Wednesday, August 24, 2011

Posted by Unknown | File under : ,
අයියේ..බොක්ස් තියෙනවද?  නෑ සර් ඔක්කොම ෆුල්. 
මල්ලි බොක්ස් එකට ටිකට් එක් දෙන්න? බොක්ස් නෑනෙ අයියේ.
අයියේ? බොක්ස් එකේ ගාන කීයද? බොක්ස් ඉවරයි මල්ලි හවස එකට එන්න ඕනෙ නම්.
ශා.. ලන්කාවේ සිනමා කර්මාන්තය සෑහෙන්න දියුණුවක් ලබලනෙ.
මට ඉස්සරහා හිටපු කපල් සෙට් එකේම බලා පොරොත්තු බිඳිලා ගිහින් වගේ.
(මොනාද බලාපොරොත්තු කියලා අහන්නෙපා.
පොඩි ලමයි කියවනවා මේක. චික් උඹලත් මහ සදචාරෙ බින්දුවයි.)
මමත් ගිහින් 200ක් මේසේ උඩින් තියලා
"ODC" කිවුවා.
"අයියේ 300යිනෙ"
යකෝ මූ පිටිපස්සෙ බෝඩ් එකේ අමු සින්හලෙන් තියෙනවා,
ODC full - 150/= කියලා.
"එහෙනම් ඔය පිටිපස්සෙ ගහලා තියෙන්නෙ 150යි කියලා"
"ආහ් සර් එකයිද? "
නැතුව? (මූ මීට කලින් තනියෙන් ෆිල්ම් බලන උන් දැකලා නෑ වගේ)
කවුරු හරි ඉන්නවා නම් තනියම එන්නෙ නෑනෙ.
කමක් නෑ කොහොම කොහොම හරි ෆිල්ම් එක හවුස් ෆුල් (බොක්ස් විතරක්)

ODC බල්ලෙක්වත් නෑ.


7 comments:

  1. ඕක කියවද්දී මට මතක් වුනේ ඔය උඩ පිංතූරෙත් අරන් තියෙන මෙන්න මේ වීඩියෝ එක :D :D

    ReplyDelete
  2. හ්ම්ම් මටත් ලියද්දි ඕක මතක් උනා ඒකයි ඒකම දැම්මෙ... ;)

    ReplyDelete
  3. කොහොමත් ෆිල්ම් එක රස විඳින්න යනවනම් තනියෙම යන්න ඕන . .

    නැති නම් එක වගේ රසවිඳනයක් තියෙන යාලුවෙක් හෝ යෙහෙලියෙක් එක්ක යන්න ඕන . . .

    විහිලු නෙමෙයි. . .

    ReplyDelete
  4. ඔව් ඔව් ඒක ඇත්ත. මම නම් යනව නම් යන්නෙ ෆිල්ම් එක අතරෙ කට වහගෙන ෆිල්ම් එක බලන එකෙක් විතරයි. නැත්තන් තනියම.

    ReplyDelete
  5. අමූලික ඇත්ත..නේද මල්ලි! ;)

    ReplyDelete
  6. පව් නේ ෆිල්ම් කලාව....

    ReplyDelete
  7. ඔය වීඩියෝ එකේ තිබ්බ කතන්දරේ ඇත්ත. දැන් ෆිල්ම් හෝල් පාවිච්චි කරන්නෙ ෆිල්ම් බලන උන්ට වඩා ගණිකා මඩමකට යන්න සල්ලි නැති උන්.

    ReplyDelete