Friday, August 19, 2011

Posted by Unknown | File under : ,

අද නම් කොහොමහරි හම්බවෙනවාමයි
යාලුවොන්ටත් බොරු තොගයක් කියලා අමාරුවෙන් ලිස්සලා කලින් පැනගත්තා
කොහොමහරි පැයක් විතර කලින් බස් එකකට නැගත්තා
"ටකාස්" ගාලා සද්දයක් ආවා එතකොටයි ඇස් දෙක ඇරුනෙ
මල කෙලියි ෆෝන් එක වැටිලා
ඒකත් අහුලගෙන කෑලි ටික සෙට් කරද්දි නුගේගොඩ හන්දියත් ඇවිත්
අද නම් වෙලාවත් කලින් ආපු නිසා හොදයි.. ශේප් එකේ අයිනක් අල්ලන් බලන් හිටියා
ම්ම්ම් අම්මෝ ඔන්න අද නම් එනව...
ඇවිත් මීටර් 2ක් විතර ඈතින් හිටගත්තා
අප්පට සිරි මේ මොන හෙනහුරෙක්ද මේ කොහෙන්ද ආපු කෙල්ලෙක් කතාවට සෙට් උනා
විනාඩි දෙක , තුන , පහ , දහය , පහලව .... කෙල්ල යන පාටක් නෑ
බස් එනවා ... බස් එක දිහා බලනවා ... ආයෙ කතා කරනවා
මාත් ඉතින් අර මොකාද වගේ ඇඹරෙනවා... ඇයි යකෝ මොන මගුලක්ද
නුගේගොඩ පාලම උඩින් එයාර් බස් එක් එනකන්වත් ඉන්නවද....
ඔන්න අමාරුවෙන් බස් එකට නැග්ගා.. ඒකෙත් සෙනග ....කිරි අප්පට ගෙම්බො පැනපි
මෙන්න ඒ කෙල්ලත් නෑග්ගා... බස් එකෙත් කතාව..
මන් ඉතින් ඕක බලාගෙන උලමා වගේ ඉන්නවා අදුරන්නෙ නෑ වගේ
ඒ අස්සෙ මේ හෙනහුරී හිතාගෙන ඒකි දිහා බලනවා කියලා
මක් කොරන්නද ඉතින් සද්ද නැතුව බස් එකෙන් බැහැලා 
ඊයෙ වගේම ගෙදර ආවා
අනේ අපොයි මෙහෙමත් දුකක්..... හතුරෙකුටවත් නොලැබේවා

0 අදහස්:

Post a Comment