Wednesday, September 21, 2011

වයස අවුරුදු 60 ඉක්මවපු යුවලක් එයාලගෙ 40 වෙනි විවාහා සන්වත්සරය සමරනවා.
ගොඩක් සතුටෙන් දෙන්නම ඉන්නෙ. මෙච්චර කාලයක් ගිහිල්ලත් කිසි වෙනසක් නෑ.

හදිසියෙම දිව්‍යාන්ගනාවක් මතු වෙනවා
ඔබ වගේ ආදරෙන් ඉන්න යුවලකට මම බොහොම කැමැත්තෙන් වරයක් දෙනවා

කාන්තාව දෙපාරක් නොහිතම කියනවා
"මට මුලු ලෝකෙ වටේම යන්න ඕනෙ, මගෙ හස්බන්ඩ් එක්කම" කියලා

දිව්‍යාන්ගනාව ඒ ප්‍රාර්තනාව ඉටුකරලා 
නෞකාවක ලෝකේ වටේම යන්න ටිකත් පත් දෙකක් මවලා දෙනවා

දැන් පිරිමි කෙනාගෙ වාරේ
ඔව් කියන්න මොනාද ඔබට ඕනෙ?

"මට වඩා අවුරුදු 30ක්වත් බාල බිරිඳක් හිටිය නම් මරු"

දිව්‍යාන්ගනාවට වගේම කාන්තාවටත් ගොඩක් දුක හිතුනා ඒ කතාවට
මොනවා කරන්නද ප්‍රාර්තනාව නම් ප්‍රාර්තනාවක්ම තමයි
දිව්‍යාන්ගනාව මැජික් යශ්ඨිය කරකවලා ඒක ඉටු කරනවා

මොකද උනේ? හස්බන්ඩ්ට අවුරුදු 90ක් වෙලා
ප්‍රාර්තනාව නම් ඉටු වෙලා කොහොමත් දැන් අවුරුදු 30ක් බාලයිනෙ

** ඔබත් මේ වගේද? හිතලා බලන්න

Tuesday, September 20, 2011

තෝමස් අල්වා එඩිසන්... නම කිවුව ගමන් මතක් වෙනවා
අර ලයිට් කාරයා... ඔව් මිනිහා තමයි
මේ මනුස්සයා ලයිට් එක හොයාගත්තෙ නැති වෙලා තිබිලා එහෙම නෙමෙයි
මෙයා තමයි මුලින්ම බල්බ් එකක් හැදුවෙ
මෙයා බල්බ් එකේ සූත්‍රීකාවට දන්න හැම කෙඳි කෑල්ලම , දන්න හැම ලෝහයම
කොටින්ම කියනවා නම් හැම මඟුලක්ම ට්‍රයි කලා
හරි යන්නෙ නෑ.. සිය වතාවක් වැරදුනත්
කවුරුවත් කියනවද මෙයා කාලකන්නියෙක්, 
ජීවිතේ පරාජිතයෙක් කියලා..?

නෑ.. ඔහු නියම ජයග්‍රාහකයෙක්
ඔහුට සිය වතාවක් වැරදුනා නෙමෙයි
ඔහු බල්බ් එක පත්තු නොවෙන ජාති 100ක් හොයාගත්තා
ඒක නිසා නෙමෙයිද ඔහු එතනින් එහාට හිතන්න පටන් ගන්නෙ

ඔබට බැරි දෙයක් නෑ, අලුත් දේවල් කරපු , ලෝකෙ වෙනස් කරපු රැඩිකල් මිනිස්සු
90%ක් ඉස්කෝලෙන් පන්නපු අය, අන්තිම දුප්පත් අය
ඒ හැම කෙනෙක්ම දිනුවෙ උත්සහයෙන්
ඔයාට බැරි දෙයක් නෑ 
හිත ඇත්නම් පත කුඩාද කියනවනෙ

ඔබ ඔබ ගැන අවතක්සේරුවෙන් හිතන්න එපා
ඔබත් වෙනස් පුද්ගලයෙක් වෙන්න
කවදාවත් ගඟ දිගේ ගලාගෙන යන්න එපා
ජීවිතේට ඕන විදිහට ඔයා නෙමෙයි ඔයාට ඕන විදිහට ජීවිතෙ ගෙවන්න
හරවන්න ජීවිතේ අනිත් පැත්තට
එන්න අපි උඩුගම් බලා පීනමු
මුදුනටම... 
මේ පාර ඔන්න හා හා පුරා කියලා බ්ලොගින් තරඟ වලට සින්ඩිකේටර් තරඟ ඇවිත්
කොහෙද ඉතින් සන්විධායක මණ්ඩලයට ඉදිරිපත් වෙන්න බැහැ නෙව.

සින්ඩිකේටර තරඟයක් නොතිබ්බත් ඉතින් ඔය සීතල යුද්ධයක් නැතුව නෙමෙයිනෙ. ඔය තරහා මරහා අතෑරලා හොඳම දේ තමයි කියවන අයට හොඳ දෙයක් දෙන්න උත්සහා කරන එක. ඉතින් ඔන්න තාමත් ඇප්ලිකේශන් දැම්මෙ නැත්තන් ඉක්මන් කරන්න සින්ඩිකේටර් තරඟේ අවසාන දවස 23න් ඉවරයි. මොකද ඡන්ද විමසීම පටන් ගන්නවා ඊළඟ දවසෙම.

වැඩි විස්තර සඳහා ගොඩවෙන්න - සාහිත්‍ය (ඩොට්) එල් කේ | Sahithya.lk

Sunday, September 18, 2011

Posted by Unknown | File under : , ,

ටිකක් තරුණ කාන්තාවක් දොස්තර කෙනෙක් ලඟට යනවා



කාන්තාව :- ඩොක්ටර් මට ප්‍රශ්ණයක්. මගෙ දරුවට තාම අවුරුද්දක්වත් නෑ. ඒත් මට ආයෙ දරුවෙක් ලැබෙන්න යනවා.

දොස්තර :- හොඳයි ඉතින් මගෙන් මොකක්ද වෙන්න ඕනෙ?

කාන්තාව :- මේ දරුවව අයින් කරන්න තමයි ඩොක්ටර්. ඩොක්ටර්ට පුලුවන් මට උදවු කරන්න.

දොස්තර :- ඒත් මේ දේ ඔයාගෙ ජීවිතේටත් අනතුරක් වෙන්න පුලුවන්.

කාන්තාව :- ඒත් ඩොක්ටර්... මට මේක කොහොමහරි කරගන්න ඕනෙ

දොස්තර :- නෑ මන් ඊට වඩා හොඳ විසඳුමක් කියන්නම්. ඒක ඔයාගෙ සෞඛ්‍යටත් හොඳයි.

(කාන්තාව හිතනවා දොස්තර වැඩේට කැමති උනා කියලා)

දොස්තර :- ඔයාට ප්‍රශ්ණෙ තියෙන්නෙ එක පාරට ළමයි දෙන්නෙක් බලාගන්න බැරි එකනෙ

කාන්තාව :- ඔව් ඩොක්ටර්

දොස්තර :- ඉතින් ඔයාගෙ ගෙදර ඉන්න බබාව ඔයාගෙ අතින්ම බෙල්ල කපලා මරලා දාන්න

කාන්තාව :- අපොයි ඩොක්ටර් ඒ මොන අපරාධයක්ද

දොස්තර :- ඉතින් මේ කරන්න යන එකෙයි ඒකෙයි වෙනසක් නැහැ. දෙන්නම දරුවො. වෙනස තියෙන්නෙ ඒ අපරාදේ ඔයා මගෙ අතින් කරවන්න යන එකයි. ඊට වඩා ඔයාගෙ අතින්ම කලානම් ඒක හොඳයිනෙ.

**දරු ගැබක් කියන්නෙත් ජීවිතයක්. තප්පරයක් තප්පරයක් පාසා මේ ලෝකෙ එළිය දකින්නත් කලින් මරාදාන ඒ අහින්සක දරුවන් ගැනත් මදක් හිතන්න. ඔවුන්ට මේ ලෝකෙට එන්න අයිතියක් නැද්ද? ඇයි ඒ අහින්සක දරුවට ජීවිතේ බාගෙට දීලා සරදමක් කරන්නෙ. කාටවත් කියන්න බෑ මට මේ දරුවා කුසට ආවේ පාරේ බිම බලාගෙන ඇවිදගෙන යද්දි කියලා. නැත්තන් මේ දරුවා පොතක් බල බල ඉද්දි කුසට ආවා කියලා.තමුන්ගෙ උවමනාවෙන් කරගන්න දේකට අහින්සක දරුවෙක්ගෙ ජීවිතයක් පළිද?

Friday, September 16, 2011

භීෂණ සමයේ ඇති උන ආරක්ෂක අවශ්‍යතා නිසා රජය විසින් ග්‍රාමාරක්ෂකයින් බඳවා ගැනීමේ බලය පොලිසි වලට ලබා දී තිබිණි. "සෝමපාල" විශ්ව විද්‍යාල සිසුවෙක් වූ අතර විශ්වවිද්‍යාල වල අධ්‍යාපන කටයුතුත් අඩාල වී තිබුණු බැවින් ඔහුද ග්‍රාමාරක්ෂක සේවයට බැඳීමට සිතා පොලීසියට  ගියේය.

ස්ථානාධිපති : ආහ් එනවා එනවා .... නම මොකද්ද කිවුවෙ?

සෝමපාල : තාම කිවුවෙ නෑනෙ සර්.. සෝම පාල

ස්ථානාධිපති : මොනවද කරන්නෙ? ඉගෙන ගෙන තියෙනවද?

සෝමපාල : ඔව් සර්.. මම කැම්පස් යනවා.

ස්ථානාධිපති: මොනාද කරන විශයන්?

සෝමපාල: සින්හල කරනවා සර්


ස්ථානාධිපති: ආහ් ළමයා දන්නවද "බුත්සරණ" ලියුවෙ කවුද කියලා?

සෝමපාල: ම්ම්ම් මේ දැන් මතක තිබ්බ සර් ....ම්ම්ම්


සාජන් : සර්ට කෝල් එකක් ඩීඅයිජී ගෙන්

ස්ථානාධිපති: ආහ් පොඩ්ඩක් ඉන්නවා මම එන්නම්.
මන් මේ කොල්ලගෙන් ප්‍රශ්ණයක් ඇහුවා තාම උත්තර දුන්නෙ නෑ පොඩ්ඩක් බලනවා

සාජන් : හරි සර් මන් බලන්නම්.
නම මොකද්ද? සෝම පාල කිවුවා නේද? බුත්සරණ ලියුවෙ කවුද දන්නෙ නෑ නේද?
ඇත්ත කියපන්... උඹ නේද ඒක ලියුවෙ?

සෝමපාල: අනේ මම නම් නෙමෙයි සර්

සාජන් : උඹ මාත් එක්ක බොරු කියනවද ? ඇත්ත කියපන් මීට වැඩිය නෑ නෑ කියපු උන් කකුල් දෙකෙන් එල්ලලා දෙකක් දෙනකොට ඔව් කියනවා මට ඇත්ත කියපන් උඹ නේද ඕක කලේ? උඹටත් නැත්තන් එල්ලලා දෙකක් දෙන්න ඕනෙද?

සෝමපාල : අනේ එපා බුදු සර් මම තමයි ලියුවෙ.

(ස්ථානාධිපති පැමිණේ)

සාජන් :දැක්ක නේද සර් සර්ලා අපිට බැන්නට සර් පැයගානක් කතා කරලත් මූ පිලිගත්තෙ නෑනෙ මන් විනාඩි 5න් මුගෙන් උත්තර ගත්තා. මූ පිලිගත්තා සර් මූ තමයි ලියුවෙ කියලා සර්.

Wednesday, September 14, 2011

උදේ පාන්දර රේඩියෝ එක අහගෙන ඉන්න ගමන් පුන්චි ප්‍රශ්ණයක් ඇහුනා. බැලු බැල්මට නම් පුන්චි ප්‍රශ්ණයක් කිසිම වැදගත් කමක් නෑ ඕන පුන්චි එකෙක් දන්න ප්‍රශ්ණයක් කියලයි හිතුවෙ.

සමනලයට කකුල් කීයද?

පළවෙනි අමතන්නා - සමනලයට කකුල් අටයි....

දෙවනි අමතන්නා - සමනලයට කකුල් දහයයි...

ආසාවෙ බෑ. විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ. අපේ උන් ඉස්කෝලෙ මොකට ගියාද කියලා හිතුනා අඩු ගානෙ පුන්චි කාලෙ සමනලයෙක් පස්සෙ දුවලා නැද්ද? මලකට සමනලයෙක් වහනකන් බලන් ඉඳලා ඌව අල්ලන්න ට්‍රයි කරලා නැද්ද? සමනලයට කකුල් දහයක් එන්න ඌ හැකරැල්ලෙක්ද , පත්තෑයෙක්ද... වැස්සකටවත් ඉස්කෝලයක් පැත්තෙ ගිහින් නෑ වගේ. දන්නෙ නැත්තන් නොකියා හිටහල්ලකො කෝල් කර කර බොරු කියන්නෙ නැතුව. අනේ මන්දා නිකාන් ලේ රත් වෙනවා උදේ පාන්දර....

ලන්කාවෙ අධ්‍යාපනය සාර්තකද?
නෑ. ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක් නැති එකේ පල විපාක තමයි මේ......




Friday, September 9, 2011

රටට හා සිසුන්ට වාසි සහගත කරුණු
  • උසස්පෙළ සමත් වුවත් විශ්වවිද්‍යාලයට සුදුසුකම් නොලබන , අධ්‍යාපනයට ඉතා උනන්දුවක් දක්වන සිසුන්ට අධ්‍යාපනයට අවස්තාවක් ලැබීම.
  • විදෙස් රටකට නොගිහින් මෙහිදීම උපාධිය ලබාගැනීමට හැකිවීම
  • දකුණු ආසියාවෙ තවත් රට වල සිසුන් උසස් අධ්‍යාපනය සඳහා පැමිණීම නිසා රටට තවත් ආදායම් මාර්ගයක් එකතු වීම.
  • උපාධිය නිමකිරීමට ගතවන කාලය ඉතා අවම වීම
  • 20% සිසුන්ට නොමිලයේ ශිෂ්‍යත්වයක් ලබාදීම

සිසුන්ට අවාසිදායක කරුණු
  • උපාධිය සඳහා අධික මුදලක් වැය කිරීමට සිදුවීම
  • රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය සන්වර්ධනය නොවීම
  • උපාධියේ ප්‍රමිතිය පිළිබඳ යම් යම් ගැටලු පැවතීම

          ඔන්න ඔය වගේ වාසි අවාසි ගොඩක් තියෙනවා. මේ වන විට ලොකුම වැරැද්ද වෙලා තියෙන්නෙ රජය අධ්‍යාපනයට වෙන් කරන මුදල වසරෙන් වසර අඩු කරන එකයි. නමුත් මේ වගේ අධ්‍යාපනය තුලින් රටට මුදල් ගලා ඒමත් එක්ක රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියත් දියුණු කරනවා නම් ගොඩක් වටිනවා. මොකද නිදහස් මෙච්චර කල් තිබුන නිදහස් අධ්‍යාපනය මේකෙන් විනාස වෙන්න නොදී රැක ගන්න ඕනෙ නිසා. රාජ්‍ය විශ්වවිද්‍යාල වලට එන්න අපේ රටේ අහින්සක දුප්පත් අම්මා තාත්තගෙ දුප්පත් දරුවො ඒ අය මහන්සි වෙලා ගොඩ නගා ගන්න උපාධියේ වටිනාකම මුදලට යට නොවෙන්න වග බලාගන්නවා නම් ගොඩක් හොදයි. පෞද්ගලික විශ්වවිද්‍යාල අපේ රටට පිළිලයක් නොවෙන්න වග බලාගනීවි කියලා අපි හිතමු.


ආදරේදි වැදගත් වෙන ගොඩක් දේවල් ගැන කතා කලානෙ ඒත් ගොඩක් දෙනෙක් අසාර්තක වෙන , ගොඩක් දෙනෙක් අතරමඟ නවතින තැන තමයි අවබෝධය , සැකය , විශ්වාසය කියන තැන.

සැකය ඇති වෙන්නෙ විශ්වාසය නැති උනාම
විශ්වාසය නැති වෙන්නෙ අවබෝධය නැති උනාම

අවබෝධය තියාගෙන්නෙ කොහොමද? කිසිම දෙයක් දෙන්න අතරෙ රහසක් විදිහට තියාගන්න එපා ඒක බොහොම පුන්චි දෙයක් උනත් මහ ලොකු ප්‍රශ්ණයක් වෙන්න පුලුවන්. මොකද එක බොරුවක් කියන්න පුලුවන් කෙනාට බොරු 1000ක් කියන එක ලොකු අමාරුවක් නෑ. ඒක සාධාරණ අදහසක්. ඒ නිසා පුන්චි දේකින්වත් විශ්වාසය නැති කරගන්න එපා. එක පාරට ඕක ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ ඒත් ටිකෙන් ටික කල් යනවත් එක්කම සමහර විට අනිත් කෙනා ගැන "බොරුකාරයෙක්" කියලා හිතන්න ඉඩ තියෙනවා. දෙන්න අතරෙ අවබෝධය නිවැරදිව තියෙනවා නම්,

අනිත් කෙනාට මොකක් හෝ තීරණයක් ගන්න අවස්ථාවක් ආවම එයා ගන්න තීරනේ ගැන නිවැරදිව කියන්න පුලුවන් විශ්වාසයක් තියෙන්න ඕනෙ. ඒ කෙනා මෙහෙම උනොත් මෙහෙම කරයි කියන විශ්වාසය තියෙන්න ඕනෙ. ඒක තමයි අනිත් කෙනා ගැන නිවැරදි අවබෝධය කියන්නෙ. ඔයා ගැන මම මන් ගැන ඔයා දැනගන්න ඕනෙ. හැසිරීම , මොකක්හරි ප්‍රශ්ණෙකදි දක්වන ප්‍රතිචාරය , ප්‍රශ්ණෙකට මුහුන දෙන විදිහ. ඒ විතරක් නෙමෙයි දෙන්නගෙ දුර්වලතා ගැනත් හොඳ අවබෝධයක් තියෙන්න ඕනෙ. සමහර විට එක්කෙනෙට තරහ යන කෙනෙක් වෙන්න පුලුවන් තවත් කෙනෙක් දෙයක් තේරුම් ගන්න පරක්කු වෙන්න පුලුවන්, තවත් කෙනෙක් නොසැලකිලිමත් වෙන්න පුලුවන් ඔය වගේ අඩුපාඩු ගැන හොඳ අවබෝධයක් දෙන්නම අතරෙ තියාගෙන ඒ අඩුපාඩු අඩු කරගන්න උත්සහා කරන්න ඕනෙ.

*කිසිම වෙලාවක අනිත් කෙනාගෙ අඩුපාඩුවක් පිට කෙනෙක් ඉස්සරහා කියන්න එපා.

කතා කරන දෙයක් , කරන ඕනම දෙයක් දෙන්න කතා කරලා අවබෝධයෙන් යුතුව කරන්න ඕනෙ කිසිම වෙලාවක තනි මතයට වැඩ කරන එපා. ඒ වෙලාවට අනිත් කෙනා ඒ තරම් ගණන් ගන්න බවක් නොපෙන්නුවත් අභ්‍යන්තරයෙන් එයා ටිකෙන් ටික කලකිරෙනවා. ඒක බැඳිමකට ඒ තරම් හොඳ වෙන්නෙ නෑ. ඒ වගේම අවබෝධය ඇති කරගන්න පුලුවන් හොඳම ක්‍රමය තමයි දෙන්නා අතරෙ හොඳ සන්නිවේදනයක් තියාගන්න එක. හැම වෙලේම දෙන්නා අතරෙ සම්බන්ධයක් තියෙන එක.(Keep In Touch)  ඒ ගැන අපි ඊලඟ ලිපියෙන් වැඩිදුර විස්තර කරමු :)

Thursday, September 8, 2011

Posted by Unknown | File under : , ,
දෙතුන් පාරක්ම ආපු ප්‍රශ්ණ නිසා
මාව දාලා යන්න හදපු ඔයාව
මම දහසක් දේවල් කියලා
බලාපොරොත්තු දහසක් දීලා
මගෙ ලඟින්ම තියාගත්තෙ ඔයාට තියෙන අසීමිත ආදරේ නිසා

අද මන් ඔයාගෙන් ඇහුවා
පණ , ඔයාට ඇත්තටම මාව දාල යන්න ඕනෙද කියලා
මන් කොහොම ඇහුවත් එක හිතින්ම උත්තරයක් හිතේ තියන් හිටියා
ඒ "අනේ මට ඔයාව දාලා යන්න බෑ සුදූ, මන් ඔයාට ආදරෙයි" කියලා කියයි කියන එක

ඒත් අවාසනාවකට ඔයාගෙ උත්තරේ ඒක නෙමෙයි
"මාව නිදහස් කරන්න"

කොහෙන්දෝ ආපු හෙණ පාරක් මගෙ පපුව මැද්දටම වැදුනා
හීනෙකින්වත් මෙහෙම දෙයක් හිතුවෙ නෑ දෙවියනේ
මට ඔයාව නිදහස් කරන්න බෑ
ඔයා මගෙ ජීවිතෙ වැදගත් කෙනෙක් නෙමෙයි
ඔයා මගෙ ජීවිතේ වැදගත්ම කොටසක් වෙලා
මගෙ මුලු ජීවිතේම වෙලා

යනවා නම් ජීවිතේම අරන් යන්න පණ
මොකද ඔයා ගියාම ජීවිතයක් ඉතුරු වෙන එකක් නැහැ

මම ඔයාගෙම ඔයාගෙම ජීවිතේ

Tuesday, September 6, 2011

මැරෙන්නම ඕනෙ නම් මැරියන්
උඹ පොදි ගහගෙන ආපු ආදරේ බලාපොරොත්තු
එක දවසින් කුණු ගොඩට විසි කරලා දාපු
උඹේ ආදරේට බල්ලෙක් වගේ පිටුපාපු
කොන්දක් නැති එකෙක් වෙනුවෙන් නෙමෙයි

උඹට පණටත් වඩා ආදරේ කරන කෙනෙක් වෙනුවෙන්
උඹෙ ආදරේ වටිනාකම දන්න එකෙක් වෙනුවෙන්
උඹේ ආදරේ තේරෙන එකෙක් වෙනුවෙන්
අඩුම තරමෙ උඹෙ මලකඳ බදාගෙන
අඬයි කියලා හිතෙන එකෙක් වෙනුවෙන්

ප්‍රශ්ණයක් ආපු පලියට
උඹේ අම්මා තාත්ත හදලා දීපු මේ ලෝකෙ දාලා
උඹෙ යාලුවො දාලා, උඹෙ නෑදෑයො දාලා
කොන්ද පන නැති එකෙක් වගේ පැනල යන්න ලැජ්ජ නැද්ද?

ගිනි පෙල්ල පස්සෙ යන කණාමැදිරියෙක් වගේ
කාන්තාරේ මැද්දෙ පොකූණු දකින මෝඩ මුවෙක් වගේ
නොලැබෙන මිරිඟු පස්සෙ යන්නෙපා
යන එකාට යන්න දීපන්
අබ මල් රේණුවක ආදරයක් හිතේ තිබ්බ නම්
ඔහොම කවදාවත් උඹව දාලා යන්න බෑ
උඹ මැරුණම උඹව දාලා ගියපු එකා ලැබෙන්නෙ නෑ

උඹ ජීවත් වෙලා පෙන්නපන්
කිසිම දේකින් මම වැටුනෙ නෑ කියලා
කවදා හරි දවසක උඹව දාලා ගියපු එකට
පසු තැවෙන්න උඹ හොඳ තැනකට පලයන්

ආදරේ තේරුම් ගන්න බැරි කෙනෙක් වෙනුවෙන්
අමාරුවෙන් ලබාගත්තු මනුස්ස ආත්මයක් විනාස කරගන්න එක
කවදාවත් මනුස්ස ආත්මයක් නොලබන්න තරම් පවක්.



Monday, September 5, 2011

Posted by Unknown | File under :
සතියක විතර ඉඳලා තිබුන කොන්දෙ අමාරුවක් නිසා ඔන්න ඉතින් අද උදේම අම්මා කොම්පියුටරේට මූණ ඔබාගෙන දවසෙම වාඩි වෙලා ඉන්නවා කියලා බැන බැන කලුබෝවිල ඉස්පිරිතාලෙට ඇදගෙන ගියා. ගේට්ටුව ලඟට යනකොටත් මට ඇස්දෙක පියවෙන්න නිදිමතයි. බොරු කියන ඕනෙ නෑනෙ ඔය ඉතින් බේත් ගන්න කියලා මන් (රජයේ) ඉස්පිරිතාලෙකට ගියාමයි.

"බාහිර රෝගී අන්ශය" ඇතුලට යනකොටම දැක්කෙ එහෙට මෙහෙට කැරකිලා ඇඹෑරිලා ගියපු පෝලිමක්. අම්මා ගියා තුන්ඩුවක් අරන් එන්න ඕනෙ කියලා. අරගෙන ඇවිත් අම්මා පෝලිමට වෙලා හිටියා. (මට ඉතින් ඔය පෝලින් ගානෙ ඉඳලා පුරුදු නෑනෙ මෙයා අපි පොශ් මිනිස්සුනෙ) ඒකත් විශේෂ ගණයෙ පෝලිමක්. ලෙඩා රවුමට රවුමට පෝලිමෙ ගිහින් අන්තිමට එද්දි ලෙඩාගෙ රෝග ලක්ෂණ වලට "කැරකිල්ල" කියලා එකක් නිකන්ම එකතු වෙනවා.අනිත් එක ඉතින් අර සමහර තැන් වල වගේ දණිස්සට අඩියක් විතර උඩින් ගවුම ඇඳපු දැන් දිව්‍යලෝකෙන් බැහැපු අය වගේ ඉන්න නර්ස්ලා නෑනෙ ඉන්නෙ ඉතින් 50 පැනපු ආන්ටිලා තමයි. පිලිගැනීමෙ නිලධාරිනීන් කියලා දෙන්නෙක්ව දැක්කා අනේ ආසාවෙ බෑ දෙන්නම දත් තිස් දෙක එලියෙ දාගෙන (දත් ඉස්සරහට ඇවිත් කට වහගන්න බෑ) "හායි" ගෑවා. (හායි ගාලා ඇරියෙ ඈණුමක් ) අපෝ මුන් දෙන්න දැක්කම දවසම විනාසයි ඉතින්.

මෙතන ඉන්න බෑ අපෝ එක එකා කන්න වගේ මූණ දිහා බලනවා. (හෙඩ්සෙට් එකක් ගහන් හිටපු නිසා) හොස්පිට්ල් එකේ ප්‍රධාන ගොඩනැගිල්ල පැත්තට ගියා. ශා මොනා උනත් දැක්ක ගමන් අලුත් පාටට බැබලි බැබලි ඉන්නවා අපේ සෞඛ්‍යය ඇමති තුමාගෙ පොටෝ කෑල්ලක්. (ඔව් ඔව් එයා තමයි අපෙ මෛත්‍රී මාමා) අනේ අපරාදෙ කියන්න බෑ එච්චරම තමයි අලුත් පාටට තියෙන්නෙ. අනිත් ඔක්කොම මාස ගානකින් පිහිදලවත් නැද්ද මන්දා. ඔන්න එක පාරට ආවා අතුගාන්න ටිකක් වයසක පහේ මනුස්සයෙක්. පොර අතුගාන්නෙ අර එක ඇහැක් කණ හරකෙක් තණකොල කනවා වගේ.

එක පාරට "ශ්‍රී ලන්කා මාතා...." ජාතික ගීය ගියා. හරියට 8යි, ඇත්තටම මොනා උනත් අපරාදෙ කියන බෑ ගේට්ටුව ගාව ඉඳලම මිනිස්සු ඉන්න තැන් වල හිටගත්ත. සමහර රටවල ජාතික ගීයට තියෙන ගරු කිරීමත් එක්ක බැලුවම එක තප්පරේකට හරි අපේ මිනිස්සු ගැන ලොකු ආඩම්බරයක් දැනුනා.

පැත්තකින් වාඩි වෙලා පෝලිමේ ඉන්න මිනිස්සු දිහා බැලුවම හිතුනෙ අනේ මේ වෛද්‍යවරු වැඩවර්ජන කරලා සෙල්ලන් කරන්නෙ මේ අහින්සක දුප්පත් ජීවිත එක්ක නේද කියලා. දරුවා හම්බෙන්න ඉද්දිත් රජයේ නොමිලේ සායන වලට ගිහින් රජයේ රෝහලකම ඉපදිලා උපන්දා ඉඳලම රජයෙන් නොමිලෙ දෙන හැම දේම භුක්ති විඳලා රජයේ පාසලකටම ගිහින් රජයෙන් දෙන පොත් පත් නිල ඇඳුම් ප්‍රයෝජනයට අරන් ඉගෙනගෙන අන්තිමට රජයේ විශ්වවිද්‍යාලෙකින්ම උපාධියත් අරගෙන රජයේ රෝහලක දොස්තර කෙනෙක් උනාම රුපියල් 1000ක පඩි වැඩි කිරීමක් නෑ කියලා අහින්සක ලෙඩ්ඩුන්ගෙ ජීවිත අසරණ කරන එක කොයිතරම් සාධාරණද කියලා හිතලා බලන්න ඕනෙ.


Sunday, September 4, 2011

අපි කලින් ලිපියෙන් කතා කලානෙ සහකරුවෙක් සහකාරියක් තෝරගන්න අවශ්‍යය වෙන දේවල්.

ලන්කාවෙ ගොඩක් දුරට විශ්වාස කරන දෙයක් තමයි මේ කෙන්දර. අපි ඒ ගැන මේ ලිපියෙන් කතා කරමු. කේන්දරයක් කියන්නෙ මොකද්ද කියලා බලමු මුලින්. කේන්දරයක් කියන්නෙ දරුවෙක් ඉපදෙනකොට ඒ උපන් වෙලාවට අහසෙ තියෙන තරු අනුව ඒ දරුවගෙ කර්ම ශක්තිය ජෝතිෂ්‍යට අනුව විග්‍රහ කරන පත්‍රයක්. විශේෂයෙන් කියන්න ඕනෙ මේකෙ විග්‍රහා වෙන්නෙ කර්ම ශක්තිය විතරයි. කර්මය කියන්නෙ හැම දේම නෙමෙයි. (බුද්ධ දර්මයේ නියාම ධර්ම වලදි විස්තර කරනවා නියාම ධර්ම හතරෙන් එකක් විතරයි කර්ම නියාම කියන්නෙ කියන එක) මේ කේන්දරෙන් එහෙම නැත්තන් ජන්ම පත්‍රයෙන් කියවන්නෙ ඒ දරුවගෙ ජීවිත කාලය තුළ ඒ දරුවාට කර්ම ශක්තිය ජීවිතේ යම් යම් වෙනස් කම් වලදී බපලාන හැටි.

ඉතින් මොකටද ඔය කෙහෙල් මල් වෙලාව මඟුලක් කොරන්න ගියාම බලන්නෙ?
මම නම් ඕවා විශ්වාස කරන්නෙ නෑ.

ඔය වගේ කතා ගොඩක් අපිට ඇහෙනවා. ඒ අතරෙ සින්දුවකුත් ඇහුනා ලඟදි
"හතර කේන්දරේ පාලු කියලා නුඹ ලඟදී දැනුනේ නෑ මට නම් පාළු"

ඔය සින්දුවත් එක්කම අපි බලමුකො මොකද්ද මේ හතර කේන්දරේ පාලු සීන් එක කියලා

කේන්දරේ කොටු 12ක් තියෙනවා. ඒකෙන් ඔය කොටු හතරකට තමයි කියන්නෙ හතර කේන්දරේ කියලා විවාහය මිල මුදල් නිවාස පවුල් ජීවිතය වගේ ලෞකික දේවල් ගැන කියවෙන කොටු හතරෙම කවුරුත් ග්‍රහයෙක් නැත්තන් තමයි කියන්නෙ හතර කේන්දරේ පාලුයි කියලා.ඒ කියන්නෙ ඒ ලෞකික සැප විඳින්න කර්ම ශක්තිය ඉඩ දීලා නෑ. එහෙම අය මහණ වෙන්න හොඳයි කියන්නෙ අර ලෞකික පැත්තෙන් ඈත් වෙන නිසයි.

ඒ ගැන වගේම අපි බලමු ඇයි පොරොන්දම් ගලපන්නෙ කියලා
පොරොන්දම් වලින් විතරක් නෙමෙයි මුලු කේන්දරෙන්ම කියවෙන්නෙ ජීවිතේ ගත වෙන විදිහ. ඒ කෙනාගෙ ගති ගුණ. මිල මුදල් ලැබීම් පවුල් ජීවිතේ, නිවාස, ආදරය, විවාහය, දූ දරුවො වගේ හැම දෙයක්ම මේකෙන් කියවෙනවා. එතකොට අපි මේ ගලපලා බලන්නෙ මොනවද?

දෙන්නෙක් විවාහා උනාම දෙන්නටම බොහෝවිට ලැබෙන්නෙ එකම දේ (යාන වාහන මිල මුදල් දූ දරුවො වගේ හැම දෙයක්ම) ඉතින් මේ දේවල් වල සමාන කමක් තියෙන්න ඕනෙ සාර්තක ජීවිතේකට.

උදාහරණයක් : බැරි වෙලාවත් එක්කෙනෙක්ට අනිත් කෙනාට ලැබෙන දේ විඳින්න කර්මය ඉඩ දීලා නැත්තන් ඒ කෙනාව එතනින් ඉවත් කරන්න පුලුවන් (මියයන්න) නැත්තන් ඔත්පල වෙන්න පුලුවන්. කර්මයත් එක්ක තමයි හැම දෙයක්ම බැඳිලා තියෙන්නෙ. දෙන්නගෙම ලැබීම සමාන නම් කිසිම ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ.

ඒ වගේම කේන්දරෙන් ගති ගුණ ගැනත් කියවෙනවා ගති ගුණ නම් සමාන වෙන්න ඕන නෑ. ගති ගුණ වෙනස් උනාට ප්‍රශ්ණයක් නෑ. ඒත් ගැලපෙන්න ඕනෙ. (සමානයි කියන්නෙ ගැලපෙනවා කියන එක නෙමෙයි : ඇණේකට හරියන නට් එක ඇණේට පොඩ්ඩක්වත් සමාන නෑනෙ)

ඔය විදිහට බැලුවම වෙලාව / කේන්දර බලන එකේ වැදගත් කමක් තියෙනවා. ඒක අන්ධ විශ්වාසයක් නෙමෙයි. ඔයාලා විශ්වාස කරන්නෙ නෑ කියන එක නිදහසට කාරණයක් වෙන්නෙ නෑ.

"ලෝක නීතිය නොදැනීම වරදට සමාව නොවේ"

ඉතින් අන්තිම තීරණේ කියවන ඔයාලටම බාරයි. ඊලඟ ලිපියෙන් සහකාරියක් සහකාරියෙක් තෝරගන්නකොට වැදගත් වෙන තවත් දේවල් ටිකක් බලමු. 
ගොඩක් කොල්ලො කතා වෙන මාතෘකාවක් තමයි කෙල්ලො චපලයි කියන එක. ඇත්තටම කෙල්ලො චපලද? කෙල්ලො විතරක් නෙමෙයි අපි හැමෝම චපලයි.

ෆොරෙවර් කියන්නෙ ඊට වඩා හොඳ දෙයක් , කෙනෙක් හම්බ වෙනකන් කියන එක

එහෙම වෙන්න හේතුව තමයි ආදරේ කරන ගොඩක් අය 100% ආදරේ නොකිරීම. තමන් 100% ආදරේ නොදී අනිත් කෙනාගෙන් ඒ දේ බලාපොරොත්තු වෙනවා. ඒ කෙනා 100% දුන්නත් තමුන්ගෙ හිතේ වන්චාව තියෙන නිසා එයා ගැනත් එහෙමම හිතනවා. ඉතින් කවදාවත් සැනසීමක් නෑ.

සදහටම ආදරේ කරන්න අපි සහකරුවෙක් සහකාරියක් තෝරගන්නෙ කොහොමද?
මොනවා ගැනද බලන්න ඕනෙ. අපි ටිකක් ඒ ගැන බලමු.

මුලින්ම පෙනුම ගැන කතා කරමු. මේ ලෝකෙ ඉන්නවා
දැක්කම පිස්සු හැදෙන ලස්සන අය, ගොඩාක් ලස්සන අය, සිරියාවන්ත කෙල්ල / කොල්ලා කියල කියන අය , ඒ තරම් ලස්සනක් නැති අය. මේ මට්ටම් වලින් තමුන් ඉන්නෙ මොන මට්ටමේද කියලා මුලින්ම හිතලා බලන්න. තමුන්ගෙ සහකාරිය තමුන්ගෙ මට්ටම හරි ඊට ආසන්න මට්ටමක හරි නම් ගැලපීම උපරිමයි. මොකද එතකොට මූණ දෙන්න වෙන කරදර ගොඩක් අඩුයි.ඒක ආදරේ කරපු අය දනන්වා ඇති. මොකද මාල ගිරවු අල්ල ගත්තා වගේ නෙමෙයි තියාගන්න අමාරුයි.එක්කො ඉක්මනට පැනල යයි. වැඩිය හිරකරොත් අසනීප වෙයි. ඔය කරදර මුකුත් නෑ තමුන්ගෙ තරමට කෙනෙක් හොයාගත්තම.

ඊලඟට බලමු සල්ලි ගැන
සල්ලි නම් ඉතින් දෙන්නම සමාන මට්ටම් වල ඉන්න එක හොඳටම හොඳයි. මම නම් කියන්නෙ දුප්පත් කොල්ලෙක් සල්ලි කාර කෙල්ලෙක් එක්ක ගිහින් අහස පොළොව ගැට ගහන්න ට්‍රයි කරලා ජීවිත විනාස කරගෙන ජීවිත කාලෙම විඳවනවට වඩා තමුන්ට සමාන මට්ටමක පවුලක සහකරුවෙක් සහකාරියක් නම් ඉස්සරහටත් හොඳයි දැනටත් හොඳයි. දුප්පත් පෝසත් වෙනසක් කියන්නෙ සමාජ පසුබිම් දෙකක්. ඒ පන්ති දේකේ කතා බහ හැසිරීම අදහස් ඇදුම් පැළදුම් බලාපොරොත්තු උගත් බව ඔය හැම එකක් අතරෙම ලොකු පරතරයක් තියෙනවා. එතකොට දෙන්න එකතු වෙලා තීරණයක් ගන්නකොට ලොකු අමාරුවක වැටෙනවා. ඉස්සර කුළ , සමාජ පන්ති ගැන හෙව්වෙ ඔය නිසයි. ඒක අපි එක පාරටම ඉවත දාන එක වැරදියි. කිසිම දෙයක් නිකන් ඇති වෙන්නෙ නෑ හැම දේටම හේතුවක් තියෙනවා.

අපි ඊලඟ පෝස්ට් එකෙන් තව විස්තර කතා කරමු
සහකරු සහකාරිය තෝරගන්න හැටි .... 

Saturday, September 3, 2011

Posted by Unknown | File under : ,
කාලයක් හිතින් කෙල්ලෙක්ට ආදරේ කරපු කොල්ලෙක්
දවසක් ඒ කෙල්ලට ආදරේ ප්‍රකාශ කරනවා....
කෙල්ල දෙපාරක් නොහිතම කැමති නෑ කියලා කියනවා.
ඒත් කොල්ලගෙ දුකක් පේන්න නෑ.
කොල්ලගෙ යාලුවෙක් අහනවා

"මචන් මෙච්චර දෙයක් වෙලත් උඹට දුකක් නැද්ද
උබ සිරාවටම ඒ කෙල්ලට ආදරේ කලා නේද " කියලා.

කොල්ල කියනවා "ඔව් බන් මට දුකක් නෑ. සතුටුයි."

"ඒ ඇයි මචන්?"

"මට ආදරේ නොකරන කෙනෙක් මගෙ ජීවිතෙන් ඈත් උනා"
"ඒත් එයාට හදවතින්ම ආදරේ කරපු කෙනෙක් එයා නැති කරගත්තා"


Friday, September 2, 2011

Posted by Unknown | File under : ,
අම්මා පැනඩෝල් දෙක අරන් ඇවිත් බොන්න කියලා කෑගහනකල්ම මට කල්පනාවක් තිබුනෙ නෑ. වෙන්න යන්නෙ මොනාද , ඊලඟට කරන්නෙ මොනාද කියලා.

පැනඩෝල් දෙක බොන්න කියලා අම්මා ගියපු ගමන් මට කෝල් එකක් ආවා. දෙයියනේ පොඩ්ඩිගෙ අම්මගෙ නම්බර් එක. 

"හෙලෝ, අයියේ වැඩි වෙලා කතා කරන්න බෑ අම්ම සාලේ, ඔයා කියපු දේ ගැන මම හිතුවා ගොඩක් අපිට අපි නැතුව බෑ අයියේ අපි ආයෙත් එෆෙයාර් එක පටන් අරගමු ඒත් කාටවත් දැනගන්න තියන්න එපා"

"පුතා , පැනඩෝල් 2 බිවුවද...? " අම්මා කුස්සියෙ ඉඳන් කෑගහනවා

"අයියේ ඔයාට මොකද උනේ සනීප නැද්ද මට හන්ගනවද දැන්? "
"අනේ නැහැ නන්ගියෙ උණ වගේ... 
ඔය ගත්තු තීරණේ හොඳයි මාත් කැමතියි අපි කාටවත් නොකියා ඉමු."

"අයියේ අම්මා එනවා මන් තියන්නම්"

ඔලුව උඩ තිබුන ලොකූ බරක් අඩු උනා වගේ දැනුනෙ මට නම්. නන්ගි ආයෙත් මගෙ. කියාගන්න බැරි තරම් සතුටුයි. ආහ් තා පොඩ්ඩෙන් පැනඩෝල් 2 අමතක වෙනවා. ඒක තාම අතේ. 

ආයෙත් මැසේජ් එකක් " අයියේ හෙට අපි හම්බෙමු, ක්ලාස් ඇරෙන වෙලාවට"

අම්මගෙ නම්බර් එකෙන් ආපු නිසා මම රිප්ලයි කරේ නෑ. හරි හෙට ගිහින් බලමුකො.
හිතට දැනුන සැහැල්ලුව නිසාමද කොහෙද කොට්ටෙ බදාගෙන ආයෙත් නින්දට වැටුනා.

ආහ් අයියෙ , අපි යමුද? 
හරි නන්ගියො අපි යමු, දෙන්නම පොඩ්ඩිගෙ ගෙවල් පැත්තට යන පාරේ යන්න හැරුනා. වැහි පොදකුත් වැටෙනවා. පොඩ්ඩිගෙ කුඩේ අරගෙන දාගත්තා. පුන්චි එකෙක් වගේ මගෙ අතට කුඩේ දීලා තුරුල් උනා.  මගෙ අතට හොඳටම උණුහුම දැනුනා පොඩ්ඩිගෙ.

"අයියේ .. අයියේ අපෙ අම්මා"
දෙයියනේ අම්මා ඉස්සරහට එනවා, අපි දෙන්නවම අඳුරගත්තා. ඇතුලේ තද වෙලා තිබුණු තරහා මූනෙන් මට හොඳට පෙනුනා. පොඩ්ඩිගෙ අත් දෙක වෙවුලනවා. පොඩ්ඩි මගෙ අතින් තද කරලා අල්ලගත්තා. "අනෙ අයියේ අම්මා මාව මරයි"

"උඹලා දෙන්නා පන්ති යනවා කියලා 
මහ වැස්සෙ කුඩේකුත් දාගෙන හුරතල් වෙනවා නේද?
හිටපන් උඹට මම අද........"


ඇඟේ හිරිගඩු පිපෙන තරමට සීතලයි...
හැම පැත්තෙන්ම අපි දෙන්නව තෙමිලා...
කවදාවත් නොදැනුනු තරම් සමීප බවක්...
කොච්චර සීතල උනත්, 
එකම එක උණුසුම් හාදුවකින් 
ඒ සීතල අතුරුදන් වෙනවා...
වැස්සෙ තෙමිලා සීතලත් එක්ක,
හදවතට තුරුල් උනාම දැනෙන උණුහුමත් එකතු උනාම,
වචන වලින් විස්තර කරන්න බැරි හැඟීමක්...
ඇත්තමයි වචන වලින් කියන්න බෑ. 
ඒ හැඟීම විස්තර කරන්න බෑ. 

මම ඒ හැඟීම ගැන විස්තර කිරීමෙදි
තවත් එක් අසාර්තක බ්ලොග් කරුවෙක්. 
මට ඒ හැඟීම විස්තර කරගන්න බෑ. 
මට සමාවෙන්න....



Thursday, September 1, 2011

Posted by Unknown | File under :
ශිට් අදත් කලින් වැඩියිනෙ... වටේ සිරි බල බල, වැනි වැනි නුගේගොඩ හන්දිට පැත්තට යනවා.
මේ කවුද මේ, කෙල්ලෙක් මගෙ දිහා හිනා වෙලා බලාගෙන ඉන්නවා, මාත් හෙමින් හෙමින් කිට්ටු කරලා බැලුවා. ඇස්වහක් කටවහක් නෑ ශෝක් කෙලි පොඩ්ඩ. කලින් දැකලා නම් නෑ. මේ මොන හෙන ගෙඩියක්ද දන්නෙත් නෑ අනිත් පැත්ත හැරිලා දුවන්නත් හිතයි. එක්කො ගිහින්ම බලමු මොනා උනත් ගෑණු දරුවෙක්නෙ. 

අයියේ... ආහ්...
ලීෆ්ලට් එකක් අතට දුන්නා.... අපෝ ඕකටද පනාව දාගෙන හිටියෙ.
යන ගමන් පොඩ්ඩක් බැලුව මොකද්ද මේ මඟුල කියලා. ආහ් හරි වැඩේනෙ

බඳින්න ඕනෙ කොහොම කෙනෙක්ද?
මොනවා තිබුනත් ,
අරක්කු සැපයි කියලා හිතන් ඉන්න කෙනෙක් බඳින්න උනොත්
ජීවීතේම දුක තමයි
අරක්කු බොන අයගෙ මූණ ඉදිමිලා හම රැලි වැටිලා ,
වයසට වඩා මහළු පෙනුමක් එනවා අරක්කු බොන අය
සල්ලි දීලා එන්න එන්නම කැත වෙනවා - ලෝචනා (දිගන්තය)
කොහේ ගියත් අරක්කු බොන අය කරන්නෙ,
කරන්න දන්නෙ අරක්කු බොන එක විතරයි.
හරිම ඒකාකාරී ජීවිත. - අනර් කෙලී
මට නම් අරක්කු බීපු අය කතා කරනකොට එන ගඳ
ඉවසගන බැරි තරම් අප්‍රසන්නයි.
මට හිතාගන්න බෑ සමහර ගෑණු ලමයි එහෙම අය බැඳගෙන ,
ඒ ගඳ ඉවසගෙන කොහොමද එකට නිදාගන්නෙ කියලා - දිනක්ශි ප්‍රියසාද්
සමහරු ලොකු වැඩක් කියලා හිතාගෙන බිව්වට අරක්කු බොන එක මෙලෝ හැකියාවක් නැති , ඕනම දුර්වල කෙනෙකුට කරන්න පුලුවන් - අරුණි රාජපක්ෂ

හොඳ වෙලාවට මන් නම් අමධ්‍යපයිනෙ. ඒ කියන්නෙ මේ කාගෙන් හරි එක්කෙනෙක් මටත් සෙට් කොරගන්න බැරි වෙන එකක් නහැනෙව. :) හික්ස්.....ලොවෙත් නෑ.


Monday, August 29, 2011

කෑල්ලගෙ ප්‍රොෆයිල් එකෙන් එයාගෙ පොටෝ කෑලි දෙක තුනක් ඔන්න අප්ලෝඩ් කලා. තුක් නොදකින් පැයක් දෙකක් යනකොට ආවෙ නැද්ද ග්‍රීස් යක්කු ටික.

"ශා ඔයා නම් ලස්සනයි අනිත් අය නම් හරි නෑ"
(අනේ පවු.....)
"ඔයත් අනිත් අය වගේ රෙස්පට්ද අනේ"
(නෑ මේ වෙන එකක්)

අපෝ මෙහෙමත් ගෑණු පෙරේතයො. ෆේස්බුක් එකට දැන් බල්ලයි කොල්ලයි ඔක්කොම රින්ගගෙන විනාස වෙලා. සමාජ ජාලයක් උනහම කුඩු කාරයගෙ ගන්ජා කාරයගෙ බඩු කාරයගෙ (කියන්න ඕනෙම නිසයි කිවුවෙ) ඉඳන් ඔක්කොම ඕක අස්සට රින්ගනවනෙ. එක්කො ඇඟ බාගෙට වහගෙන ඉන්න පොටෝ කෑල්ලක් දාගෙන ෆේක් ප්‍රොෆයිල් එකක් හදාගෙන කොල්ලො එක්ක චැට් කොරනවා. නැත්තන් කෙල්ලො එක්ක චැට් කොරනවා. කොන්දක් තියෙනව නම් ඔය වගේ ඒවා කරන්නෙ නෑ. කමෙන්ට් එකක් දාන්න ගියහම මෙලෝ රහක් නැති කමෙන්ට් දාන්නෙ. කෙල්ලෙක්ට නම් කියවන්නත් ලැජ්ජ හිතෙනවා ඇති. (මම කියන්නෙ නෑ මම පොරක් කියලා , මගෙත් වැරදි තියෙන්න පුලුවන් )

කෙල්ලෙක් ෆේස්බුක් ඉන්නවා නම් දැන් හැටියට පොටෝ එකක් අප්ලෝඩ් කරන්න බෑ. අප්ලෝඩ් කරපු ගමන් ඔන්න එනවා "ඔයා හරි කියුට් අනේ" " ඔයාගෙ තව පොටෝ නැතෙයි?" ලොල්

ඒ අස්සෙ ටික දවසකින් ඔන්න එනවා දුක් ගැණිවිලි කියාගෙන
"මගෙ ගර්ල් දාලා ගියා, මගෙ ගර්ල් මාව මග අරිනවා"

කෙල්ලගෙ වැරදි කිය කිය පස්සෙන් එනවා.


ඊට පස්සෙ ෆෝන් නම්බර් එක ගන්න ට්‍රයි එක දෙන්නෙ
"ඔයා ඔන්ලයින් එනව නම් මේකට මිස් කෝල් එකක් දෙන්න 07‍xxxx" (CLI නැති මොබයිල් ෆෝන් නෑනෙ)
"ඔයාගෙ නම්බර් එක දෙන්නකො හලෝ මම දැන් වැඩිය එෆ් බී එන්නෙ නෑ"
 දෙන්නෙ නැත්තන් නැත්තන් ස්කයිප් සෙට් වෙන්න බලනවා.

ඊට පස්සෙ ඉතින් හම්බෙන්න පොටක් පාදගන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා.
"ඔයා ක්ලාස් යන්නෙ කොහෙද? කාගෙද? කීයටද තියෙන්නෙ?"

අනේ ඉතින් ඕකට ටිකක් මෝඩ පහේ කෙල්ලෙක් නම් ඉතින් ඔය දුක අහලා ඌව සනසලා නලවලා දොයි කරන්නත් යනවා. අන්තිමට දොයියගෙන ඇහැරිලා බලද්දි සමහර අන්ගෝපාන්ග අඩුත් වෙලා. ඒත් සමහර කෙල්ලො දනන්වා ඔය වගේ "ග්‍රීස් යක්කුන්ගෙ " කනෙන් ලස්සනට රින්ගලා යන්න.

කෙල්ලෙක් නම් ෆේස් බුක් එකට ආවම ෆේස්බුක් එකේ ඇති වෙන සම්බන්ධකම් ෆේස්බුක් එකේම සීමා කරගනන්වා නම් ගොඩක් කරදර අඩුයි. අඳුරන්නෙ නැත්තන් (ෆේස්බුකියෙන් අඳුරගත්ත අය නෙමෙයි) ෆෝන් නම්බර් දෙන්න එපා. විශේෂයෙන් ක්ලාස් ඇරෙන වෙලාවල් , ක්ලාස් යන්නෙ කොහෙද යන එන තැන් විස්තර කියන්න යන්න එපා. විශේෂයෙන් ස්කයිප් කෝල් වලදි අඳුරන්නෙ නැති අයට වෙබ් කැම් දාලා දෙන්නෙපා. ෆොටෝ දෙන්න යන්නත් එපා. ඔය කියපුවා කරාම වෙන්නෙ තමුන් මහ "මෝල් කෙල්ලෙක්" කියලා හිතන එක විතරයි. තමුන්ගෙ තත්වෙත් බාල්දු කරගෙන නිකන් බාල්දි පෙරලගන්න ඕනෙ නෑනෙ.

"පිරිමි කවදාවත් කොන්ද පණ නැති වැඩ කරන්නෙ නෑ, පිරිමියෙක් කවදාවත් ගෑණියෙක්ට කරදරයක් කරන්නෙ නෑ. එහෙම කරනව නම් ඌ පිරිමියෙක් නෙමෙයි."


Sunday, August 28, 2011

පුන්චි බොරුවක්, බැලූ බැල්මට කිසිම වැරැද්දක් වෙන්නෙ නෑ. ඒත් ඒකෙන් වෙන්න පුලුවන් විනාසය හිතාගන්නවත් බෑ. බොරුවක් කියනවා නම් එක්කො අහු නොවෙන්නම කියන්න ඕනෙ. එහෙම නැත්තන් නොකියා ඉන්න ඕනෙ. "සම්‍යප්‍රයෝග" කියලා ජාතියක් තියෙනවා. ඒක ඇත්ත ඒත් ඒක හැමෝටම පාවිච්චි කරන්න බෑ. එහෙම කරන්න හොඳත් නෑ. දෙයක් කිවුවම ඇත්ත තත්වෙ පැහැදිලි කරලා දුන්නම තේරෙන්නෙ නැති කෙනෙක්ට එහෙම එකක් කලාට කිසි වරදක් නෑ. මොකද ඒ කෙනාට ඇත්ත තත්වෙ තේරුම් කරලා දුන්නට ඒක තේරුම් ගන්න ශක්තියක් නැති නිසා. හරියට අර නන්ද කුමාරයගෙ ආශාව තුලින්ම නිර්වාණයට අරන් ගියා වගේ ( අර දිව්‍යාන්ගනාවො පෙන්නපු කතාව) ඒත් හැමෝටම එහෙම කරන එක සුදුසු නෑ. යම් දුරකට උගත් අය බණ අහන්න ආවම බුදු හාමුදුරුවො දිව්‍යාන්ගනාවො පෙන්නලා  සුරන්ගනා කතා කිවුවෙ නෑ. මොකද ඒ ගැන හරි විදිහෙන්ම කියලා දුන්නම තේරුම් ගන්න ශක්තියක් තියෙන නිසා.

ඒ වගේම බොරුවක් කියලා ඒක අහු උනාම ඒ බොරුව කියපු කෙනා ගැන තියෙන ප්‍රතිරූපයට අනිවාර්යයෙන්ම හානි වෙනවා. ඊට පස්සෙ එයා කියන දෙයක් විශ්වාස කරන්න ටිකක් මැලි වෙනවා. සැකෙන් බලන්න ගන්නවා. ගොඩක් ලඟ කෙනෙක් නම් විස්තර කරන්න බැරි තරම් දුකක් දැනෙනවා මොකද "එහෙනම් මෙයත් මාව රැවැට්ටුවා" කියන දේ හිතේ කැරකෙනකොට ඒක පුදුම දුකක්. ඒ වගේම ඊට පස්සෙ හිතන්නෙ "ආහ් මෙයා මේක බොරුවට කිවුව නම් අනිත් ඒවත් බොරු වෙන්න ඇති"  කියලා. ඔය වගේ දිගින් දිගටම බොරුව කියන කෙනා ගැන තියෙන ප්‍රතිරූපය නිකන්ම හානි වෙලා විනාශ වෙනවා.

බොරුවක් කියන්න අහන කෙනාට හොදක් වෙනවා නම්
බොරුවක් කියන්න ඇත්ත කිවුවොත් තේරුම් නොගන්න කෙනෙක්ට



ඕන එකෙක්ට ඕන මඟුලක් කරගන්න කියලා ඔන්න ඉතින් අපි සෙට් එක උදේ පාන්දරම ගෝල් පේස් යන්න සෙට් උනා. 8ට එන්න කියල කිවුවම ඉතින් මන් ගොනා වගේ හැමදාම 7:55 ට එතන. අනිත් උන් එද්දි 9වත් වෙනවා. අදත් ඒ ආනිසන්සෙමයි. කෝල් කරලා කියපි අද එන්න වෙන්නෙ නෑ බන් කියලා. මොන කරුම වෙලාවක එලියට බැස්සද මන්දා. ඕන එකෙක්ට ඕන කුදයක් ගහගන්න කියලා මන් තනියෙන් යන්න බස් එකක් ආපු ගමන් නැග්ගා. පොල්ල තියපු උන්ව මතක් කර කර ඔන්න ඉතින් ගෝල් පේස් එක ගාවින්ම බැස්සා. හත් ඉලව්වට ගහපු කලාබරේ කිවුවලු මෙන්න පොද ගහනවා.

"හිත මිතුරු සුලඟ ලඟ එන වැහි වලාවට කියන්,
අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්"
     ඔන්න සින්දු කෑල්ලකුත් මතක් උනා ඉතින්.

ඕක කිය කිය කෑම්ප් එක පැත්තටම ගියා අයින දිගේ... පිස්සු හැදිලා ආයෙ හැදෙනවා ෆිල්ම් හෝල් එක හොඳයි. යකො මුන්ට උදේ පාන්දරම ලව් සික් එකනෙ. මේ උදේ පාන්දර දත් මැදලත් නැද්ද මන්දා. සමහර උන්ගෙ දත් මැදෙනවා නිකන්ම ඔය අස්සෙ. (ඒ කොහොමද අහන්නෙපා මනුස්සයො ලැජ්ජ නැද්ද ඕවා අහන්න) මන් ඉතින් අනේ අහින්සක විදිහට බිම බලාගෙන තමයි ඔන්න ගියේ.

"අයියේ අයියේ... පොටෝ එකක් ගහල දෙන්න බැරිද?"

අවුරුදු 35 විතර පොඩක් ඇවිත් කියපි. අනේ මුගෙ [ බලධාරියා විසින් කපා හරින ලදි]
ඈ යකෝ මූ මේ 18 විතර කෙල්ලෙක් එක්ක ඇවිත් මේ 16 මාසයයි මට අයියේ කියන්නෙ.
මක් කොරන්නද ඉතින් " ආහ් කෝ දෙන්න" කියල ෆෝන් එක අරගෙන ෆොටෝ එකක් ගත්තා.

"අයියේ තව එකක්"

මූ ආයෙත් අයියා කිවුවනෙ. ෆෝන් එකෙම්ම දෙන්න හිතයි. චික් මුන් මෙන්න මට පොටෝ ගන්න කියලා [බලධාරියා විසින් කපාහරින ලදි] දානවා. මම ඉතින් හැදිච්ච කොල්ලනෙ ඇස් දෙක වහගෙන පොටෝ එක අරගෙන දුන්නා.

කෝ අප්පා මේ බවලත්තු සෙට් එක එනවා කිවුවෙ 8ට, 10 වෙනකොටත් නෑ. අප්පට සිරි මතක් කරනකොටම කෝල් එකක්.
"හෙලෝ ඇයි හලෝ ආවේ මන් කිව්වනෙ එන්න එපා කියලා. දැන් යන්න ඔයා අපෙ අම්මත් එනවා"
" ආහ් හරි හරි මන් යන්නම්"

අනේ අම්මේ... මන් ඔයාට ගොඩාක් ආදරෙයි

කෙලියා නේද ආයෙත් මාලිගාවටම.කමක් නෑ. ඒත් ශිට් එයා මට ඔහොම කතා කරලා නෑ කවදාවත්.ඒක නම් මගේ ආමාශෙටම වැදුනා. ආහ් සොරි ඒක නෙමෙයි අනිත් එක. මටත් උනේ අර වඳින්න ගිය දේවාලෙට ගොනා ඇනලා ගහෙන් වැටුන මිනිහගෙ ඔලුවෙ කඩන් වැටුනා වගේ එකක්නෙ.

වෙච්ච දේ හිතා ගන්න බෑ බලාගෙන හිටියා එතනම වාඩි වෙලා ටිකක් වෙලා. හරි මම යනවා කියලා නැගිටලා ගියා..... අප්පට සිරි මේ කොහෙද යන්නෙ මේ පැත්තෙන් ගිහින් ... වැරදි පාරෙ ගිහින් තියෙන්නෙ ආයෙත් හැරිලා පාර පැනලා බස් එකට නැග්ගා.


Posted by Unknown | File under : , ,
හොරෙන් ආදරේ කරන්න පුලුවන්ද? බෑ

පැහැදිලි කලොත්? කවදාවත් හොරෙන් ආදරේ කරන්න බෑ

ඇයි ? ඒක ඇස් වලින් , හිනාවෙන්, කතාවෙන් , කරන දෙයින් දැනෙනවා

ආදරේ හන්ගන්නම බැරිද? පුලුවන් ඇත්ත ආදරයක් නෙමෙයි නම්,
ආදරේ කරද්දි අපි ඒ ඇතුලෙ ජීවත් වෙනවා. ඒක වෙනමම ලෝකයක්. අපි කරන්නෙ අපිට ඕන දේ. අපේ ලෝකේ අපි වීරයෝ.ආදරේ වෙනුවෙන් ජීවිතේ පූජ කරන අයත් ඒ වගේ. තම තම තමන්ගෙ ලෝක වල වීරයෙක් වීර වරියක් වෙන්න කවුර්ත් ආසයි.සමහරු ආදරේ අන්ධයි කියන්නෙ ඒකයි. තමුන්ගෙ පෙම්වතා පෙම්වතිය ලඟට ආවම වටේ වෙන්නෙ මොනාද කවුද බලන් ඉන්නෙ අපි මේ කොහෙද ඉන්නෙ කියන ඔක්කොම එක මොහොතකට අමතක වෙනවා. ඒ අපේ මුලු හිතින්ම එන අවධානය අනිත් කෙනාට යොමු වෙන නිසයි. ඇස් දෙක දිහා බලාගෙන ඉන්නකොට මුලු ලෝකෙම අමතක වෙන්නෙ ඒකයි. 

විශේෂයෙන් ගෙවල් වලට නම් ආදරේ හන්ගන එක ගොඩක් අමාරුයි. මොකද අවුරුදු ගානක් උපන් දා ඉඳලම ලඟ ඉන්න අම්මට තාත්තට ඔයාගෙ පුන්චි වෙනසක් මහා ලොකුවට දැනෙනවා. ඒ අය කැමති නෑ තමුන්ගෙ ළමයා දැන් ලොකුයි කියලා හිතන්න. හැමදාමත් ඒ අයට අපි පුන්චි දරුවො. 
ආදරේදි අපි කරන ගොඩක් දේවල් හරි බොලඳයි.ඒත් කවදාවත් අපිට ඒක දැනෙන්නෙ නෑ. ඒක දැනෙන්නෙ වෙන ආදරේ කරන කෙනෙක් ඒ දේ කරනවා දැක්කමයි. ඒ වගේම ඒ බොලඳ කම ඇතුලෙ තමයි ආදරේ විඳින්න ඕනෙ. (බොලඳකම කියන්නෙ මෝඩ කම නෙමෙයි ඒක හරිටයම කිවුවොත් මත්ද්‍රව්‍යක් පාවිච්චි කලා වගේ. අපි ඒ ඇතුලෙ ඉන්නකන් අපිට ඒක පුදුම සතුටක්, වීරකමක්. ඒත් පස්සෙ හිතෙනවා මේ දේවල් කොච්චර බොලඳද කියලා)

"අපි දෙයක් හන්ගන්න හැදුවොත් ඒ දේ වඩා ඉක්මනින් එලියට පේනවා ආදරෙයි කැස්සයි හන්ගන්න බෑනෙ අනික හැන්ගි හැන්ගි වෙස් බැන්දට කවද හරි එළියෙ නටන්න එපැයි"


Friday, August 26, 2011

අනේ වාසනාවන්.
කාලෙකින් ඔන්න මලක් කඩන්න කියලා අවස්තාවක් අහම්බෙන් උදා උනා
(අපිට මලක් කඩන්න අවස්තාවක් යනු ඉතාම දුර්ලභ ගණයේ අවස්තාවකි)
ඔන්න ඉතින් දෙයියනේ කියලා ක්‍රෙඩිට් ඉවර උනාම ගිහින් රීලෝඩ් එකකුත් දාගෙනම
දිගටම මල් කඩාගෙන හිටියා.

නොදකින් බාල්දියක් ......
"අක්කේ... අයි පොඩ් ටච් එක නිකන් එකට වඩා හොඳයි නේද?"
" මන් දන්නෙ කොහොමද යනවකො යන්න"

අමාරුවෙන් ඒ ඇණේ ගලවගෙන ආයෙත් කඩන්න ගත්ත (මල් හොදේ)
"පැටියෝ.....හ්..."
මොන මඟුලක්ද ආයෙත් ....

"අක්කේ... කවුද අද සුපර් ස්ටාර් වෙන්නෙ? ඔට්ටුවක් අල්ලමුකො
තිසරද අනිත් එක්කෙනාද?"
"මන් දෙන්නවම දන්නෙ නැහැ හලෝ යනවකො යන්න"

අනේ මන්ද මොන කරුමෙකටද කියල අපි දෙයියනේ කියලා පටන් ගන්න හැම වැඩේටම අපරාදේ කියන්න බෑ මොන වැඩේ දාලා හරි මයෙ මස්සිනා පොඩ්ඩ බාල්දිය උස්සන් එනවමයි.
මක් කොරන්නද ඉතින් . හැබැයි ඉතින් කොල්ලො මට එක සතුටක් තියෙනවා.
ඔක්කොම බාල්දි දාලා වරෙන්කො මගෙ කකුල හෝදලා මුද්ද ගන්න
මන් දැන්මම හොයාගෙන තියෙන්නෙ ටොප් ඉමිටේශන් මුද්දක්.
අනේ ඉතින් ඔය මොනා කිවුවත් මන් අපෙ පොඩි මස්සිනාට ආදරෙයි.
මන් ඉතින් කිවුවා ඔන්න ඔහෙ ඔට්ටුවක් අල්ලන්න මම වෙනුවට කියලා

"මල්ලී ඔන්න ඔට්ටුව අල්ලනවා, තිසර දිනනවා"

"ආහ් හරි එහෙනම් ඔන්න රුපියල් දහයෙ චොක්ලට් එක් ඔට්ටුයි"

"අපෝ දහයෙ එක් මදි එහෙනම් 20 එකක්"

අම්මේ මෙයත් සෙල්ලන් නෑ. කොහොමත් ඉතින් මන් කවදාවත් 10 චොකලට් දෙන එකක්යැ.
දුන්නොත් 5 චිට් චැට් එකක් මිස.

ඕන් එහෙනම් මස්සිනා පොඩ්ඩ එක්ක ඔටුවකුත් ඇල්ලුවා කියමුකො. තාම ඉතින් සුපර් ඉස්ටාර් ඉවර නෑනෙ නැත්තන් දිනපු කෙනා බලන්න තිබ්බා. හැබැයි මස්සිනේ මොනවා උනත් මේ කෙහෙල් මල ම දින්නත් නැතත් උඹෙ අක්ක නම් මගෙම තමා. අක්කව ඇර ඕන එකක් ඔට්ටුවට අල්ලමු.


Posted by Unknown | File under : ,
"ඇයි රත්තරන් නන්ගියෙ මට මෙහෙම කලේ..? ඔයාට මගෙන් වැරැද්දක් උනාද?
එහෙම උනා නම් මට කියන්න මට වැරැද්දක් හදාගන්න බැරි කමක් නෑනෙ."
මගෙ ඇස් දෙකෙන් එලියට පනින්න දඟලන කඳුලු බින්දුවක් හිර කරගෙන මම කිවුවා

"එහෙම වැරැද්දක් උනේ නැහැ මගෙ අයියේ මටත් එදා කිවුවට ඔයා නැතුව ඉන්න බැහැ එක මොහොතක්වත් මන් එදා ගෙදර ගියපු වෙලේ ඉඳලා ඇඬුවා"

පුන්චි දරුවෙක් තාත්තගෙ ඇඟේ එල්ලිලා සෙල්ලම් බඩුවක් ඉල්ලනවා වගේ පොඩ්ඩි මගෙ පුවට ඔලුව තියාගෙන ඇඬුවා. කොච්චර වෙලා එහෙම හිටියද කියලා හරි හැටි මතකයක් නෑ. මගෙ පපුවටත් කඳුලු වල උනුහුම හොඳට දැනුනා.

"ඔයා මාත් එක්ක තරහද මගෙ අයියේ?"

මට ඔයත් එක්ක තරහ වෙන්න බෑ සුදු නන්ගියෙ. අපි එහෙනම් දැන් යමු නේද අම්මා මඟ බලන් ඇති බස් හෝල්ට් එකේ. අපි මීට වඩා පරිස්සමෙන් ඉමු. අපිව වෙන් කරන්න දැන් අපිටවත් බෑ පොඩ්ඩි.
"කෝ එන්න මෙහාට " කම්මුල් දෙක පුරාම තිබ්බ කඳුලු මම පිහිදලා  දාලා පුන්චි හාදුවක් දුන්නා.
"ආයෙ මේ ඇස් වල කඳුලු තියෙන්නෙ බෑ"

කොයි තරම් විශ්වාසෙන් මම එයාව සැනසුවත් ඒ විශ්වාසෙ පිටි පස්සෙ හැන්ගිච්ච පුන්චි බයක් නොතිබ්බම නෙමෙයි. ඒ මම මේ පුන්චි කෙල්ලට දෙන බලාපොරොත්තු මට ඉටු කරගන්න බැරි උනොත් කියන බයයි. පුන්චි හිත් රිදුනම හොඳ කරන්න හරිම අමාරුයි. ඒ එයාලා හිතේ හදාගන්න පුන්චි හීන මාලිගා කැඩුනම ජීවිතේම විනාස කරගන්න හදනවා.

ඔය ගැන හිත හිතම ම ගෙදරට ආවා. නිදාගන්න හැදුවත් හිතට සැනසිල්ලක් නෑ. කවදාවත් නැතුව පුවට මොකද්දෝ බරක් දැනෙනව. උන දේවල් හීනයක් වගේ මැවි මැවි පේනවා. කරන්න දෙයක් හිතාගන්න බෑ.
මම මගේ කැමත්තට නවත්තන්න එපා කිවුවා. ඒත් එයාගෙ හිතේ මාව අතාරින්නවත් උවමනාවක් තිබ්බද? මත් පිස්සු ඒ පුන්චි කෙල්ල මට පණටත් වඩා ආදරෙයි. මටම ඔලුවට ගහගන්න ගමන් කල්පනා කලා.

"නැගිටිනවා... කුම්බකරණයා වගේ මහ දවල් නිදි"
දන්නෙම නැතුව එහෙම නිනද ගිහින්
"අනේ ලමයො ඇඟත් රස්නෙයි. මොකද මේ. ඉන්න ම පැනඩෝල් එකක් අරන් එන්නම්"

පුන්චි කාලේ බත් කටක් කවන්න කොච්චර බොරු ගොඩක් කියනවද
සුරන්ගනා කතා දාස්ගානක් කියලා ඇති.
අහසෙ හීනෙකින්වත් දැකල නැති කුරුල්ලො ගැන කිය කිය
ගෝනි බිල්ලො ගැන කිය කිය,
පුන්චි පුටුවකින් ඉන්දවගෙන කොන්ඩෙ කපන හැටි.
අසනීප වෙලා ඉන්න වෙලාවට මට හොඳ වෙනකන් 
නොකා නොබී අඅඬ ඉන්න හැටි.
කවලා පොවලා උස් මහත් කරලා
උදේට ඉස්කෝලෙ යන්න කම්මැලි උනාම 
මම කියන බොරු දැන දන උනත් තාත්තට කියලා ශේප් කරලා
ගෙදර තියාගන්න හැටි.
පන්ති යන්න පරක්කු උනාම බඩගින්නෙ යයි කියලා බයට
රුවන්වැලි සෑය වගේ බෙදාගෙන ඇවිත් බලෙන් කටේ ඔබන හැටි.
රීලෝඩ් දාන්න සල්ලි ඉල්ලනකොට තාත්තට හොරෙන් පර්ස් එකෙන් අරන් දෙන හැටි
මම දන්නවා අම්මෙ අම්ම මට කොච්චර ආදරේද කියලා
මාත් අම්මට ඒ වගේම ආදරෙයි.
අද අම්මගෙ උපන් දීනේ.... මන් අම්මට මොනාද දෙන්නෙ,
අම්ම මට දීපු දේවල් වල තරමට නම් මට ජීවිත කාලෙම තෑගි දුන්නත් බැරි වෙයි.


Thursday, August 25, 2011

ශා .. ඔන්න අපේ බවලත් කස්ටිය ගෝල් පේස් යනවා කියලා ආරන්චියක් ආවා.
කල්ප ගානකින් එන දුර්ලභ ගනයේ අවස්ථාවක්නෙ (අපි වගේ සිල්වත් ප්‍රේමවන්තයින්ට)
ක්ලාස් එකට යද්දිත් හිතට මාර ෆිට් එක් තිබ්බෙ. ගියපු ගමන් ඇහුවා
"කට්ටිය ඉරිදට යනවනෙ?" "ඔව් ඔව් නැතුව"
අපි කස්ටිය* ඉතින් සාමාන්‍යෙන් මීට ටික කලටක පෙර
හැම මඟුලටම ගෝල් පේස් යන සිරිතක් විය.
දුකට යන්නේද ගෝල් පේස්ය. සතුට යන්නේද ගෝල් පේස්ය.
ගෝල් පේස් යාමට පෙර මැජෙස්ටික් සිටියට ගොඩවී
මඳ පමණින් සප්පායම් වීමද සිරිතකි. ( Coke+Pizza )
 ජීවිත කාලයටම මම මුලින්ම කෙල්ලෙක් එක්ක ගෝල් පේස් යන්නේ එන ඉරිදාය
මම ඒ ගැන දහ අතේ කල්පනා කරමින් සිටියෙමි ( යන වියදම් ගැන නෙමෙයි බන්)
"ඌයි!" බාරියාව පිටට පෑනෙන් අනින ලදි.
ආහ් ඇයි අනේ? මගෙ අතට ෆෝන් එක් දුන්නා.

ඇස් ඇම් ඇස් එකක් :  "හරි වැඩේ හලෝ අපේ අම්මත් එනවා කිවුවා ඉරිදට"

කිරි අප්පට ගෙම්බො පැනපි.ගෝල් පේස් ග්‍රීන් එකේ හදපු හීන මාලිගේ.... අනේ අපොයි.
"සලා....න්" ගාගෙන කුඩු වෙලා වැටුනා. අනේ අපි වගේ අසරණ පෙමවතුන්ට මේ වගේ කුර දේවල් වෙන්නෙ ඇයි? ඇයි මේ හෙණහුරා අපි වගේ හිඟන්නන්ගෙම පාත්තර වලට ගොඩබහින්නෙ. මව සමඟ පූස් විලාශයෙන් ඉන්න සමහර ගෑනූ දරුවන් තම පුරුෂ පාර්ශවය ලඟදී හැසිරෙන හැටි දැක්කම තමයි හිතෙන්නෙ මේ දෑස මක්කටෙයි කියලා. අනෙ අම්මපා ධාර්මික විදිහට මලක් කඩාගෙන සැනසෙන අපිටමනෙ මෙහෙම වෙන්නෙ. පන්ති කට් කොරගෙන කාමර ගානෙ ලඟින උන්ට කිසි හෙණයක් නෑ අපරාදේ කියන්න බෑ කාමරේදි කොල්ලගෙ අරවා මේවගෙ එල්ලිලා අම්ම ආවම 4ට ගනින්න බෑ වගේ අම්මගෙ අතේ එල්ලෙන්නෙ.

දැන් ඉතින් කාටවත් බැනලා වැඩකුත් නෑනෙ. ලබා උපන් හැටියටලුනෙ අර මොකද්ද එක වැනෙන්නෙ.
(ඒක නෙමෙයි බන් බබාද මොකද්ද එක)

* මගේ මිතුරන් හතර දෙනෙක් වේ උන් හතර දෙනාගේ (වෙන්ට) බිරින්දෑවරු හතර දෙනාද (පෙර කරුමයකට හෝ වාසනාවකට) හොඳම මිතුරියෝවේ

"මේක ඔයාට අරයා දෙන්න කිවුවා,
මේකට උත්තරේ ලියලා මටම දෙන්න ම ගිහින් දෙන්නම්"

මේක කියවනකන් ඉවසිල්ලක් නෑ.
"මගෙ අයියේ, මට සමාවෙන්න මම මේ කියන්න යන දේ අහලා දුක් වෙන්න එපා කලබල වෙන්නත් එපා එදා අපි බස් එකේ ආපු එක මගෙ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් දැකලා අම්මට කියලා, මට හොඳටම බැන්නා ගෙදර ආපු ගමන්, තාත්තටත් කියනවා කිවුවා. අම්මා අපෙ අයියට ඔයා ගැන විස්තර කියලා මේක නැවැත්තුවෙ නැත්තන් ඔයාට කරදරයක් කරයි එයා. අනේ අයියේ අපි මේක නවත්තමු මට බෑ ඔයාට කරදරයක් වෙන්න දීලා බලාගෙන ඉන්න. වැඩිය ලියන්න විදිහක් නෑ. මගෙ අයියට බුදු සරණයි."

මොකද්ද මේ උනෙ... බෑග් එක ඇරල කොලයක් අරන් මම රිප්ලයි එක ලියන්න ගත්තා.
"පොඩ්ඩි, ඇයි මෙහෙම කියන්නෙ , මේ වගේ දෙයක් නිසා ඔයාට මාව අමතක කරන්න පුලුවන්ද? මට මොන දේ උනත් මට කමක් නෑ මම බයේ පැනල යන කෙනෙක් නෙමෙයි. ආදරේ කලා නම් ඇයි අපිට මේ ප්‍රශ්නෙටත් එකටම මූණ දෙන්න බැරි. ඔයා දැනත් තීරණය කරලා ඉවර නම් කරන්න දෙයක් නෑ ඒත් මන් කැමති නෑ මේක නවත්තන්න.මගෙ පොඩ්ඩිට බුදු සරණයි."

ආදරේ කරනකොට ඇයි මෙච්චරටම බාල්දි වැටෙන්නෙ. ඒකත් බොක්කෙන්ම ආදරේ කරන උන්ට. අනිත් උන්ට කිසි කරදරයක් නෑ.කමක් නෑ මට මගෙ පොඩ්ඩි විශ්වාසයි. එයා මාව දාලා යන්නෙ නෑ.ලියපු ලියුම අර කවරෙටම දාලා එයාගෙ යාලුවටම දුන්නා.

මම ඊළඟට කරන්නෙ මොනාද කියලා හිතාගන්න බැරුව හිටියෙ...
මගෙ උරහිසට ඔලුව තියාගෙන මගෙ අයියේ....කියනවා
මගෙ අතේ ඇඟිලි කීපාරක් ගණන් කරලා ඇත්ද...
මට හැමදේම මැවි මැවී පේනවා  ... කම්මුල් දෙක පුරාම කඳුළු.
බස් ස්ටෑන්ඩ් එකේ පුටුවක මම ඉඳගත්තා... මුලු ලෝකෙම කැරකෙනවා වගේ



Wednesday, August 24, 2011

තාත්තා මට හැමදාමත් කිවුවා.
තාත්තා කියපු දේ ඇහුව නම් මට කවදාවත් මෙහෙම වෙන්නෙ නෑ.
මට තිබුන හැමදේම දාලයි ම ආවේ.
මගෙ ඉගෙනීම, මගේ තාත්තව....
පුන්චි කාලෙ ඉඳලම ම හීන දැක්කෙ ලෝයර් කෙනෙක් වෙන්න.
අම්මා මාව තනි කරලා මේ ලෝකෙන් ගියාට පස්සෙ,
එක එක සුරන්ගනා කතා කියලා මාව රවට්ටගත්තා.
ඔයා ලඟට එන්න කියපු ගමන් මන් දෙපාරක් නොහිතා ආවා,
ඔයාට ඉල්ලපු හැමදේම ඒ විදිහටම මම දුන්නා,
බඳිමු කිවුවම දහ අටවත් පිරිල නැතිව හිටපු මම ඒකත් ආවා.
ඒත් දැන්.... දැන් මගෙ වැරදි හොයනවා විතරයි. 
මම කෑවද බිවුවද ඉන්නවද මලාද බලන්නෙත් නෑ.
ඔයා උදේට වැඩට යනවා මහ රෑවෙලා ගෙදර එනවා.
ඔයත් එක්ක එදා මම පැනලා ආපු එක ගැන සදහටම මම පසුතැවෙයි...
එහෙම නොවුන නම් මාත් ඊලඟ අවුරුද්දෙ මගෙ යාලුවෝ වගේ,
ඒ ලෙවල් ලියනවා.... අම්මේ මාවත් ඔයා ලඟට ගන්න අම්මෙ.
මට මේ ලෝකේ එපා වෙලා.



(සමීපතම මිතුරියකගේ ජීවිත අත්දැකීමක් ඇසුරෙන්)
Posted by Unknown | File under : ,
අයියේ..බොක්ස් තියෙනවද?  නෑ සර් ඔක්කොම ෆුල්. 
මල්ලි බොක්ස් එකට ටිකට් එක් දෙන්න? බොක්ස් නෑනෙ අයියේ.
අයියේ? බොක්ස් එකේ ගාන කීයද? බොක්ස් ඉවරයි මල්ලි හවස එකට එන්න ඕනෙ නම්.
ශා.. ලන්කාවේ සිනමා කර්මාන්තය සෑහෙන්න දියුණුවක් ලබලනෙ.
මට ඉස්සරහා හිටපු කපල් සෙට් එකේම බලා පොරොත්තු බිඳිලා ගිහින් වගේ.
(මොනාද බලාපොරොත්තු කියලා අහන්නෙපා.
පොඩි ලමයි කියවනවා මේක. චික් උඹලත් මහ සදචාරෙ බින්දුවයි.)
මමත් ගිහින් 200ක් මේසේ උඩින් තියලා
"ODC" කිවුවා.
"අයියේ 300යිනෙ"
යකෝ මූ පිටිපස්සෙ බෝඩ් එකේ අමු සින්හලෙන් තියෙනවා,
ODC full - 150/= කියලා.
"එහෙනම් ඔය පිටිපස්සෙ ගහලා තියෙන්නෙ 150යි කියලා"
"ආහ් සර් එකයිද? "
නැතුව? (මූ මීට කලින් තනියෙන් ෆිල්ම් බලන උන් දැකලා නෑ වගේ)
කවුරු හරි ඉන්නවා නම් තනියම එන්නෙ නෑනෙ.
කමක් නෑ කොහොම කොහොම හරි ෆිල්ම් එක හවුස් ෆුල් (බොක්ස් විතරක්)

ODC බල්ලෙක්වත් නෑ.


(වෙන්න + නැන්දා) අම්මේ,
ඔයා අපි ආදරේ පටන් ගන්නකොටම දුවගෙ ෆෝන් එක ගත්තා, 
(නිකන්ම නෙමෙයි ඉතින් 10, 15 පාරක් මාට්ටුත් උනාට පස්සෙ), 
(බලන බලන තැන (උඩින් සරම උනාට යටින්) චීත්ත ඉන්න නිසා ), 
ඊට පස්සෙ එහෙන් මෙහෙන් මාව හොයන්න කොන්ත්‍රාත් දුන්නා , 
කෝල් දීලා ගොනාට ඇන්දුවා , 
තිරිසනෙක්ට වගේ කෙල්ලට බැන්නා, 
බැරිම තැන කෙල්ලට අල්ලගෙන තඩි බෑවා, 
අභූත චෝදනා කරලා හිත කඩන්න හැදුවා, 
හීනෙකින්වත් නොහිතපු කතා ඔයා දුවට කියලා තිබුනා, 
අම්මෙ ඔයා දන්න කාලෙ ඉඳන්ම මට දාපු තරමක් දැම්මෙම
"රජ බාල්දි"
කමක් නෑ මන් තරහා නෑ. මම අම්මට ගොඩාක් ආදරෙයි
වෙන මුකුත් නිසා නෙමෙයි
මේ වගේ හුරතල් කෙල්ලෙක්ව මේ ලෝකෙට දීපු නිසා
ඉතින් අම්මෙ , ඔයා මොන බාල්දි කොහොම දැම්මත්, 
ඔයාගෙ දුව මගේ, මගේම තමයි. 
ඒක වලක්වන්න සක්කරයගෙ පුතා වයිමටත් බෑ. උගෙ යාලුවා සයිමටත් බෑ.

ඔයාගේ ආදරණීය බෑණා


"අයියේ...අයියේ..මොකද කවුරු ගැනද කල්පනා කරන්නෙ..?"
පැයක් විතර හිටන් හිටපු මම හීන ලෝකෙක එහෙ මෙහෙ පාවෙවි හිටපු හින්දද කොහෙද ලඟට එනකන්ම දැක්කෙ නෑ. 
"ඇයි පන්ති ඇරෙන්න පරක්කු උනේ? මම හිතුවෙ 5:30ට කියලා"

"නෑ සර් කිවුවෙ 5:30 කියලා ළමයි වගහක් කෑ ගහපු නිසා 6 වෙනකන් කරනවා කිවුවා. අනේ තරහද?"
හුරතල් වෙවී එහෙම කිවුවම කොහොම තරහ වෙන්නද

"හරි හරි එහෙනම් දැන්වත් යමුද? "

කියනකොටම බස් එකක් ආවා, හොඳ වෙලාවට පිටිපස්සෙම ශීට් එක හිස්. පොඩි දරුවෙක් වගේ දුවලා ගිහින් ජනේලේ ලඟින් වාඩි උනා. ලඟින් ඉඳගත්තමත් පුන්චි දරුවෙක් වගෙ අතේ දැවටුනා. හිත පුරාම ආදරේ උතුරුලා යන හැඟීමක්. වචනෙන් විස්තර කරන්න බෑ.

මම ගොඩක්ම ආස කලේ උරහිසට ඔලුව තියාගෙන, හුරතල් වෙවී කියන කතා අහන්න.
සමහර දාට හයියෙන් මගෙ අත කොනිත්තලා "රිදුනද පැටියෝ කියලා අතගානවා"

"අයියේ .. බහින තැන ලඟයි.. ආයෙ හීන බලනවා නේද...ඔයා පිටිපස්සෙන් බහින්න
සමහර විට අම්ම ඉඳියි බස් හෝල්ට් එකේ"

මූණට ලන් වෙලා නලලට හාදුවක් දෙන ගමන් "හරි පැටියෝ" කියාගෙනම මම නැගිට්ටා. 

බස් එකෙන් බැහැලා ගෙවල් පාර දිහාවට ඇවිදගෙන ගිහින් නොපෙනී යානකන්ම බලන් ඉඳලා මාත් ගෙදර යන්න හැරුණා. 

මම ගේ ලඟට ලන් වෙද්දිම මැසේජ් එකක්
"අයියේ අපි එනවා අම්මා දැකලා. මේකට කෝල් මැසේජ් කරන්නෙපා මම යාලුවෙක් අතේ පණිවිඩයක් එවන්නම්"


Monday, August 22, 2011

Posted by Unknown | File under : ,
"රත්තරනේ..." ෆෝන් එකට ෆේස් බුකියෙන් මැසේජ් එකක්
දඩ බඩ ගාලා බ්‍රව්සරේ ඕපන් කලා
ලෝඩින්ග්.... විනාඩි 2ක් විතර ගියා
ලෝඩින්ග්..... විනාඩි 5ක් විතර ගියා ඒත් ලෝඩින්ග්
මොන මඟුලක්ද මේ ... කෙහෙල්මල
එයාර්ටෙල් එකත් වැදගත් වෙලාවටමයි කෙලින්නෙ
ස්පීඩ් එක බැලුව ... තුක් නොදකින් එයාර්ටෙල්
0.45 කේබීපීඑස්
අනෙ අම්මපා... මලේ මල
ඩොන්ගලේ පොලොවෙ ගහන්න හිතයි
ශිට්... මොන කරුමයක්ද මන්දා
ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නෙ
කාලකන්නි එයාර්ටෙල්.. මට ශෝක් වචන එනවා
කියන්න බෑ..
( කියන්න බෑ කිවුවනෙ එක පාරක්. :-/ පොඩි ලමයින්ට ඒවා ඕනෙ නෑ)

Posted by Unknown | File under :
"නැගිටින්න නැගිටින්න ළමයො අර තේ එකත් නිවෙනවා"
ඇස් දෙක වහගෙනම ඇඳ පුරාම අතගාලා ෆෝන් එක හොයාගත්තා
අපෝ තාම 7යි 10යිනෙ. 
(වෙලාව බලන්නම නෙමෙයි ෆෝන් එක හොයන්නෙ 
උදේම මැසේජ් එකක් එවල තියෙනවනෙ සමහර දාට හම්බෙන්න)
අමාරුවෙන් නැගිටලා බිමට අඩිය තියද්දිම ආව මරු අයිඩියා එකක්
වින්ඩ් චෙම් එකටත් තට්ටුවක් දාගෙනම (ඔව් එයා දීපු එක තමයි)
කුස්සියට ගියා " අම්මේ අද මට පොල්සම්බෝලයි බතුයි ඕනෙ"
"හරි හරි ඊට කලින් දත් මැගෙන මූණ හෝදලා තේ එක බොන්නකො"
මමත් ඉතින් මූණ හෝදලා තේ බීලා
තියෙන ඔක්කොම මූණෙ උලාගෙන එනකොට පැය භාගයක් විතර ගිහින්
ශාහ්.. එද්දි රුවන්වැලි සෑයට මල් පූජාවක් තියලා වගේ මේසේ උඩ
මොනා කියනවද ඉතින් විනාඩි පහෙන් මිශන් එක ඉවරයි.
තාමත් හුස්ම ගන්න ටිකක් අමාරුයි.


Posted by Unknown | File under :
දොළහා මාරත් වෙලා. නිදිමතක් නම් එන පාටක් නෑ. සිරසෙත් මොකද්දෝ මන්දා මඟුලක් යනවා. පායා එන්න හිරු සේ. මේ මහ රෑ මොන හිරුද. මටත් නිකන් ඉන්න බෑනෙ කොලෙයි පෑනයි අතට ගත්තා. එතකොටම ඔලුවට එන්නෙ ඉතින් මගේ අරයා තමයි ( අරය කියන්නෙ ඒ අරයා තමයි මොකෝ මට වෙන අරයල ඉන්න එකක්යැ)

සඳට හොරෙන් තැබුවත් එක්ටැම් ගේක
කවුළුව හැර බලන්න පුර හඳ දාට
සඳ මඩලට සඟවනු බෑ නුඹේ දෑස
අමාවකත් එළියයි ඔබ ලඟ දාට



Sunday, August 21, 2011

ලයිබ්‍රරි එකට එන්න කියලා හදිසියෙම ආපු මැසේජ් එකක් නිසා මම අතට අහු උන ඇඳුමක් දාගෙන දුවලා ගිහින් බස් එකට නැග්ගා. ඉවසිල්ලක් නෑ මට මූණ දකිනකන්. බස් එක යන්නෙත් හුරතලේට. හෙල්ලෙනවටද මන්ද. එක්කො මුගෙ කකුල කොටයි. ඇක්සලේටරේ පෑගෙන්නෙ නෑ. කොහොමහරි ලයිබ්‍රරි එකට එද්දි විනාඩි 10ක් පරක්කු වෙලා. කෙලින්ම පොත් මාරු කරන තැනට යනකොට එයා මඟ බලාගෙන ඉන්නවා. ලඟ පාත අම්මා ඉන්න බවක් පෙනුනෙ නැති නිසා මම හෙමින් ලඟට ගියා. එක පාරටම බෑග් එකෙන් ඇදලා ගත්තු කඩදාසි කෑල්ලක් මගෙ අතේ තියලා. හිනා වෙලා යන්න ගියා.
මටත් අන්දොස් වගේ. කෝකටත් ඉක්මනට පොතත් මාරු කරගෙන
අයේ ගෙදර යන්න බස් එකට නැගලා කොලේ අතට ගත්තා...........

"සිහිනය මනරම් ආදරයක හසරැල්
දුර ඈත සන්සාරයේ හමුවීමක ප්‍රතිඵලයයි
කල් යල් බලමින් උදාවුනු මොහොත සිහියට පැමිණේ
සන්සාර පුරුද්දට හිතේ ආශා පොදි බැඳ
නිවන් මඟ අහුරමින් ඔබ හා ගෙවූ
මොහොත සිහියට පැමිණේ
සඳ කිරණක රශ්මිය සේ අහස බබලවන
සැමට ජීවය ලබාදෙන සූර්ය දීප්තිය මෙන් ජීවිතයට පැමිණ
කළු අන්ධකාරයක් වැනි අමාවක සඳක් මා හට පසුව ඉතිරි කරමින්
නිශ්චල ජීවිතය චන්චල කර
සියලු සිතුම් බිඳ වැටුණු මොහොතේ
කුමට යලි ඔබ මා හමුවූවාදෝ

නමුත් දැන් සඳ නැවත පුර පසළොස්වකයි
යලි මා ඉපදී ජීවත් වනු සිතේ
ඒ බොඳවූ අතීතය අතීතයක්ම වී
යලි මා ඉදිරියට නොඑනු මැන
එය මාගේ සදා පැතුම විය"

(ස්වීට් ඒන්ජල්)

ඇහැට කඳුලක් එන්න වෙර දැරුවත් ඒ ගැන නොසිතා මම ඉදිරි අසුන මත ඔලුව තබාගතිමි..


Posted by Unknown | File under : , , ,

ආදරය මායාවක්ද? නෑ.

එහෙනම් මිරිඟුවක්ද? බොහෝවිට.

ආදරේ අවශ්‍යමද? අනිවාර්යයෙන්.

ලැබෙන්නෙ නැත්තන් ? ලබා ගන්න දැනගන්න ඕනෙ.

බලෙන්ද? පිස්සුද .. ආදරේ බලෙන් ගන්න බෑ.

ඇත්තම ආදරේ අඳුරගන්නෙ කොහොමද? කවදාවත් අදුරගන්න බෑ

ඇයි ඒ? හැමෝම එහෙමද? ඔව් හැමෝටම තියෙන්නෙ වෙනස් වෙන හිත්.

එතකොට ඔයා ආදරේ කරන්නෙ නැද්ද? හදවතින්ම කරනවා.

එහෙනම් කලින් කිව්වෙ? ඔව් ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙ නෑන.

ආදරේ වෙනුවෙන් ජීවිතය පුදන්න උනොත්? කරනවා. සුදුසු කෙනෙක් නම් විතරක්.

පාසල් කාලෙ ආදරේ කරන එක?
ඇහි පිහාටු ඇලවිලා වගෙ.. මම ඇස් දෙක අමාරුවෙන් ඇරගෙන වට පිට බැලුවා..
මට හිතා ගන්නත් බෑ.. ලබාගන්න මම පෙරුම් පුරපු ඇස් දෙක මගෙ මූණට ලන් කරගෙන...
මාව උකුලෙ තියාගෙන... මට එයාගෙ හදේ ගැස්මත් දැනුනා....
කවදාවත් නැති තරමට අපි ලන් වෙලා...
එක අතකින් මගෙ ඔලුව අතගාන ගමන් අනිත් අතින්...
මාව තුරුල් කරගෙන පපුවට....
සීරුවෙන් පහත් වෙලා මගෙ නලලට හාදුවක් දෙනකොට..
ඇඟ පුරාම විදුලි සැරයක් ගියා වගේ....
ටික වෙලාවකින් මගෙ පපුව උඩ ඔලුව තියාගෙන... මගෙ මූණ අතගානවා දැනුනා..
මට තාමත් උන දේ හිතාගන්න අමාරුයි... ඇයි මට මෙහෙම උනේ...
පරණ දේවල් එකින් එක මට මැවිලා පෙනුනා...

එක පාරටම.... මගෙ මුහුණ අතගාන එක නැවතුනා....
ටික වෙලාවකින් මම දැක්කෙ මාව බදාගෙන අඩන මගෙ රත්තරන්..
මාව තුරුල් කරගෙන අඩනවා...



Saturday, August 20, 2011

ඇස් දෙක පියවෙනවා.... ඒ උනාට උදේම ඉස්කෝලේ යන නිසා
කරදරයක් නැතුව යන්න්න පුලුවන්...ආහ්.. Sweet Angel..!!!
කවුද බොලේ ඇලිස් කිවුවලු...මම ඩිම් වෙලා ඇහැරුනා
මොන කුණු හරුපයක්ද මේ...
 ස්වීට් ඒන්ජල් කියන්නෙ 
මම මගෙ කෑල්ලට ( පවුල, වස්තුව, රත්තරන්, මැණික.. යනාදී නම්වලින් හැඳින්වේ)
දාපු නමනෙ... මේ ටිකට මොකෙක්හරි කැලෑ පත්තරයක්වත් ගහලද

"අයියේ.. මෙන්න අලුත් සින්දුවක්.." මල්ලි කාරයා කෑ ගැහුවා
මම දොර රෙද්දත් අයින් කොරගෙන ගිහින් බලනකොට අලුත් සින්දුවක්
ශා මරු වරදක්ම නෑ.... හුටා හෙණම ගහපන් "ස්වීට් ඒන්ජල් චිත්‍රපටියෙන්..."
ටියුබ් ලයිට් එක ගැස්සිලා පත්තු උනා

පුස්ථකාලය : පාඩම් කරමින් : එහා පැත්තෙ එකා මට ඇඟිල්ලෙන් අනිමින්
"මේහ් උඹ දැක්කද මචන් අර අලුත් ෆිල්ම් එක? 
අර ස්වීට් ඒන්ජල් බන්.. අඩෝ ඒක 18+ ලු බන්.."
හත් ඉලව්වට ගහපු කලාබරේ කිවුවලු
(මේ අවස්ථාවේ මුගෙ හොම්බට හැටක් ඇනීමට සිතුනත්.. ඔහුගේ උත්තුන්ග දේහ දාරී ශරීරය නිසා මගේ සෞඛ්‍යය ගැන සිතා අමාරුවෙන් ඉවසා ගතිමි)

මුන්ට හෙණ 7‍ ගුණාකාරෙම ගහලත් මදිනෙ.. මගෙ කෑල්ලට දාපු නම හොරකම් කොරා මදිවට
ඒක දාලා බයිස්කෝපුත් ගහලා.. ඒකත් වැඩිහිටියන්ට... 





නිරුදක කතරක
තනිවුනු නිමේශයක 
ගලා ආ පැතුම් 
එකිනෙක මැවි මැවී පෙනේ
මා දුටු ක්ෂේම භූමියද මිරිඟුවක්ම විය 
යා යුත්තේ කොයිබටද
මරු කතරේ තනිවීමී
අධික පිපාසයට දිය බිඳක්වත් දෙන්නට
කිසිවකු එනු නොපෙනේ
මියදෙන්නෙමි ඔබේ නමින්
මේ මහ පාළු කතරේ


Posted by Unknown | File under : , ,
පොරක් වෙන්න දුමක් දාන උඹට,
කෙල්ලො උඹ දිහා බලන්නෙ , උඹත් එක්ක හිනාවෙන්නෙ
උඹට කින්ඩියට...
උඹේ කටේ තියෙන එකෙන් කෙල්ලොන්ට 
උඹෙ ඇතුලෙ තියෙන එක ගැන අනුමාන කරන්න තියන්න එපා.
ඔලුවක් තියෙන මිනිහෙක්ට උඹ තවත් මෝඩයෙක් විතරයි.
පොරක් වෙන්න දඟලන උඹ දැනටත් ජෝකර් කෙනෙක් වෙලා.
උඹෙ කටේ තියෙන එක වගේම  
දවසක උඹත් අළු වෙලා යනවා.
උඹ ඉස්පිරිතාලෙ ගිහින් ලගිනකොට
ඒකට යන්නෙත් අපේ අහින්සක සල්ලි.
උඹට උඹෙ ජීවිතේ ගැන වටිනා කමක් නැත්තන්
අඩුම ගානෙ උඹෙ අම්මයි තාත්තයි එදා
උඹව හදන්න උන මහන්සියටවත් වටිනා කමක් දීපන්.


ඩ්‍ර්ර් ඩ්ර්ර්.. ඩ්‍ර්ර් ඩ්‍ර්ර්
අමාරුවෙන් ඇස් දෙක ඇරලා ෆෝන් එක දිහා බැලුවා
"ක්ලාස් ඉවර වෙන වෙලාවට එන්න. රිප්ලයි කරන්න එපා"
ශා.. උදේ පාන්දර පට්ට ආරන්චිය. මම කුරුල්ලා වගේ ඇඳෙන් බැහැලා
දත් මදිනකොට, නානකොට.......
හැම වෙලේම කාලෙකට පස්සෙ හම්බෙන එක ගැන කල්පනා කර කර හිටියෙ
උලන්න තියෙන ඔක්කොම ක්‍රීම් උලාගෙන
ලස්සනට රැව්ලත් බාගෙන.. වෙලාව එනකන්
ඔරලෝසුව දිහා කට ඇරගෙන බලන් හිටියා.
ඉවසිල්ලක් නෑ මට, මේ වෙලාවත් ඕන වෙලාවට ඉක්මනට යන්නෙ නෑ
වැඩක් කරන වෙලාවට නම් පියාඹලා යන්නෙ
නිදිමතකුත් ආයෙ එනවා වගේ..... ආහ්

ඩ්‍ර්ර් ඩ්‍ර්ර් ඩ්‍ර්ර් ඩ්‍ර්ර්
දඩාන්... අප්පට සිරි ෆෝන් එක බිම

කොහෙද හදිස්සියට අර මොකද්ද එකෙත් අත දාගන්න බෑලුනෙ
හුටා "මම ක්ලාස් එන්නෙ නෑ, විස්තරේ පස්සෙ කියන්නම්. ඩොන්ට් රිප්ලයි"
නකල්ස් වගේ උසට ගියපු බලාපොරොත්තු ටික
හරියට ඇස්ට්‍රා මාජරින් එකක් වගේ දිය වෙලා ගියා
ශිට්... (කොට්ටෙ බදාගෙන ඇඳේ)


මම ඔරලෝසුව දිහා බැලුවා, 01:10 කියලා තියෙනවා,
මේ මගුලෙ වෙලාව වැරදිලාවත්ද නිදිමතක් පේන තෙක්මානෙක නෑ. අනිත් ඔරලෝසුවෙන්වත්
වෙලාව බලාගන්න කියලා හිතාගෙන නැගිටිනකොටම ටින් ටින් ටින් ටොන් ගාලා
එයා (ඔව් එයා තමයි) ඇනිවසරි එකට දීපු වින්ඩ් චෙම් එකේ ඔලුව වැදුනා. ඒ පාරට නිකන්
ඇල්කීන දෙකක් තුනක් බිම වැටුනා වගේ.නිදි මතත් නෑ බඩගිනිත් නෑ පාඩම් කරන්න
 හිතෙන්නෙත් නෑ මොනා වෙලාද මන්දා මට.... අමු කැවිලාවත්ද? එහෙම වෙන්නත් බෑ
විශේෂයෙන් අමුවෙන් කියලා දෙයක්  කැවුනෙත් නෑනෙ. ශිට් රීලෝඩ් කරපු 45ත් ඉවරයි
තව ටිකකින් අන්තර්ජන්ජාලෙටත්

Friday, August 19, 2011


එකම එක මාවතක
දුක් ගැහැට .. කටු රොදවල් මැදින්..
අපි පියනගන්නෙමු
නිවහනක් හොයාගෙන

ඔබෙත් මගෙත් සෙවනැලි
එකිනෙක පැටලී තිබෙන තුරා
මගේ හුස්ම රැදෙනු ඇත....

ඔබ .. මා...
බැදී ඇත නොනිමි පෙමකින්,
බිදිය නොහැකි ලෙසින්,
සිතින් සිතට... නෙතින් නෙතට...

ඔබත් මාත් සොයා යන ඒ නිවහන
එකම නිවහනක් වේවා..!!!

ඒ මගේ පරම පැතුමයි...


Posted by Unknown | File under : ,

අද නම් කොහොමහරි හම්බවෙනවාමයි
යාලුවොන්ටත් බොරු තොගයක් කියලා අමාරුවෙන් ලිස්සලා කලින් පැනගත්තා
කොහොමහරි පැයක් විතර කලින් බස් එකකට නැගත්තා
"ටකාස්" ගාලා සද්දයක් ආවා එතකොටයි ඇස් දෙක ඇරුනෙ
මල කෙලියි ෆෝන් එක වැටිලා
ඒකත් අහුලගෙන කෑලි ටික සෙට් කරද්දි නුගේගොඩ හන්දියත් ඇවිත්
අද නම් වෙලාවත් කලින් ආපු නිසා හොදයි.. ශේප් එකේ අයිනක් අල්ලන් බලන් හිටියා
ම්ම්ම් අම්මෝ ඔන්න අද නම් එනව...
ඇවිත් මීටර් 2ක් විතර ඈතින් හිටගත්තා
අප්පට සිරි මේ මොන හෙනහුරෙක්ද මේ කොහෙන්ද ආපු කෙල්ලෙක් කතාවට සෙට් උනා
Posted by Unknown | File under : ,

මම සාන්කාවෙන් වගේ හිටියෙ....
එයා එනවා කිවුවෙ හයහමාරට ආහ් ඒත් තාම පහමාරයිනෙ
බස් එක ඉක්මනට ආවා වැඩිද මන්දා
නිකමට වගේ බස් එකෙන් බහින ගමන් ජනේලෙන් ඔලුව දැම්ම
නයි කයිද රෝස් පාන් කිවුවලු......
මෙන්න හයහමාරට එනවා කිවුව කෙනා බස් හෝල්ට් එකේ.....
මම දඩබඩ ගාල බස් එකේ හිටිය උන්වත් පෙරලගෙන බැස්සා බිමට
බස් හෝල්ට් එකේ මොකෙක්වත් නෑ
මම හොල්මනක්වත් දැක්කද....
Posted by Unknown | File under :

මොන තරම් බාධක ආවත් කාටවත් අපිව වෙන් කරන්න බෑ
ඒත් මේ ලෝකේ හැමෝම අපිට එකතු වෙන්න දෙන්නෙම නැත්තම්....
අපි වෙන් වෙමු...

පරාජිත ආදරවන්තයින් විදිහට නෙමෙයි
එකට වෙලුනු සීතල සිරුරු දෙකක් දෙකක් විදිහට


Posted by Unknown | File under :

වැයවුනා වීනාවේ ආදර ගීතයක්
ඔබේ හදවතේ රිද්මයට, මගේ හදවතේ රිද්මයට
හදිසියේ ගීතයේ ස්වර පැටලුනි
වීනාවේ තත් එකිනෙක බිඳී යයි
වෙනස් වූයේ කා හදේ රිද්මයද? 
ශෝ ගීයක්වත් වයන්නට හැදුවත් මම
කෙසේ වයම්ද තත් පවා ගුලිවෙලා හඬන විට


Posted by Unknown | File under :

එන්න මගේ ලඟට මගෙ තුරුලට
ඔය ඇස් දෙකේ පුරවගෙන ඉන්න කඳුලු මම පිහිදාන්නම්
ඉස්සර හිටිය වගේම හිනාව පුරවගත්තු
හුරතල් මූන දකින්න මම ගොඩක් ආසයි
මට ඔයා නැතුව ජීවිතයක් නෑ
ඒක නිකන්ම නිකන් වචනයක් විතරක් නෙමෙයි
මට තේරෙන්නෙ නැහැ 
කොහොමද මම ඔයගෙන් තොර ජීවිතයක් ගැන හිතන්නෙ
මගේ හුස්ම නැතුව මම ජීවත් උනත්
ඔයා නැතුව මම එක තප්පරයක්වත් ජීවත් වෙන එකක් නැහැ
මේ ජීවිතේ මම වැඩියෙන්ම විශ්වාස කරන්නෙ ඔයාව
මට විශ්වාසයි කවුරු මොනව කිවුවත්
කවුරු අපි අතරට එන්න හැදුවත් 
ඔයා ඒ හැම දෙයක්ම බිඳගෙන මගේ ලඟට එනව කියලා
මට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් වෙච්ච ඔයා
හැමදාමත් මගෙ ලඟින්ම ඉන්න
කවදාවත් මගෙ ඇස් මායිමෙන් එහාට යන්න එපා
මොකද මම මේ හැමදේම දකින්නෙ ඔයාගේ ඇස් දෙකෙන්
හැමදාම රෑට කොච්චර ලස්සනට හඳ පෑයුවත්
මම ඒ හඳේ ලස්සන දැක්කෙ ඔයාගේ මූනෙන්
අනේ දැන්වත් ඔය ඇස් දෙක ඇරල මගෙ දිහා බලන්න වස්තුවේ
ඔය සීතල අත් දෙකෙන් මට තාමත් ආදරේ උනුහුම දැනෙනවා දෙවියනේ 

ආදරේ උනුහුම II

අපි හදපු සිහින මාලිගා
අපේ හිතේ තිබුනු අහින්සක බලාපොරොත්තු
ඔයයි මමයි විතරක් ඉන්න හීන
ඒ හැමදයක්ම එකම එක සුළි සුලඟකින් ගහගෙන ගිහින්ද
ඉස්සර වගේ පුන්චි අතින් අල්ලගෙන
එකම පාරක ඇවිදගෙන යන්නෙ කවදද
මේ ලෝකේ හීන හැබෑ වෙන්නෙම නැද්ද
හෑම හීනයක්ම මගේ තුරුලෙදිම බිඳිල ගිහින්
මම කොහොම හිත හදාගන්නද
ඒත් එක දෙයක් කවදාවත් අමතක වෙනෙ නැහැ
ඒ ඔයගේ අන්තිම හුස්ම පොදත් පිට වෙලා ගියේ
මගේ තුරුලෙ කියන එක


Posted by Unknown | File under : ,


මට ශක්තියක් උන ඔයාට
මට ජීවිතේ දුන්න ඔයාට
මට අරමුණක් දුන්න ඔයාට
මට අලුත් බලාපොරොත්තුවක් උන ඔයාට
මට අලුත් පාරක් පෙන්නපු ඔයාට
මගේ ජීවිතේ එලිය කරපු ඔයාට
මම හැමදාමත් ණයගැතියි
මමත් හැමදාකම ඔයාට ශක්තියක් වෙන්නම්
ඔයාගේ ජීවිතේට හයියක් වෙන්නම්
වැටෙනකොට නැගිට්ටවන්නම්
ජීවිත ගමනේ පරිස්සමෙන් එක්කන් යන්නම්
ආදරෙන් විතරක් නෙමෙයි... සෙනෙහසින්