Wednesday, August 24, 2011

"අයියේ...අයියේ..මොකද කවුරු ගැනද කල්පනා කරන්නෙ..?"
පැයක් විතර හිටන් හිටපු මම හීන ලෝකෙක එහෙ මෙහෙ පාවෙවි හිටපු හින්දද කොහෙද ලඟට එනකන්ම දැක්කෙ නෑ. 
"ඇයි පන්ති ඇරෙන්න පරක්කු උනේ? මම හිතුවෙ 5:30ට කියලා"

"නෑ සර් කිවුවෙ 5:30 කියලා ළමයි වගහක් කෑ ගහපු නිසා 6 වෙනකන් කරනවා කිවුවා. අනේ තරහද?"
හුරතල් වෙවී එහෙම කිවුවම කොහොම තරහ වෙන්නද

"හරි හරි එහෙනම් දැන්වත් යමුද? "

කියනකොටම බස් එකක් ආවා, හොඳ වෙලාවට පිටිපස්සෙම ශීට් එක හිස්. පොඩි දරුවෙක් වගේ දුවලා ගිහින් ජනේලේ ලඟින් වාඩි උනා. ලඟින් ඉඳගත්තමත් පුන්චි දරුවෙක් වගෙ අතේ දැවටුනා. හිත පුරාම ආදරේ උතුරුලා යන හැඟීමක්. වචනෙන් විස්තර කරන්න බෑ.

මම ගොඩක්ම ආස කලේ උරහිසට ඔලුව තියාගෙන, හුරතල් වෙවී කියන කතා අහන්න.
සමහර දාට හයියෙන් මගෙ අත කොනිත්තලා "රිදුනද පැටියෝ කියලා අතගානවා"

"අයියේ .. බහින තැන ලඟයි.. ආයෙ හීන බලනවා නේද...ඔයා පිටිපස්සෙන් බහින්න
සමහර විට අම්ම ඉඳියි බස් හෝල්ට් එකේ"

මූණට ලන් වෙලා නලලට හාදුවක් දෙන ගමන් "හරි පැටියෝ" කියාගෙනම මම නැගිට්ටා. 

බස් එකෙන් බැහැලා ගෙවල් පාර දිහාවට ඇවිදගෙන ගිහින් නොපෙනී යානකන්ම බලන් ඉඳලා මාත් ගෙදර යන්න හැරුණා. 

මම ගේ ලඟට ලන් වෙද්දිම මැසේජ් එකක්
"අයියේ අපි එනවා අම්මා දැකලා. මේකට කෝල් මැසේජ් කරන්නෙපා මම යාලුවෙක් අතේ පණිවිඩයක් එවන්නම්"


1 comment:

  1. තාත්විකව ලියලා නම් තියෙනව.බලමුකො තව :)

    ReplyDelete