Wednesday, August 24, 2011

තාත්තා මට හැමදාමත් කිවුවා.
තාත්තා කියපු දේ ඇහුව නම් මට කවදාවත් මෙහෙම වෙන්නෙ නෑ.
මට තිබුන හැමදේම දාලයි ම ආවේ.
මගෙ ඉගෙනීම, මගේ තාත්තව....
පුන්චි කාලෙ ඉඳලම ම හීන දැක්කෙ ලෝයර් කෙනෙක් වෙන්න.
අම්මා මාව තනි කරලා මේ ලෝකෙන් ගියාට පස්සෙ,
එක එක සුරන්ගනා කතා කියලා මාව රවට්ටගත්තා.
ඔයා ලඟට එන්න කියපු ගමන් මන් දෙපාරක් නොහිතා ආවා,
ඔයාට ඉල්ලපු හැමදේම ඒ විදිහටම මම දුන්නා,
බඳිමු කිවුවම දහ අටවත් පිරිල නැතිව හිටපු මම ඒකත් ආවා.
ඒත් දැන්.... දැන් මගෙ වැරදි හොයනවා විතරයි. 
මම කෑවද බිවුවද ඉන්නවද මලාද බලන්නෙත් නෑ.
ඔයා උදේට වැඩට යනවා මහ රෑවෙලා ගෙදර එනවා.
ඔයත් එක්ක එදා මම පැනලා ආපු එක ගැන සදහටම මම පසුතැවෙයි...
එහෙම නොවුන නම් මාත් ඊලඟ අවුරුද්දෙ මගෙ යාලුවෝ වගේ,
ඒ ලෙවල් ලියනවා.... අම්මේ මාවත් ඔයා ලඟට ගන්න අම්මෙ.
මට මේ ලෝකේ එපා වෙලා.



(සමීපතම මිතුරියකගේ ජීවිත අත්දැකීමක් ඇසුරෙන්)

5 comments:

  1. පැනලා යනවා නම් හරියට ස්ථාවරයක් තියෙන එකෙක් එක්ක යන්න ඕනෙ

    ReplyDelete
  2. ඇනෝගෙ කතාවත් හරි..හෙහේ!

    ReplyDelete
  3. අම්මෝ කොහොම යනවද කියල හිතාගන්නවත් බෑ.මට නම් බයේ බෑ,.

    ReplyDelete
  4. ඕක ඇත්තටම උන දෙයක් ... ඒ කෙනා ජීවිතේම අඩනවා ඔය දේ නිසා

    ReplyDelete
  5. පැනලා යන එක හොඳයි දුප්පත් ගෙදරකින් දුප්පත් ගෙදරකට නම්
    ඒත් ගොඩක් තැන් වල වෙන්නෙ පෝසත් තැනකින් දුප්පත් පැළකට උස්සන් එන්නෙ
    එතන ඉඳන්ම ඉතින් ප්‍රශ්ණ තමයි

    ReplyDelete