Thursday, August 25, 2011

"මේක ඔයාට අරයා දෙන්න කිවුවා,
මේකට උත්තරේ ලියලා මටම දෙන්න ම ගිහින් දෙන්නම්"

මේක කියවනකන් ඉවසිල්ලක් නෑ.
"මගෙ අයියේ, මට සමාවෙන්න මම මේ කියන්න යන දේ අහලා දුක් වෙන්න එපා කලබල වෙන්නත් එපා එදා අපි බස් එකේ ආපු එක මගෙ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් දැකලා අම්මට කියලා, මට හොඳටම බැන්නා ගෙදර ආපු ගමන්, තාත්තටත් කියනවා කිවුවා. අම්මා අපෙ අයියට ඔයා ගැන විස්තර කියලා මේක නැවැත්තුවෙ නැත්තන් ඔයාට කරදරයක් කරයි එයා. අනේ අයියේ අපි මේක නවත්තමු මට බෑ ඔයාට කරදරයක් වෙන්න දීලා බලාගෙන ඉන්න. වැඩිය ලියන්න විදිහක් නෑ. මගෙ අයියට බුදු සරණයි."

මොකද්ද මේ උනෙ... බෑග් එක ඇරල කොලයක් අරන් මම රිප්ලයි එක ලියන්න ගත්තා.
"පොඩ්ඩි, ඇයි මෙහෙම කියන්නෙ , මේ වගේ දෙයක් නිසා ඔයාට මාව අමතක කරන්න පුලුවන්ද? මට මොන දේ උනත් මට කමක් නෑ මම බයේ පැනල යන කෙනෙක් නෙමෙයි. ආදරේ කලා නම් ඇයි අපිට මේ ප්‍රශ්නෙටත් එකටම මූණ දෙන්න බැරි. ඔයා දැනත් තීරණය කරලා ඉවර නම් කරන්න දෙයක් නෑ ඒත් මන් කැමති නෑ මේක නවත්තන්න.මගෙ පොඩ්ඩිට බුදු සරණයි."

ආදරේ කරනකොට ඇයි මෙච්චරටම බාල්දි වැටෙන්නෙ. ඒකත් බොක්කෙන්ම ආදරේ කරන උන්ට. අනිත් උන්ට කිසි කරදරයක් නෑ.කමක් නෑ මට මගෙ පොඩ්ඩි විශ්වාසයි. එයා මාව දාලා යන්නෙ නෑ.ලියපු ලියුම අර කවරෙටම දාලා එයාගෙ යාලුවටම දුන්නා.

මම ඊළඟට කරන්නෙ මොනාද කියලා හිතාගන්න බැරුව හිටියෙ...
මගෙ උරහිසට ඔලුව තියාගෙන මගෙ අයියේ....කියනවා
මගෙ අතේ ඇඟිලි කීපාරක් ගණන් කරලා ඇත්ද...
මට හැමදේම මැවි මැවී පේනවා  ... කම්මුල් දෙක පුරාම කඳුළු.
බස් ස්ටෑන්ඩ් එකේ පුටුවක මම ඉඳගත්තා... මුලු ලෝකෙම කැරකෙනවා වගේ



4 comments:

  1. ලස්සනයි...
    ඉතිරිය එන තුරු....

    ReplyDelete
  2. ඇත්තටම ලස්සනයි.

    ReplyDelete
  3. ඉක්මනට ඉතුරු ටික ලියන්න පට්ට

    ReplyDelete
  4. lassana jeevita athdakimak :P :) ituru tika continue krnna gdak kal yai neda

    ReplyDelete