Saturday, August 20, 2011

මම ඔරලෝසුව දිහා බැලුවා, 01:10 කියලා තියෙනවා,
මේ මගුලෙ වෙලාව වැරදිලාවත්ද නිදිමතක් පේන තෙක්මානෙක නෑ. අනිත් ඔරලෝසුවෙන්වත්
වෙලාව බලාගන්න කියලා හිතාගෙන නැගිටිනකොටම ටින් ටින් ටින් ටොන් ගාලා
එයා (ඔව් එයා තමයි) ඇනිවසරි එකට දීපු වින්ඩ් චෙම් එකේ ඔලුව වැදුනා. ඒ පාරට නිකන්
ඇල්කීන දෙකක් තුනක් බිම වැටුනා වගේ.නිදි මතත් නෑ බඩගිනිත් නෑ පාඩම් කරන්න
 හිතෙන්නෙත් නෑ මොනා වෙලාද මන්දා මට.... අමු කැවිලාවත්ද? එහෙම වෙන්නත් බෑ
විශේෂයෙන් අමුවෙන් කියලා දෙයක්  කැවුනෙත් නෑනෙ. ශිට් රීලෝඩ් කරපු 45ත් ඉවරයි
තව ටිකකින් අන්තර්ජන්ජාලෙටත්
තිත හෙට උදේ වෙනකන්.

මන් හිතන්නෙ ආදරේ + විභාග =  විනාසෙ වෙන්න ඇති.

විභාගෙද ආදරේද ... මොකක්ද මන්දා රැවුලත් ඕනෙ කැඳත් ඕනෙ වගේ ...
බීම බටේකින් වගේ තමයි බොන්න වෙන්නෙ. ශිට් මදුරුවො කනවා.
මන් නිදාගන්නවා. නෑ ඇස් දෙක වහගෙන ඉන්නවා.

1 comment:

  1. ඉගෙනගනින් ගොනෝ එතකොට ගෑණු සල්ලි ඔක්කොම පස්සෙන් එයි

    ReplyDelete