Sunday, September 4, 2011

ගොඩක් කොල්ලො කතා වෙන මාතෘකාවක් තමයි කෙල්ලො චපලයි කියන එක. ඇත්තටම කෙල්ලො චපලද? කෙල්ලො විතරක් නෙමෙයි අපි හැමෝම චපලයි.

ෆොරෙවර් කියන්නෙ ඊට වඩා හොඳ දෙයක් , කෙනෙක් හම්බ වෙනකන් කියන එක

එහෙම වෙන්න හේතුව තමයි ආදරේ කරන ගොඩක් අය 100% ආදරේ නොකිරීම. තමන් 100% ආදරේ නොදී අනිත් කෙනාගෙන් ඒ දේ බලාපොරොත්තු වෙනවා. ඒ කෙනා 100% දුන්නත් තමුන්ගෙ හිතේ වන්චාව තියෙන නිසා එයා ගැනත් එහෙමම හිතනවා. ඉතින් කවදාවත් සැනසීමක් නෑ.

සදහටම ආදරේ කරන්න අපි සහකරුවෙක් සහකාරියක් තෝරගන්නෙ කොහොමද?
මොනවා ගැනද බලන්න ඕනෙ. අපි ටිකක් ඒ ගැන බලමු.

මුලින්ම පෙනුම ගැන කතා කරමු. මේ ලෝකෙ ඉන්නවා
දැක්කම පිස්සු හැදෙන ලස්සන අය, ගොඩාක් ලස්සන අය, සිරියාවන්ත කෙල්ල / කොල්ලා කියල කියන අය , ඒ තරම් ලස්සනක් නැති අය. මේ මට්ටම් වලින් තමුන් ඉන්නෙ මොන මට්ටමේද කියලා මුලින්ම හිතලා බලන්න. තමුන්ගෙ සහකාරිය තමුන්ගෙ මට්ටම හරි ඊට ආසන්න මට්ටමක හරි නම් ගැලපීම උපරිමයි. මොකද එතකොට මූණ දෙන්න වෙන කරදර ගොඩක් අඩුයි.ඒක ආදරේ කරපු අය දනන්වා ඇති. මොකද මාල ගිරවු අල්ල ගත්තා වගේ නෙමෙයි තියාගන්න අමාරුයි.එක්කො ඉක්මනට පැනල යයි. වැඩිය හිරකරොත් අසනීප වෙයි. ඔය කරදර මුකුත් නෑ තමුන්ගෙ තරමට කෙනෙක් හොයාගත්තම.

ඊලඟට බලමු සල්ලි ගැන
සල්ලි නම් ඉතින් දෙන්නම සමාන මට්ටම් වල ඉන්න එක හොඳටම හොඳයි. මම නම් කියන්නෙ දුප්පත් කොල්ලෙක් සල්ලි කාර කෙල්ලෙක් එක්ක ගිහින් අහස පොළොව ගැට ගහන්න ට්‍රයි කරලා ජීවිත විනාස කරගෙන ජීවිත කාලෙම විඳවනවට වඩා තමුන්ට සමාන මට්ටමක පවුලක සහකරුවෙක් සහකාරියක් නම් ඉස්සරහටත් හොඳයි දැනටත් හොඳයි. දුප්පත් පෝසත් වෙනසක් කියන්නෙ සමාජ පසුබිම් දෙකක්. ඒ පන්ති දේකේ කතා බහ හැසිරීම අදහස් ඇදුම් පැළදුම් බලාපොරොත්තු උගත් බව ඔය හැම එකක් අතරෙම ලොකු පරතරයක් තියෙනවා. එතකොට දෙන්න එකතු වෙලා තීරණයක් ගන්නකොට ලොකු අමාරුවක වැටෙනවා. ඉස්සර කුළ , සමාජ පන්ති ගැන හෙව්වෙ ඔය නිසයි. ඒක අපි එක පාරටම ඉවත දාන එක වැරදියි. කිසිම දෙයක් නිකන් ඇති වෙන්නෙ නෑ හැම දේටම හේතුවක් තියෙනවා.

අපි ඊලඟ පෝස්ට් එකෙන් තව විස්තර කතා කරමු
සහකරු සහකාරිය තෝරගන්න හැටි .... 

6 comments:

  1. ම්ම්ම්ම්ම්.... මේ සාධක දෙකම හොදයි.. යථාර්තවාදී විදියට කියවිලා තියෙනවා...
    ජය වේවා..!!! අනිත් ටිකත් ලියන්න සහෝ...

    ReplyDelete
  2. aththa kathawa eth owa yaluweddi hithanne nane

    ReplyDelete
  3. මචන් මෙක ටයිටල් එක වෙනස් කරන්න. සහකරුවෙකු හො සහකාරිය ජිවිතයට ලංකර ගැනිමෙදි සැලකිය යුතු වැදගත් කරුණු කියලා.

    ReplyDelete
  4. oya bedalada? neththam kellek ekka yalu wela thiyenawa da?

    ReplyDelete
  5. ඇයි බන්දලා දෙන්නද :D

    ReplyDelete