපි පොශ් මිනිස්සුනෙ) ඒකත් විශේෂ ගණයෙ පෝලිමක්. ලෙඩා රවුමට රවුමට පෝලිමෙ ගිහින් අන්තිමට එද්දි ලෙඩාගෙ රෝග ලක්ෂණ වලට "කැරකිල්ල" කියලා එකක් නිකන්ම එකතු වෙනවා.අනිත් එක ඉතින් අර සමහර තැන් වල වගේ දණිස්සට අඩියක් විතර උඩින් ගවුම ඇඳපු දැන් දිව්‍යලෝකෙන් බැහැපු අය වගේ ඉන්න නර්ස්ලා නෑනෙ ඉන්නෙ ඉතින් 50 පැනපු ආන්ටිලා තමයි. පිලිගැනීමෙ නිලධාරිනීන් කියලා දෙන්නෙක්ව දැක්කා අනේ ආසාවෙ බෑ දෙන්නම දත් තිස් දෙක එලියෙ දාගෙන (දත් ඉස්සරහට ඇවිත් කට වහගන්න බෑ) "හායි" ගෑවා. (හායි ගාලා ඇරියෙ ඈණුමක් ) අපෝ මුන් දෙන්න දැක්කම දවසම විනාසයි ඉතින්.

මෙතන ඉන්න බෑ අපෝ එක එකා කන්න වගේ මූණ දිහා බලනවා. (හෙඩ්සෙට් එකක් ගහන් හිටපු නිසා) හොස්පිට්ල් එකේ ප්‍රධාන ගොඩනැගිල්ල පැත්තට ගියා. ශා මොනා උනත් දැක්ක ගමන් අලුත් පාටට බැබලි බැබලි ඉන්නවා අපේ සෞඛ්‍යය ඇමති තුමාගෙ පොටෝ කෑල්ලක්. (ඔව් ඔව් එයා තමයි අපෙ මෛත්‍රී මාමා) අනේ අපරාදෙ කියන්න බෑ එච්චරම තමයි අලුත් පාටට තියෙන්නෙ. අනිත් ඔක්කොම මාස ගානකින් පිහිදලවත් නැද්ද මන්දා. ඔන්න එක පාරට ආවා අතුගාන්න ටිකක් වයසක පහේ මනුස්සයෙක්. පොර අතුගාන්නෙ අර එක ඇහැක් කණ හරකෙක් තණකොල කනවා වගේ.

එක පාරට "ශ්‍රී ලන්කා මාතා...." ජාතික ගීය ගියා. හරියට 8යි, ඇත්තටම මොනා උනත් අපරාදෙ කියන බෑ ගේට්ටුව ගාව ඉඳලම මිනිස්සු ඉන්න තැන් වල හිටගත්ත. සමහර රටවල ජාතික ගීයට තියෙන ගරු කිරීමත් එක්ක බැලුවම එක තප්පරේකට හරි අපේ මිනිස්සු ගැන ලොකු ආඩම්බරයක් දැනුනා.

පැත්තකින් වාඩි වෙලා පෝලිමේ ඉන්න මිනිස්සු දිහා බැලුවම හිතුනෙ අනේ මේ වෛද්‍යවරු වැඩවර්ජන කරලා සෙල්ලන් කරන්නෙ මේ අහින්සක දුප්පත් ජීවිත එක්ක නේද කියලා. දරුවා හම්බෙන්න ඉද්දිත් රජයේ නොමිලේ සායන වලට ගිහින් රජයේ රෝහලකම ඉපදිලා උපන්දා ඉඳලම රජයෙන් නොමිලෙ දෙන හැම දේම භුක්ති විඳලා රජයේ පාසලකටම ගිහින් රජයෙන් දෙන පොත් පත් නිල ඇඳුම් ප්‍රයෝජනයට අරන් ඉගෙනගෙන අන්තිමට රජයේ විශ්වවිද්‍යාලෙකින්ම උපාධියත් අරගෙන රජයේ රෝහලක දොස්තර කෙනෙක් උනාම රුපියල් 1000ක පඩි වැඩි කිරීමක් නෑ කියලා අහින්සක ලෙඩ්ඩුන්ගෙ ජීවිත අසරණ කරන එක කොයිතරම් සාධාරණද කියලා හිතලා බලන්න ඕනෙ.


1 comment:

  1. අමූලික ඇත්ත නේද?...
    හෙ හේ..අර පරන නර්ස්ල නම් අවතක්සේරු කරන්න එපා යාලු..බොහොමයක් අලුත් අයට වඩා මනුස්සකම ඩිංගක් හරි තියෙන්නෙ ඔය මිනිස්සු ලඟ!

    ReplyDelete