Sunday, August 21, 2011

Posted by Unknown | File under : , , ,

ආදරය මායාවක්ද? නෑ.

එහෙනම් මිරිඟුවක්ද? බොහෝවිට.

ආදරේ අවශ්‍යමද? අනිවාර්යයෙන්.

ලැබෙන්නෙ නැත්තන් ? ලබා ගන්න දැනගන්න ඕනෙ.

බලෙන්ද? පිස්සුද .. ආදරේ බලෙන් ගන්න බෑ.

ඇත්තම ආදරේ අඳුරගන්නෙ කොහොමද? කවදාවත් අදුරගන්න බෑ

ඇයි ඒ? හැමෝම එහෙමද? ඔව් හැමෝටම තියෙන්නෙ වෙනස් වෙන හිත්.

එතකොට ඔයා ආදරේ කරන්නෙ නැද්ද? හදවතින්ම කරනවා.

එහෙනම් කලින් කිව්වෙ? ඔව් ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙ නෑන.

ආදරේ වෙනුවෙන් ජීවිතය පුදන්න උනොත්? කරනවා. සුදුසු කෙනෙක් නම් විතරක්.

පාසල් කාලෙ ආදරේ කරන එක?
ට්‍රයල් වර්ශන් එක අරගෙන බලලම ලයිශන් කරගන්න එක හොඳයි.

ඒ කියන්නෙ පාසල් ප්‍රේමය හරි? ඔව්. ගින්දර දැක්කට කමක් නෑ. පුච්ච ගන්නෙ නැතුව.

දාලා ගිය ආදරේ වෙනුවෙන් විඳවන්නෙ? මෝඩයෝ! ආදරේ නම් දාලා යන්නෙ නෑ. යන්න බෑ.

පෙම්වතිය ලස්සන නැත්තන්? අතාරින්න. දැනටත් ප්‍රමාද වැඩියි.

ඇයි එහෙම කියන්නෙ? ඇත්තටම ආදරේ නම් ලස්සන නෑ කියලා හිතෙන්නෙ නෑ.

ආදරේ මොන වගේද? ලිහිසි තෙල් වගේ. 

ඒ කිවුවෙ? ලිහිසි තෙල් වලින් ගර්ෂණය අඩු කරනවා. එන්න එන්න තෙල් අඩු වෙනව නම් ගර්ෂණය වැඩි වෙලා යන්ත්‍රයටත් හානි වෙනවා. එහෙම අඩු වෙනවා නම් ආයෙ තෙල් එකතු කරන්න ඕනෙ එහෙම නැත්තන් ඉක්මනින් යන්ත්‍රය භාවිතයෙන් අයින් කරන්න ඕනෙ.

3 comments:

  1. අර පෙම්වතිය ලස්සන නැත්තන්.. එක හරිද මන්ද

    ReplyDelete
  2. එකනම් හරියටම හරි

    ReplyDelete
  3. ලිහිසි තෙල් වලින් ගර්ෂණය අඩු කරනවා. එන්න එන්න තෙල් අඩු වෙනව නම් ගර්ෂණය වැඩි වෙලා යන්ත්‍රයටත් හානි වෙනවා. එහෙම අඩු වෙනවා නම් ආයෙ තෙල් එකතු කරන්න ඕනෙ එහෙම නැත්තන් ඉක්මනින් යන්ත්‍රය භාවිතයෙන් අයින් කරන්න ඕනෙ

    ReplyDelete