Sunday, August 21, 2011

ලයිබ්‍රරි එකට එන්න කියලා හදිසියෙම ආපු මැසේජ් එකක් නිසා මම අතට අහු උන ඇඳුමක් දාගෙන දුවලා ගිහින් බස් එකට නැග්ගා. ඉවසිල්ලක් නෑ මට මූණ දකිනකන්. බස් එක යන්නෙත් හුරතලේට. හෙල්ලෙනවටද මන්ද. එක්කො මුගෙ කකුල කොටයි. ඇක්සලේටරේ පෑගෙන්නෙ නෑ. කොහොමහරි ලයිබ්‍රරි එකට එද්දි විනාඩි 10ක් පරක්කු වෙලා. කෙලින්ම පොත් මාරු කරන තැනට යනකොට එයා මඟ බලාගෙන ඉන්නවා. ලඟ පාත අම්මා ඉන්න බවක් පෙනුනෙ නැති නිසා මම හෙමින් ලඟට ගියා. එක පාරටම බෑග් එකෙන් ඇදලා ගත්තු කඩදාසි කෑල්ලක් මගෙ අතේ තියලා. හිනා වෙලා යන්න ගියා.
මටත් අන්දොස් වගේ. කෝකටත් ඉක්මනට පොතත් මාරු කරගෙන
අයේ ගෙදර යන්න බස් එකට නැගලා කොලේ අතට ගත්තා...........

"සිහිනය මනරම් ආදරයක හසරැල්
දුර ඈත සන්සාරයේ හමුවීමක ප්‍රතිඵලයයි
කල් යල් බලමින් උදාවුනු මොහොත සිහියට පැමිණේ
සන්සාර පුරුද්දට හිතේ ආශා පොදි බැඳ
නිවන් මඟ අහුරමින් ඔබ හා ගෙවූ
මොහොත සිහියට පැමිණේ
සඳ කිරණක රශ්මිය සේ අහස බබලවන
සැමට ජීවය ලබාදෙන සූර්ය දීප්තිය මෙන් ජීවිතයට පැමිණ
කළු අන්ධකාරයක් වැනි අමාවක සඳක් මා හට පසුව ඉතිරි කරමින්
නිශ්චල ජීවිතය චන්චල කර
සියලු සිතුම් බිඳ වැටුණු මොහොතේ
කුමට යලි ඔබ මා හමුවූවාදෝ

නමුත් දැන් සඳ නැවත පුර පසළොස්වකයි
යලි මා ඉපදී ජීවත් වනු සිතේ
ඒ බොඳවූ අතීතය අතීතයක්ම වී
යලි මා ඉදිරියට නොඑනු මැන
එය මාගේ සදා පැතුම විය"

(ස්වීට් ඒන්ජල්)

ඇහැට කඳුලක් එන්න වෙර දැරුවත් ඒ ගැන නොසිතා මම ඉදිරි අසුන මත ඔලුව තබාගතිමි..


2 comments:

  1. හොඳ කලා කරුවෙක් බිහිවන්නෙ හොඳ බූටකට පසුවය

    ReplyDelete