Monday, August 22, 2011

Posted by Unknown | File under :
"නැගිටින්න නැගිටින්න ළමයො අර තේ එකත් නිවෙනවා"
ඇස් දෙක වහගෙනම ඇඳ පුරාම අතගාලා ෆෝන් එක හොයාගත්තා
අපෝ තාම 7යි 10යිනෙ. 
(වෙලාව බලන්නම නෙමෙයි ෆෝන් එක හොයන්නෙ 
උදේම මැසේජ් එකක් එවල තියෙනවනෙ සමහර දාට හම්බෙන්න)
අමාරුවෙන් නැගිටලා බිමට අඩිය තියද්දිම ආව මරු අයිඩියා එකක්
වින්ඩ් චෙම් එකටත් තට්ටුවක් දාගෙනම (ඔව් එයා දීපු එක තමයි)
කුස්සියට ගියා " අම්මේ අද මට පොල්සම්බෝලයි බතුයි ඕනෙ"
"හරි හරි ඊට කලින් දත් මැගෙන මූණ හෝදලා තේ එක බොන්නකො"
මමත් ඉතින් මූණ හෝදලා තේ බීලා
තියෙන ඔක්කොම මූණෙ උලාගෙන එනකොට පැය භාගයක් විතර ගිහින්
ශාහ්.. එද්දි රුවන්වැලි සෑයට මල් පූජාවක් තියලා වගේ මේසේ උඩ
මොනා කියනවද ඉතින් විනාඩි පහෙන් මිශන් එක ඉවරයි.
තාමත් හුස්ම ගන්න ටිකක් අමාරුයි.


3 comments:

  1. සම්බෝලයි බතුයි හාල්මැස්සො බැදලා තමයි රහම හ්ම්ම්,,,,

    ReplyDelete
  2. මම වෙජිටේරියන් නිසා ඉතින් ඒක නම් බෑ :D

    ReplyDelete
  3. කරවල ටිකක් තෙල් දාලා ගත්තා නම් මරු

    ReplyDelete